මහජන මුදලින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් තැනීමට ගොස් ජනතා විරෝධය නිසා ඒය නවතා දැමූ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමති බන්දුල ගුණවර්ධන,

හම්බන්තොට විශ්වවිද්‍යාලයක් ආරම්භකරන බව පවසයි.

පොදුජන පෙරමුණෙහි ප්‍රාදේශීය නියෝජිතයන් දැනුම්වත් කිරීමේ හමුවකදී ඔහු මෙසේ පවසා සිටියේ, ඊයේ (ජුනි 07) තංගල්ලේදීය.

“කොළඹ දිස්ත්‍රීක්කයේ විශ්ව විද්‍යාල හැටහුටහමාරක් තිබෙනවා. හම්බන්තොටට විශ්ව විද්‍යාලයක් නැහැ. මම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මෙම වර්ෂය නිම වෙන්න පෙර හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. හම්බන්තොට දැනුම් කේන්ද්‍රයක් බවට පත් කරනවා” යැයි ඔහු එහිදී කියා සිටියේය.

හෝමාගම රජයේ ඉඩමකින් අක්කර 26ක් සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අළුභාවිත කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියකට ජනතාවගේ මුදලින් රුපියල් බිලියන 50ක් වෙන්කරන්නට තැත්කළ බන්දුල ගුණවර්ධන, ජනාධිපතිගෙන් හා අගමැතිවරයාගෙන් දොස් ඇසූ බවද දැනගන්නට ඇත. 

රාජපක්ෂවරුන් ගෙන් ලකුණු දමාගැනීම සඳහා :

මේ අවමානයෙන් ගැලවෙන්නටත් රාජපක්ෂවරුන්ගෙන් ලකුණු දාගන්නටත් දරන උත්සාහයක් ලෙස ඔහු, 2020 වර්ෂය ගෙවීයාමට පෙර හම්බන්තොට විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන බව ප්‍රකාශ කර ඇත. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 5ක් මේ වෙනකොට වෙන් කරගෙන තිබෙන බවද ඔහු ඊයේ පැවති රැස්වීමේ දී පවසා ඇත. 

හම්බන්තොට ජනතාවගේ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශ්විද්‍යාලයක් ලබාදීම මීට පෙරාතුව සිදුකළ යුතු කාර්යයකි. ඒහෙත්, මැතිවරණ පොරොන්දුවක් ලෙස ඒය පැවසීමත්, හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අදහස පරාජය වූ පසුව ඒය ප්‍රකාශ කිරිමත් නිසා බන්දුල ඇමතිවරයාගේ ප්‍රකාශය කූට අරමුණකින් යුතුව සිදුකර ඇතැයි සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.


(මූලාශ්‍රය - lankaviews.com)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්