දේශපාලන විවේචන සහ වෘත්තිය සමිති අයිතිවාසිකම් මැඩ පැවැත්වීමට නිරෝදායන පනත පාවිච්චි කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව

සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරි සංගමය චෝදනා කරයි.

පසුගිය 9 වැනිදා පැවති විරෝධතාවකදි පොලිසිය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරි සංගමය පැවැත්වූ මාධය හමුවකදී ඒම සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක මේ කරුණ අවධාරනය කළේය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

“ජූනි 9 වැනිදා ඒක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත යමින් සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරින්ට කොල්ලුපිටිය මංසන්ධියේදි පහරදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වගේම නිරෝධායන පිළිවෙත් අනුව කොළඹ, ලිප්ටන් වටරවුමෙදි දැක්වූ විරෝධතාවට පහරදී අත්අඩංගුවට ගැනීමක් සිදුකළා.

මේ සිදුවීමෙදි අත්අඩංගුවට ගත් පිරිස සිරගතකරන ලෙස පොලිසිය ඉල්ලා සිටි නමුත් මහෙස්ත්‍රාත්වරයා නිගමනය කර තිබුණා මේ අය නිරෝධායන පනත හෝ අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමක් කරන්න පෙර පොලිසිය ඒවැනි තත්වයකට ඇද දමා ඔවුන් අත්අඩංගුවට ගත් බව. ඒ නිසා පොලිසියේ චෝදනා නැගීම් නොතකා විරෝධතාකරුවන්ට ඇප  ලබා දී තිබුණා.

''නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට. ඔහුගෙ බලය තමයි නිශ්චිත ප්‍රදේශයක වෛද්‍යවරයකු හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු විසින් ක්‍රියාත්මක කරන්නෙ. ඒ බව අධිකරණයෙදි පැහැදිලිව ප්‍රකාශයට පත් වී තිබුණා.''

ඒ වගේම පොලිසිය ඉල්ලා තිබුණා අත්අඩංගුවට ගත්ත පිරිස නිරෝධායනයට යොමු කරන්න කියලා. නිරෝධායන පනත අනුව මහෙස්ත්‍රාත්වරුන්ට බලයක් නෑ ඒවැනි නියෝග ලබා දෙන්න. ඒ ආකාරයට නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට. ඔහුගෙ බලය තමයි නිශ්චිත ප්‍රදේශයක වෛද්‍යවරයකු හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු විසින් ක්‍රියාත්මක කරන්නෙ. ඒ බව අධිකරණයෙදි පැහැදිලිව ප්‍රකාශයට පත් වී තිබුණා.''

 

කියන කොට ඒහෙමයි කරන කොට මෙහෙමයි:

දැන් මේ විරෝධතාව අවස්ථාවෙදි ආණ්ඩුව වෙනුවෙන් කටයුතු කරන පොලිසිය ක්‍රියා කරන්නෙ අධිකරණයට කරුණු දක්වන්නෙ ආණ්ඩුව විසින් ප්‍රකාශ කරන කාරණාවලට පටහැනිවයි.

ආණ්ඩුව නිතරම කියන දෙයක් තමයි කොරෝනා ආසාදිතයන් සමාජ ව්‍යාප්තියක් නෑ, දැනට ආසාදිතයන් හමුවන්නෙ නාවික හමුදාවෙන් සහ විදේශවලදි ආසාදිව පැමිණෙන අයගෙන් කියලා. ඒහෙම නම් මේ වීයට තුන් හතර දෙනෙක් ඒකතු වුණත් නිරෝධායනයට යොමුකරන්න නියෝග ඉල්ලන්න පොලිසිය කටයුතු කරන්නෙ ඇයි?

සමාජ ව්‍යාප්තියක් නැති තත්වයක් තුළ නිරෝධායන පනත ඒ විධියට පුද්ගලයන් ඒක්රැස්වීම හෝ සංවිධානාත්මකව කටයුතු කිරීමේ මූලික අයිතිවාසිකමට බාධා කරන්නෙ ඇයි? ඒ සඳහා පොලිසිය කරන ඉල්ලීමට වසංගතය සම්බන්ධ කිසියම් සංඛ්‍යාත්මක දත්ත වශයෙන් පදනමක් හෝ නිරෝධායන පනතට අනුවථ නෛතික පදනමක් නෑ. ඒ කාරණය අධිකරණයෙදිත් හවුරු කළා. අපි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලදාරින්ගෙ සංගමය හැටියටත් ඒ කාරණය අවධාරනය කරනවා.

Police lanka.1

නමුත් ඒයින් පස්සෙත් අපි දැක්කා ජනාධිපතිවරයා දුන් නියෝගයක් හැටියට විරෝධතාව මර්දනය කරන්න ආව පොලිසියේ ස්ථානාධිපතිවරයෙක් සහ 30 දෙනකුගේ කණ්ඩායමක් නිරෝධායනයට යොමු කළා කියන කාරණය. මේ තීරණය සඳහා කිසිදු සෞඛ්‍යමය හෝ නෛතික පදනමක් නෑ. ආණ්ඩුවම කියනවා සමාජ ව්‍යාප්තියක් නෑ කියලා. අනෙක් පැත්තෙන් නිරෝධායන පනත අනුව නෙවෙයි ඒ තීරණය ගන්නෙ.

අපි දනන විදියට කිසිදු සෞඛ්‍ය පරික්ෂණයක්, සෞඛ්‍ය සේවා නිලධාරියෙක් ඒ නිලධාරින් 30 දෙනා නිරෝධායනයට යොමුකරන්න කියලා නිර්දේශය දීලා නෑ. නිරෝධායනයට යොමු කිරීමේ සම්පූර්ණ බලය තියෙන්නෙ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට, පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට හෝ යම් නිශ්චිත ස්ථානයක රාජකාරිමය අවශ්‍යතා අනුව කටයුතුකරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට.

 

''පොලිසිය නිරෝධායනයට නොව පුනරුත්ථාපනයට යොමු කළ යුතුයි''

මේ අවස්ථාවෙදි කෙනෙක් ඇඟෙ හැපුණාම ඒයාට කොරෝනා හැදෙයි කියන සැකයට දවස් 14ක් හුදෙකලාවීමට කෙනෙකුට පුළුවන් අපි එකට විරුද්ධ නෑ. නමුත් පොලිසියෙ ඉහළ නිලදාරින් තීරණය කරලා නිරෝධායනය නියම කිරීමක් නිරෝධායන පනතට අනුකූල නෑ.

 පොලිස් නිලධාරින් 30 දෙනෙක් වෙන් කරලා යම් ස්ථානයක තැබීමට තීරණය කළා නම් අපට එක ගැන ප්‍රශ්නයක් නෑ. නමුත් පොලිසිය සහ ආණ්ඩුව රටට කියන්නෙ මොකක්ද කියන කාරණය වැදගත්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා පොලිස් නිලධාරින් නිරෝධායනයට යවන් පොලිසිය තීරණය ගත්තා කියලා. අපට නම් ඒදා සිදුවීමට අදාළ දර්ශන බැලුවම පෙනෙන්න තියෙන්නෙ පොලිසිය නිරෝධායනයට නෙවෙයි, පුනරුත්ථාපනයට යවන්න වෙනවා. මොකද, ලිප්ටන් වටරවුමේ තිබුණෙ සමාජ දුරස්ථභාවය සහිතව සාමකාමී ලෙස නිහඬ විරෝධය දැක්වීමක්.

FLSP

මාධ්‍ය වෙත අදහස් දක්වන දේශපාලන පක්ෂ නායකයන් බලහත්කාරයෙන් ඇදගෙන ගිහින් තමයි පොලිස් රථයට තල්ලු කළේ. තුන් හතර දෙනක් ගමන්කරන පොලිස් රථයකට විශාල පිරිසක් පටවාගත්තෙ පොලිසිය. විරෝධතාකරුවන් බදාගත්තෙ, ඔවුන් සමග පාරබැදුවෙ පොලිසිය.

 

නිරෝධායන පනත අත්තනෝමතික බලය පාවිච්චි කිරීමක් !

නිරෝධායන පනත අත්තනෝමතික බලය පාවිච්චි කිරීමක් සිදුකර තිබෙනවා. විරෝධතාව තුළ මාර්ග අවහිරවීමක් සිදුවුණේ නෑ. පදිකයන්ට ගමන් කිරීමට බාධාවක් සිදුව තිබුණෙත් නෑ. පොලිසිය ඉන්නෙ මහජන ආරක්ෂාවට. නමුත් මෙතැන මහජන විරෝධයක් ආරක්ෂා කරනවට වඩා ඒම විරෝධතාකරුවන් වෙත උමතුවෙන් කඩාපැනීමක් සිදුකළේ.

ඉතින් පොලිසිය සාමකාමීව පැවති විරෝධතාවකට බලහත්කාරිව කඩාපැනලා හැසිරුණු විදිය අනුව ඔවුන්ට කිසියම් පුනරුත්ථාපනයක් ලබා දිය යුතුයි. විරෝධතාකරුවන් විසින් නිරෝධායන පනත පොඩ්ඩක්වත් උල්ලංඝනය කළා කියන්න බෑ.

 ඒසේ නිරෝධායන පනත උල්ලංඝනය කළේ පොලිසිය කියලා තමයි පැහැදිලිව පෙනෙන්න තියෙන්නෙ. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඒ පොලිසියෙ පිරිස පුනරුත්ථාපනයට යවලා නිරෝධායනයට යැවුවා කියලා කියනවා වෙන්න පුලුවන්.

 

විරුද්ධ මත නිහඬ කිරීමේ අරමුණ

ඒ නිසා විරෝධතාකරුවන් 53ක් අත්අඩංගුවට අරන් අධිකරණයෙදි ඔවුන්ව නිරෝධායනයට යවන්න ඉල්ලීම් කළා. එක ප්‍රතික්ෂේප වුණා. නමුත් දැන් පොලිස් නිලධාරින් නිරෝධායනයට යැවුවා නම්, අත්අඩංගුවට ගත් අය නිරෝධායනයට යැවුවෙ නැත්තෙ ඇයි? කියලා සමාජ මතයක් ඇති කරලා ඔවුන්, අධිකරණය හමුවට ගෙන ඒන අවස්ථාවක නිරෝධායන නීතිය යටතේ මර්දනයට ලක් කිරීමේ සූදානමක් තියනවද කියන සැකය අපට මතු වෙනවා.

මේ සිදුවීම නිසා අපට පෙනේන තියෙන්නෙ දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිත්වය නවත්වන්න ආණ්ඩුවට තියෙන උවමනාව පොලිසිය යොදවා ක්‍රියාත්මක කිරීමක්.

 

බල්ලන්ට වස දුන් බව කියන‌ පොලිස් නිලධාරියා :

තවත් කාරණයක් තමයි පසුගිය කාලෙ බල්ලන්ට වෙඩි තැබා බව කියන විශ්‍රාමික හමුදා නිලධාරියෙකුත් බල්ලන්ට වස දුන් බව කියන‌ පොලිස් නිලදාරියකුත් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව, බල්ලන්ට ජිවත්වීමේ අයිතියක් තියෙනවා මේ අපේ රටේ.

 නමුත් විරෝධතාව වෙලාවෙ තරුණ ක්‍රියාකාරිනියක් පොලිසියෙ පිරිමි කීපදෙනෙක් ඒකතු වෙලා වීසි කරන්නෙ ඇගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්. ඒදා දේශපාලන පක්ෂයක නායකයෙක් ලෙස කුමාර් ගුණරත්නම් සහෝදරයගෙ බෙල්ලෙන් අල්ලගෙන යන්න පොලිසිය කටයුතු කරන්නෙ ඔහුගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධ කිසිදු අවබෝධයක් හෝ තැකීමක් නැති ආකාරයට.

එක් සහෝදරයෙක් රෝහල්ගතව තිබුණා යටිබඩට පයින් ගැසීම නිසා මුත්‍ර සමග ලේ වහනය වීම හේතුවෙන්. ඒ නිසා බල්ලන්ට තියෙන අයිතාසිකම්වත් මේ රටේ මිනිසුන්ට නැද්ද කියන කාරණය අපට මතුකරන්න සිදුවෙනවා.

 

බූරුවගෙ වැඩේ බල්ලා කිරීම

11we

මීළඟට මතුවන තවත් දෙයක් තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රසිද්ධියේ කිව්වා නිරෝධායන පනත යටතේ උද්ඝෝෂන තහනම් කරන්න කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කිව්වා කියලා. නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මධ්‍ය හමුවෙ ප්‍රසිද්ධියෙ ප්‍රතික්ෂේප කළා ඒහෙම කතාවක් තමන් කිව්වෙ නැති බව අවධාරනය කළා.

ඔහු කිව්වෙ කුමන සමාජ කටයුත්තක් කළත් නිරෝධායන පිළිවෙත් පිළිපදින්න කියලා. ඒ කියන්නෙ උද්ඝෝෂන පවත්වන් ඒපා කියලාවත් රැස්වීම් පවත්වන්න ඒපා කියලවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කියලා නෑ. මංගල උත්සව අවමංගල කටයුතු පවත්වන්න ඒපා කියන ඒක නෙවෙයි, ඒවා නිසි නිරෝධායන ක්‍රම අනුව කරන්න කියලයි කියන්නෙ.

ඒවැනි උපදෙස් වරද්දලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නෙ ඔවුන්, පොලිසිය කරන සියලු දේවල් හරියි කියලා සමාජයට ඒත්තු  ගන්නවන්. මෙතන තියෙන්නෙ දේශපාලන උවමනාවකට තොරෝනා වසංගතය පාවිච්චි කිරීමක්.

විරෝධතා මර්දනයට, වෘත්තිය සමිති, විරුද්ධ මත මර්දනය කරන්න නීතියට අනුව ආණ්ඩුව හැකියාවක් නෑ. ඒ නිසා නීතියට පිටින් එක කරන්නයි මේ සූදානම.

නව නිරෝධායන පනතක් තව ගැසට් මගින් ප්‍රකාශයට පත්කරලා නෑ. නමුත් ඒ නීති වෙනස්කරලා මර්දනකාරිත්වය නීතිගත කරන්නයි යන්නෙ. ඒ නිසා මේක අර බල්ලගෙ වැඩේ බූරුවා කරන ඒකකුත් නවෙයි, බූරුවගෙ වැඩේ බල්ලා කරන ඒකක්. “

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්