නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 2 වන ඒකකය වාෂ්ප කාන්දුවක් හේතුවෙන් බිඳවැටීමකට ලක්ව ඇත. ලක්විජය බලාගාරයේ කළමනාකාර ඉන්ද්‍රසිරි ගාල්ලගේ පවසා ඇත්තේ මෙය යථා තත්ත්වයට පත්කිරීම සඳහා

දින හයක කාලයක් ගතවෙනු ඇති බවයි.

කෙසේ වෙතත්, බලශක්ති පිළිබඳ විශේෂඥයින් පවසන්නේ මෙම බිඳවැටීම හේතුවෙන් විදුලිය ඇනහිටීමක් ඇතිවිය හැකි බවයි. 

ජනවාරි මාසයේ සිට අවම වශයෙන් නොරෝච්චෝලයි බලාගාරයේ ඒකක තුනෙන් අවම වශයෙන් එක ඒකක හෝ බිඳවැටීමක් ලක්ව ඇති බවත්, ඒකක තුනම ක්‍රියාත්මක වූයේ මාර්තු මාසයේදී පමණක් බවත් වාර්තා වේ. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මෙසේ පැවසිය. 

''පසුගිය 10 වනදා සිට දෙවන ජනන යන්ත්‍රය ඉවත් කරලා තියනවා. ඒ බොයිලේරුවේ සිට හුමාලය රැගෙන යන නලයක දෝශයක් නිසා. ලබන අඟහරුවාදා යථා තත්ත්වයට පත්වෙයි කියා බලාපොරොත්තු වෙනවා.''


පුත්තලමට තවත් ගල් අඟුරු බලාගාරයක් !

නිරන්තරයෙන් ජනන යන්ත්‍ර ක්‍රියා විරහිත වෙද්දී තවත් මෙගාවොට් 300 ක ගල් අඟුරු බලාගාරයක් ඉදිකරන්න කෙරෙන සූදානමක් ගැන කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හදුන්නෙත්ති ඊයේ අනාවරණයක් කළේය. ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේ කරුණු දැක්විය.


Sunil 2020 text13''දැන් නැවත වතාවක් පුත්තලමේ මෙගා වොට් 300 ක බලාගාරයක් ගහන්න ආණ්ඩුව අනුමැතියක් දීලා තියනවා චයිනා මැෂනරි කොම්පැණි කියන චීන කොම්පැණියක් එක්ක. මේකේ තියන බරපතලකම තමයි මේ යෝජනාව ගේන්නේ ආණ්ඩුවට වඩා චීනයෙන්. එතකොට අපිට තියෙන ප්‍රශ්නය තමයි ලංකාව පාලනය කරන්නේ ලංකාවේ ආණ්ඩුව ද ? චීන ආණ්ඩුව ද කියන එක. 

මිලදී ගැනීමේ ක්‍රමවේද නැති ටෙන්ඩර් පටිපාටියකින් ගියපු නැති විවෘත ගනුදෙනුවක් සිදුවෙච්ච හැම අවස්ථාවකම ලංකාවේ සිද්ධ වෙලා තියෙන්නේ විදුලිය මිල වැඩි කරලා විදුලි බල මණ්ඩලයට පාඩු කරලා රජයට පාඩු සිද්ධ වෙච්ච ඒවා. විදුලි මාෆියාව නිර්මාණය කරන අය ඉන්නේ එක්කො විදුලි බල අමාත්‍යාංශයේ නැත්නම් මුදල් අමාත්‍යාංශය ඇතුළේ. විදුලි බල මණ්ඩලය ඇතුළේ. නැතුව මේ රටේ මහ ජනතාව ඇතුළේ නෙවෙයි. 

මෙවැනි බලාගාරයක් හදනවනම් ඒක මේ රටේ ජනන සැළැස්මේ කොතනද තියෙන්නේ. මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දුන්නද? ටෙන්ඩර් අනුව ඉදිරි සමාගම් තොරලා තියනවද? ඒ කිසිම දෙයක් දන්නේ නැහැ. කාගේ වුවමනාවට ද මේ හදිස්සියේ මෙගා වොට් 300 ක බලාගාරයක් පුත්තලමේ ඉදිකරන්න යන්නේ. අපි විදුලි බල ඇමතිට බල කිරීමක් ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව තියන සියලු ලිපි ලේඛන රට හමුවේ තියන්න.''

(නිව්ස් ෆස්ට්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්