ජීවිත ආරක්ෂාව සඳහා රටින් පලා ගොස් මේ වන බ්‍රිතාන්‍ය පදිංචිව සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හා 'රොයිටර්' ජායාරුප ශිල්පී අනුරුද්ධ ලොකුහපුආරච්චි
අලුත් වැඩකට අතගසා ඇත. ඒ, සුළඟේ දිසාව winddirectionlanka.com නමින් නිර්මාණාත්මක පුවත් වෙබ් අඩවියක් ආරම්භ කරමිනි.
''වෙබ් අවකාශය තුල “සුළඟේ දිසාව” පෙනී සිටිනුයේ ජෝර්ජ් ලොයිඩ් වැනි පයට පෑගෙන මිනිසුන් වෙනුවෙන් වන අතර මානව හිතවාදයට දේශ සීමා නැතිවාක් මෙන්ම ආගම හෝ ජාතියද සීමාවක් නොවේ.'' යයි සුළඟේ දිසාව” කණ්ඩායම පවසයි.
සුළඟේ දිසාව” කණ්ඩායම සිය වෙබ් අඩවිය සම්බන්ධයෙන් මෙවැනි සටහනක් පළකර ඇත.
''අද අප ප්රවිශ්ඨව සිටින්නේ සංනිවේදනය විසින් ලෝකය එක මිටකට ගත් අවධියකටය. රටින් රටට පාලකයාගෙන් පාලකයාට ජන සංනිවේදනයේ මුඛ්‍යාර්ථය තමන්ට ගැලපෙන පරිදි අර්ථ දැක්වූවත් අපට එක කරුණක් පැහැදිලිය. එනම් ජනසංනිවේදණය විසින් සමාජයට කරනු ලබන බලපෑම කිසිවෙකුට ප්‍රතික්ෂේප නොකළ හැකි බවයි.
ඇමරිකාවේ සිට ලංකාව දක්වා පාලකයන් ජන සංනිවේදණයේ දිග පලල තමන්ගේ අභිප්ප්රායේ සීමාව තුල තබා ගැනීමට උත්සාහ කරණු ලබන්නේ එහෙයිනි.
දේශීයවත් විදේශීයවත් භූගෝලීය සීමාන්ගෙන් තොරව සිදුවීම් වන සිදුවීම් දෙස අපගේ දෘෂඨි කෝණයෙන් මෙහි ඉදිරිපත් කරන තොරතුරු නැණ නුවනින් යුතුව ග්‍රහණය කර ගැනීමට ඔබට ඇති හැකියාව පිළිබඳ අප විශ්වාසය තබමු.
සදාචාර සම්පන්න නිවහල් සමාජයක අපගේ දරුවන් ජීවත් වීමේ සිහින දකින ඔබත් අපත් ජන සංනිවේදනයට එහිදී ඇති කල හැකි බලපෑම හොඳින් හඳුනන්නෙමු. අර්බුදයට ගිය සම්ප්‍රදායික ජනමාධ්‍ය කලාවේ සිට අන්තර්ජාල මාධ්‍ය කලාවට ප්රවිශ්ඨ වූ ඔබ ඉදිරියේ ඇති අසීමිත තෝරා ගැනීම් අතර අප වෙත මෙසේ එබී බැලීම අගය කරමු.
ඔබගේ ක්‍රියාකාරී සහය මෙය පවත්වාගෙන යාමට අපට අත්‍යවශ්‍ය සධකයකි. වචනයකින් හෝ ඔබ දක්වන ප්‍රථිචාරය වඩාත් විශ්වසනීය පැවැත්මකට අපට අවශ්‍ය ධෛර්ය ලබා දෙයි. ඔබ දන්නා තොරතුරක් පොදු ජනතාව දැනගත යුතු යයි ඔබ වීශ්වාස කරයි නම් එය නම් තහවුරු කර ගැනීමෙන් පසු මෙහි පල කරන්නට අප සූදානම්ය.''
(සුළඟේ දිසාව” කණ්ඩායම)
සුළඟේ දිසාවට theleader.lk උණුසුම් සුබ පැතුම් ....