දීමනා හා රැකියා කප්පාදුවට එරෙහිව තැපැල් සේවකයන් ජුනි 08 වෙනිදා සිට අකුරට වැඩ කිරීමේ විරෝධතා උද්ඝෝෂනයක් ආරම්භ කර ඇත.

 තැපැල් දෙපාර්තමේන්තුවේ 26,000 ක් පමන වන සියලුම සේවකයෝ ඊට සම්බන්ධ වී සිටිති.

වැඩ දිනය පැය අටකට සීමා කොට අතිකාල හා දීමනා කප්පාදුවක් තැපැල් දෙපාර්තමේන්තුව තුල ක්‍රියාවට දමා ඇති අතර සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා තැබීමට ද ආණ්ඩුව තීරනය කර තිබේ. එක් සෙනසුරාදා දිනයක් සඳහා වැටුප් සහ දීමනා වෙනුවෙන් වැයවන රුපියල් මිලියන 20 ක මුදල එමගින් ඉතිරිකල හැකි බව ආණ්ඩුව පවසයි.  

අකුරට වැඩ කිරීමේ විරෝධතාව සංවිධානය කර ඇත්තේ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසිනි. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා විදුලි පනිවුඩ සේවක සංගමය, ජාතික තැපැල් හා විදුලි පනිවුඩ සේවක සංගමය, තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, ලංකා තැපැල් සේවක සංගමය ඇතුලු සමිති 28 ක එකතුවකින් තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සමන්විතවේ.

Bandula Gunawardhanaතැපැල් ඇමති බන්දුල ගුනවර්ධන, තැපැල් දෙපාර්තමේන්තුවේ බලධාරීන් හා වෘත්තීය සමිති අතර මැයි  22, ජුනි 02 සහ ජුනි 9 වෙනිදා පැවති සියලු සාකච්ඡාවල දී අතිකාල හා දීමනා ගෙවීම සඳහා මුදල් නොමැති බව ගුනවර්ධන යලියලිත් අවධාරනය කර තිබේ.

හැකිනම් ලාභ උපයා දී දීමනා හා අතිකාල ලබාගන්නා ලෙස ඔහු එහිදී පැවසූ බව සේවකයෝ කියති.

තැපැල් දෙපාර්තමේන්තුවෙන් වසරකට රුපියල් කෝටි 500 ක් අලාභ වන බව පවසන ආණ්ඩුව එමගින් සේවකයන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුව සාධාරනීකරනය කිරීමට උත්සාහ කරයි.

මෛත්‍රී පාලන සමයේදී පොළොන්නරුවෙන් පත්කළ තැපැල්පතිවරයා ඇමතිවරයාගේ අදහස අනුමත කරමින් සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා තැබීමට යෝජනා කර තිබේ.

 

මහජන සුබසාධන සේවාවක් :

තැපැල් දෙපාර්තමේන්තුව ආරම්භ කෙරුනේ මහජන සුබසාධන සේවාවක් ලෙස මිස ලාභ ලැබීමේ ව්‍යවසායක් ලෙස නොවේ.

කෙසේ නමුත් අලාබයක් සිදු වන්නේ නම් එයට සේවකයන් වගකිවයුතු නැති බවත්, එය, ලාභය සඳහා වූ ධනවාදී ආර්ථික ක්‍රමය බිඳ වැටීමට පිලියමක් ලෙස, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) විධානයෙන්, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කිරීමට අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ගෙනගිය වැඩකටයුතු තුල, තැපැල් සේවයේ බොහෝ අංශ පුද්ගලික අංශයට පැවරීමේ ප්‍රතිවිපාකයක් බවත් තැපැල් වෘත්තීය සමිති නායකයින් පවසති.

 

විසඳුමක් නොලැබුනොත් “දැඩි” ක්‍රියාමාර්ගයකට...

වෘත්තීය සමිතිවලට විරෝධතා උද්ඝෝෂනයක් කැඳවීමට බල කෙරී ඇත්තේ රැකියා සහ වැටුප් කප්පාදුව කෙරෙහි තැපැල් සේවකයන් අතර පවතින බරපතල විරුද්ධත්වය නිසාවෙනි.

සාකච්ඡාවලින් විසඳුමක් නොලැබුනොත් “දැඩි” ක්‍රියාමාර්ගයකට යාමට සිදු වන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බන්ඩාර මාධ්‍යයට පවසා ඇත.

අකුරට වැඩ කිරීමේ විරෝධතාවය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු කාර්යාලයේ සහ උතුරු මැද, උතුරු-නැගෙනහිර හා දකුන පලාත ඇතුලූ සියලුම ප්‍රධාන තැපැල් කාර්යාලවල මේ වන විට ලියුම් දහස් ගණනින්ව ගොඩ ගැසී ඇති බව වාර්තා වේ.

(මූලාශ්‍රය - wsws.org)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්