මෙවර යල් කන්නයේ වී, ලොකු ලුණු හා එලවලු බෝග ඇතුළු වගාවන් සදහා නිසි කලට යෙදීමට අවශ්‍ය පොහොර තොග නොමැතිවීමෙන් වගාවන් විනාශවී යාමේ අනතුරකට ලක්ව ඇති බව ගොවීහු පවසති.

එම තත්වය යටතේ පොහොර හිඟයට විසදුම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකරමින් දඹුල්ල නගර මධ්‍යයේ අද (08) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණ. ඒ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසිනි.

“බොරු කතා එපා… ගොවිතැන අනතුරේ… පොහොර හිඟයට වහා විසදුම් ලබාදෙනු…”, “මැති ඇමතීන් සැප විඳිනවා… කෘෂිකර්මයට වින කරනවා…” යන සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා කරුවන් මෙම විරෝධතාවයට එක්ව සිටියේය.

රටේ පොහොර හිඟයක් නොමැති බව රජය ප්‍රකාශ කළත්, සත්‍ය වශයෙන්ම විවෘත වෙළඳපොළ හෝ ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි ගොවීන්ට මිලදී ගැනීමට සුදුසු පොහොර තොගයන්හි හිඟයක් පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති, නාමල් කරුණාරත්න මෙහිදී පැවසිය. 

මෙය සහල් මාෆියාව මෙන් පොහොර මාෆියාවක් බව අවධාරණය කළ නාමල් කරුණාරත්න, ඊට අදාල ක්‍රියාමර්ග ගැනීම ආණ්ඩුවේ වගකිමක බැවින් ඒ සදහා වහාම මැදිහත්වී පොහොර හිගය මඟ හරවා ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට දායකවී සිටින ගොවියා ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

මෙලෙසම විරෝධතාවයක් අද අම්පාර නගරයේදීද පැවති අතර ඒ සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික කමිටු සාමාජික වසන්ත පියතිස්ස ද එක්වී සිටියේය.

එම විරෝධතාවයද සංවිධානය කර තිබුනේ සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසිනි.

Pohora image2020.08.08

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්