කොරෝනා වසංගතයට මුවා වී, ආර්පිකෝ ආයතනය තමන්ගේ හිමිකම් ඉතා දරුණු ලෙස කප්පාදුවකට ලක් කොට ඇතැයි

එම ආයතනයේ සේවකයෝ ප්‍රකාශ කරති.

රට පුරා පවතින ආර්පිකෝ වෙළඳසල්වල හා නිෂ්පාදන අංශවල සේවයේ නියුතු සේවකයන් හට ලබා දී ඇත්තේ ඔවුන්ගේ මූලික වැටුප පමණි. බහුතරයකගේ මූලික වැටුප වන්නේ රුපියල්  12, 000 ත් - රු. 18, 000 ත් අතර සොච්චම් මුදලකි.

මෙම සේවකයන්ට අතිකාල දීමනා ගෙවීම නවතා දමා ඇති අතර, රාත්‍රී වැඩ මුරය සඳහා කරන ලද ගෙවීම් මෙන්ම පැමිණීමේ දිරි දීමනාවද නවතා දමා ඇතැයි ඔව්හූ පවසති.

සේවකයන්ට ලබා දෙන ඉලක්ක සැපිරීමෙන් අනතුරුව ඔවුන්ට ගෙවනු ලබන දීමනා මෙන්ම, වාර්ෂික වැටුප් වර්ධකය ගෙවීම ද අත්හිටුවා ඇතැයි සේවකයෝ තව දුරටත් කියා සිටිති.

ඇඳිරී නීතිය පැවැති දිනයන් හී දී සේවය සඳහා යෙදවූ මෑන්පවර් ආයතන වලින් ගෙන්වා ගත් සේවකයින්ට දිනක වැටුප ලෙස ගෙවා ඇත්තේ, සාමාන්‍යයෙන් ආයතනයේ සේවකයෙකුට දිනකට ගෙවනු ලබන වැටුපෙන් හරි අඩක් පමණි.

මීට අමතරව ආර්පිකෝ පාරිභෝගිකයන් සඳහා ලබාදුන් සහන රාශියක් ද මේ වන විට කප්පාදුවකට ලක් කර ඇතැයි ද සේවකයෝ කියා සිටිති.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්