ජනප්‍රිය බොලිවුඩ් නළුවෙක් වන Sushant Singh Rajput මුම්බායි හි පිහිටි සිය නිවසේදී සියදිවි හානිකර ගෙන ඇත.

 

එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඔහු සිය නිවසේදී ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි. මිය යන විට ඔහු 34 වන වියේ පසුවිය.

සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක MS දෝනි ගේ ජිවිත කතාව අළලා සකස් කරන ලද M.S. Dhoni: The Untold Story චිත්‍රපටයේ දෝනි ගේ චරිතයට පන පොවනු ලැබුවේද ඔහු විසිනි.

හින්දි චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන් ඔහු සියදිවි හානිකර ගැනීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

 

මූලාශ්‍රය : Sushant Singh Rajput passes away at 34, no suicide note recovered from his Mumbai flat

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්