කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව ගත් කල ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායි හි තත්වය

චීනයේ වූහාන් නගරයේ පැවැති තත්ත්වයට වඩා බරපතළ වී ඇති බව පෙනෙන්නට තිබේ.

ජුනි මස 10 වනදා වන විට මුම්බායි නගරයෙන් වාර්තා වූ කොරෝනාවෛරස ආසාදිතයන්ගේ ගණන 51,000 ඉක්මවා ගියේය.

මෙම ප්‍රවෘත්තිය සැල වන්නේ ඉන්දියාව පුරා තහවුරු වී සිටින මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 266,000 පසු කර ඇති බව වාර්තා වන අතරතුර ය.

මුම්බායි නුවර අයත් වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් පමණක් ආසාදිතයන් 90,000ක් වාර්තා විය.

දිල්ලි නුවර තත්ත්වයද බරපතළ වෙමින් පවතී. ඉන්දියානු බලධාරීන් පවසන්නේ ලබන ජූලි මාසය අවසන් වන විට මුළු ඉන්දියාව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ පහක් පමණ සිටිනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව ය.

80f5b25f9c5b42a9970af1ba8f93ecc2 18මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පමණක් 90,000 කට වැඩි කෝවිඩ් 19 ආසාදිතයින් හමු වී තිබේ

ඉන්දියාවේ තත්ත්වය දරුණු වෙමින් පවතින්නේ මෙම වසංගතය පාලනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ, කිසිදු බුරුලක් නොදැක්වූ lockdown නීතිරීති ලිහිල් කෙරෙමින් පවතින අතරතුර ය.

ජූනි 8 වනදා වන විට වෙළෙඳ සංකීර්ණ, පූජා භූමි සහ කාර්යාල නැවත විවෘත කිරීමට අවසර ලැබුණි.

සාමාන්‍ය කඩසාප්පු, වෙළෙඳපොළ සහ ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවසර ලැබුනේ ඊටත් කලිනි.

 

ආර්ථික අර්බුදය:

කෙසේ නමුත් විශේෂඥයන් පවසන්නේ රට මුහුණ දෙමින් පවතින මහා ආර්ථික අර්බුදය වළක්වා ගැනීමට නම් lockdown නීතිරීති ලිහිල් කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව ය.

මේ වන විටත් මිලියන ගණනකට සිය රැකියා හෝ ජීවනෝපාය අහිමි වී තිබේ. ව්‍යාපාර වැසෙමින් පවතී.

දෛනික කුලිය මත ජීවත් වූ සංක්‍රමණික කම්කරුවෝ කුසට අහරක් සොයා ගත නොහැකි වේය යන බිය මත සිය ගම්බිම් බලා යාමට වීදි බැස්සෝය. ඉන් බොහෝ දෙනෙකුට සැතපුම් සිය ගණනක් යාමට සිදුවූයේ දෙපයිනි. සියලු ප්‍රවාහන සේවා එක රැයින් නවතා දමා තිබුණි.

එසේ දුරු කතර ගෙවා යමින් සිටි ඇතැම්හු අධික වෙහෙසට පත්ව කුසගින්නේ මහමග මියගියහ. මෙය මානව ඛේදවාචකයක් ලෙසින් හඳුන්වා තිබිණි.

මුල් සති කිහිපය තුල ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව සංසන්දනාත්මකව පහල අගයක පැවතුණි.

අධික ජනගහනය, තදබදය සහ අඩු පහසුකම් සහිත රෝහල් පැවතුනද ඉන්දියාව පුරා කොරොනා වයිරස් වසංගතය මුලදී දරුණු නොවී ය.

රෝගීන් සොයා සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණ ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් එවකට තහවුරුවූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව පහළ මට්ටමක තිබුණේය.

පසුව තත්වය වෙනස් විය.

 රටේ lockdown නීති ලිහිල් කිරීම සඳහා ආණ්ඩුව පෙළඹුණේ ඉන්දියාව පුරා සිටින හඳුනාගත් ආසාදිතයන් රෝහල්ගත කිරීමට තරම් බරපතළ වේයැයි බලාපොරොත්තු නොවූ බැවින් විය හැක.

දැන් විශේෂඥයන් පවසන්නේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වර්ධනය වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ පමාවී ගොඩනැගෙන ප්‍රවාහයක් දක්නට ලැබෙන බවය.

දැඩි lockdown නීති පවතින කාලය අතරතුර ප්‍රධාන නගරවල සෞඛ්‍ය සේවා හා රෝහල් සූදානම් කර තැබූ නමුත් මේ වන විට එම ස්ථාන රෝගීන්ගෙන් පිරී ඉතිරී යාම දැඩි සැලකිල්ලට භාජන වී තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කළ හැකි රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙන බොහෝ පුද්ගලයන් එම රෝහල්වලට බාර නොගෙන නැවත නිවෙස් කරා යවන බවට ද චෝදනා මතුවෙමින් පවතී.

 

දුම්රිය වේදිකාවේ දී මව මියගිය දරුවාව ශාරුක් භාරගනී.

මේ අතර ඉන්දියාවේ ලොක්ඩවුන් සමයේදී දුම්රිය වේදිකාවක මව මියගිය කුඩා දරුවෙකුගේ හද සසල කල පුවත ගැන සූපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ගේ අවධානය යොමු වී තිබිණ.   සිය මව අහිමිවූ කුඩා දරුවාගේ වීඩියෝව පසුගිය මැයි මාසයෙ ලෝකයේම අවධානයට පාත්‍ර විය.   බිහාර් හි මුසෆර්පූර් හි දුම්රිය ස්ථානයකදී සිය මියගිය මව අවදි කිරීමට තැත් කිරීමේ වීඩියෝ පටය මැයි මස අවසාන සතියේ සමාජ මාධ්‍ය තුළ පැතිරෙන්නට විය.   ශාරුක් ගේ 'මීර් පදනම' මෙම දරුවාගේ සහ ඔහුගේ සීයා ගැන සොයා බලා ඔවුන්ගේ අනාගත ජීවිතය වෙනුවෙන් ආධාර කිරීමට අපේක්ෂා කරයි.

මේ ශාරුක් ඒ ගැන තැබූ සටහනක්.

Screenshot 20200609 062236 Twitter

(උපුටා ගැනීම් - බිබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්