මහ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට අදා‍ල ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇත.

මහ මැතිවරණය එළඹෙන අගෝස්තු 05 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, බදාදා (ජූනි 10) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජූනි මස 20 වන දා පැවැත්වීමට නියමිතව තිබු මහ මැතිවරණය, 2020 අගෝස්තු මස 5 වන දින පැවැත්වීමට සුදුසු බවට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ඒකමතිකව තීරණය කළ බව මහින්ද දේශප්‍රිය එහිදී පවසා සිටියේය.


Election Gazert

අද පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ, තමන් මීට පෙර පැවති මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථ දක්වමින් ඇතැම් මාධ්‍යවල පළ කර තිබූ බවය.

"මම කිව්වෙ එක ම කොරෝනා රෝගියෙක්වත් නැහැයි කියල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහත්තයා කියනව නම් අපිට මාස දෙකක් යන්න කලින් මැතිවරණය තියන්න පුළුවන් කියලා. ඒත් සමහර මාධ්‍යවල පළ වුණේ, මහ මැතිවරණය පවත්වන්න එක රෝගියෙකුවත් නැති වෙනකම් මැතිවරණ කොමිසම බලාගෙන ඉන්නව කියලා."

2020 මහ මැතිවරණයේ ඡන්ද විමසීම ජූනි මස 20 වන දා පැවැත්වීමට මීට පෙර දින නියම කෙරිණි.

 

maco
එහෙත්, කොරෝනාවෛරස් වසංගතයත් සමග එම දිනය වෙනස් කිරීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කළේය.

අදාළ දිනයේදී මහ මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙසට අධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ජාතික මැතිවරණ කොමිසම එම ඡන්ද විමසීමට මාස දෙකක පමණ කාලයක් ගත වනු ඇතැයි නිවේදනය කළේය.

මහින්ද දේශප්‍රිය පැවසුවේ ඡන්ද විමසීම නිසා කොරෝනාවෛරසය ව්‍යාප්තවීමට ඇති අවදානම වළක්වා ගැනීමේ අරමුණින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතු බැවින් මාස දෙකක පමණ කාලයක් ඒ සදහා ගත විය හැකි බවය.

මෙවර මහ මැතිවරණය සදහා වැය වන වියදම රු. කෝටි 650ක් ලෙසට ඇස්තමේන්තු කර තිබුණ ද, එම වියදම රු. කෝටි 900 ද ඉක්මවිය හැකි බව මහින්ද දේශප්‍රිය අගහරුවාදා (ජූනි 09) පැවති මාධ්‍ය හමුවේදී සදහන් කළේය.

මේ අතර, මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයින්ගේ අංක ඇතුළත් ගැසට් පත්‍රය ද අගහරුවාදා නිකුත් කෙරිණි.

ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 22 වෙනුවෙන් දේශපාලන පක්ෂ 20 ක් හා ස්වාධීන කණ්ඩායම් 34 ක් යටතේ අපේක්ෂකයින් 7344 දෙනෙකු මෙවර තරග වැදීමට නියමිතය.

logo

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්