බම්බලපිටිය හැව්ලොක් මාර්ගයේ සම්බුද්ධ ජයන්ති මන්දිරය අසලදී ජුනි 11දා සිදුවූ රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරී නිරතව සිටි පොලිස් කොස්තාපල් ඒ.ඒ.සී.ඩී.වයි. අලහප්පෙරුම අද දින (14) අළුයම ජිවිතක්ෂයට පත්ව ඇත.

පසුගිය 11 වැනිදා රාත්‍රී මෙම පොලිස් කොස්තාපල්වරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු රැගත් යතුරුපැදිය ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබුණි.

කොළඹ ජාතික රෝහලේ පසුගිය ජුනි 09 වන දින සිදුවූ රුපියල් ලක්ෂ 79 ක මුදල් මංකොල්ලය දක්ෂ ලෙස වලක්වා සැකකරු හා මුදල් අත්අඩංගුවට ගැනීමට කොස්තාපල් අලහප්පෙරුම මැදිහත්ව තිබිණ.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්