ප්‍රධාන ඇඟලුම් කම්හල් ජාලයක් වන 'ස්මාර්ට් ෂර්ට් ලංකා ලිමිටඩ්' සමාගමට අයත් කම්හල් කිහිපයක සියයක් පමන සේවකයින් සඳුදා උදය වරුවේ,

තම රැකියා අහිමිවීමේ සහ වැටුප් කප්පාදුවේ තර්ජනය හමුවේ, නොසන්සුන්තාවයට පත්වෙමින් කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පිවිසුම් දොරටුව අසලට රැස්වූහ.

පසුගිය සිකුරාදා ද එම සමාගමේ අංක 2, 3 සහ කටානේ පිහිටි අංක 7 කම්හල්වල සේවකයින් කන්ඩායමක් තම රැකියාවේ අවිනිශ්චිත තත්වය ගැන දැන ගැනීම සඳහා කලාපයේ පිවිසුම් දොරටුව අසලට රැස්ව සිටියේය.

එහිදී පාලකයින් විසින් සේවකයින් තිදෙනෙකු සාකච්ඡාවට කැඳවා පවසා ඇත්තේ කම්හල යලි විවෘත කරන දිනයක් නිශ්චිතව පැවසීමට නොහැකි බවත්, යලි විවෘත කරන තුරු මූලික වැටුපෙන් අඩක් පමනක්, එනම් රුපියල් 9000 - 10000 ක් අතර, වැටුපක් ගෙවන බවටත්ය.

අවම වසයෙන් මූලික වැටුප හෝ ලබාදෙන ලෙස ඉල්ලුවද එය ද ප්‍රතික්ෂේප කර ඇත. පිවිසුම අසල රැස්ව සිටි සේවකයින් එයට විරෝධය දැක්වූහ.

ජුනි මස 3 දිනද ස්මාර්ට් ෂර්ට් සමාගමේ අංක 1 කම්හලේ සේවකයින් පන්සියයකට අධික සංඛ්‍යාවක් මෙම ස්ථානයේ ම රැස් වූ විට පරිපාලනය දක්වා ඇත්තේ ද එම ප්‍රතිචාරයම ය.

පසුගිය දිනයක සේවකයින් වෙසෙන නේවාසිකාගාර වලට පැමිනි පරිපාලනයේ කිහිප දෙනෙකු, පරිපාලනයට එරෙහි කිසිදු  ක්‍රියාකාරකමකට සම්බන්ධ නොවන ලෙස ඔවුන්ට බලපෑම් කර ඇත.

(මූලාශ්‍රය - wsws.org)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්