පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින්, මිනිස් වර්ගවාදයට එරෙහිව කොළඹ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල ඊයේ (09)

සිදුකරන ලද උද්ඝෝෂණයට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් සිය නිල ආරක්ෂක අංශ යොදා සිදු කරන ලද අමානුෂික පහරදීමත්, උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමත් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

''වර්ගවාදීන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහර පිළිකුලෙන් හෙළා දකිමු!'' යන ශීර්ෂයෙන් යුතුව ඔහු විසින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.

අර්බුදය හමුවේ මර්ධනය සිය එකම ආයුධය කරගත් වර්ගවාදී ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී සහජීවනය අගයන සියලු පුරවැසියන් මේ රටේ අනාගතය වෙනුවෙන් එක්විය යුතු මොහොත ආණ්ඩුව විසින් ම නිර්මාණය කර දෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් එක්සත්ව පෙළගැසිය යුතු බවත් මංගල සමරවීර සිය නිවේදනය මගින් අවධාරණය කර ඇත.

මේ මොහොතේ ඇමෙරිකා එක්සත් ජනපද පොලිසිය විසින් ඉතා අමානුෂික වද දීම හරහා පසුගියදා ජෝර්ජ් ෆ්ලොයිඩ් මරා දැමීම හේතුකොට ගෙන ලොව පුරා වර්ගවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අගයන මිනිසුන්ගේ සාමාකාමී උද්ඝෝෂණ සිදුවෙමින් පවතින බව පෙන්වා දෙන මංගල සමරවීර, එසේම වර්ගවාදය පෝෂණය කරන හෝ මිනිස් වර්ගයාගේ සහජීවනය අගය නොකරන මිනිස් ප්‍රතිරූප එවැනි ප්‍රජාතාන්ත්‍රීක මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මර්දනය කිරීමට කටයුතු කරමින් ද සිටින බව කියා සිටියි.

''ඊයේ දිනයේ මේ ආණ්ඩුව විසින් සිදුකරනු ලැබුවේ ද පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන්ට පහරදීමක් පමණක් නොව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දරුණු පහර දීමකි. එසේම සෑමවිටම වර්ගවාදය ආරක්ෂා කරන්න තමන් කැපවී සිටින බව තහවුරු කිරීමකි. එය මේ ආණ්ඩුවේ උපන්ගෙයි ගතිලක්ෂණයක් බව පැහැදිලිය.''

ඊයේ දිනයේ මේ ආණ්ඩුව විසින් සිදුකරනු ලැබුවේ ද පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන්ට පහරදීමක් පමණක් නොව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දරුණු පහර දීමක් බවත්,  එසේම සෑමවිටම වර්ගවාදය ආරක්ෂා කරන්න තමන් කැපවී සිටින බව තහවුරු කිරීමක් බවත්, එය මේ ආණ්ඩුවේ උපන්ගෙයි ගතිලක්ෂණයක් බවත් මංගල සමරවීර කියා සිටියි.

එම නිවේදනයේ ඔහු මෙසේද සඳහන් කර තිබේ.

 

රටේ නීතිය විහිළුවක් බවට පත්කරලා !

පසුගිය කාලය පුරා මේ රටේ නීතිය නැමීමක් පිළිබඳ මතවාදයක් සිය ප්‍රචාරණ ව්‍යපෘතියක් ලෙස භාවිත කළ රාජපක්ෂවරු බලයට පැමිණි පසු මේ රටේ නීතිය විහිළුවක් බවට පත්කර ඇත. රාජපක්ෂවරුන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් පමණක් නීතිය යොදාගනිමින් සිටී. එය කොවිඩ් 19 වෛරසයට මුවා වෙමින් නීතිය භාවිත කළ ආකාරය විමසා බැලීමෙන් පමණක් වුව පැහැදිලි කරගත හැක.

එක් වරෙක ‘මරණය‘ පවුලේ කිසිවකුට සිය ඥාතියාගේ දේහය බලන්නවත් අවසර නොදුන් ආණ්ඩුව තවත් විටෙක ‘මරණය‘ උත්වශ්‍රීයෙන් රට පුරා ප්‍රදර්ශනය කරමින් නිර්ලජ්ජිත ලෙස මනාපකරණය කළ අයුරුද කියා පාන්නේ අද නීතිය ඇත්තේ, රාජපක්ෂවරුන්ගේ සාක්කුවේ බවය. එය මේ රටේ සියලු පුරවැසියන් ඉතා හොඳන් දනී.  

කෙසේ වෙතත් කුමන තත්ත්වයක් යටතේ වුවද රටේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් කප්පාදු කිරීමට මේ ආණ්ඩුවට ඉඩදිය යුතු නැත. වර්ගවාදයට එරෙහි වීම වගේම සාධාරණ හා සාමකාමී විරෝධතාවන් පැවැත්වීම ද  පුරවැසි අයිතියක් බව මේ ආණ්ඩුවට නැවත නැවත පැහැදිලි කරදිය යුතු නැත.''

 

මංගලගේ ට්විටර් පණිවිඩය :

ඇමරිකාවේ පොලිස් නිලධාරියකුගේ දනිස්සට හිරකොට මහ මගදී  ඝාතනයට කරන ලද කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය දක්වා අගනගරයේ පැවැති විරෝධතාවයට සහභාගිවුවන්ට අසමානුපාතික ප්‍රචණ්ඩ පොලිස් බලයක් යොදවා මර්දනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් මංගල සමරවීර 'ට්විටර්' පණිවිඩයක් ද නිකුත්කර තිබිණ.

එහි මෙසේ සඳහන් වේ.

‘Black Lives Matter’ විරෝධතා ව්‍යාපාරයට සහය පල කරමින් ඊයේ පැවැත්වූ සාමකාමි උද්ඝෝෂණයට පොලිසිය ඉතා තිරිසන් ලෙස බලය යොදා ගනිමින් නිර්ලජ්ජී පහර දීමක් සිදු කර ඇත. එපමණක් නොව ඔවුන් වින්දිතයන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරියද අත්අඩංගුවට ගෙන ඇත. ගෝඨාභයගේ කාර්ය සාධක බලකාය විසින් අපේක්ෂා කරන ‘ගුණවත් හා සාධාරණ’ සමාජය මෙයද? ශ්‍රී ලංකාව, අවදි වන්න: මේ බියකරු සිහිනයක ආරම්භයයි!

MS Twite

සබැඳි පුවත් :

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන විරෝධී පොලිස් ප්‍රහාරය "තර්ජනාත්මක බිය ගැන්වීමක්"  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්