රට සම්පූර්ණයෙන්ම විවෘත කර සති 3 ක් ගත වුවද කිසිදු කොරෝනා ආසාදිතයෙකු සමාජයෙන් වාර්තා වී නැතැයි සෞඛ්‍ය අමාත්‍ය

පවිත්‍රා වන්නිආරච්චි පවසද්දී, අනුරාධපුරය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනයවූ කාන්තාවක් වාර්තා වී ඇත.

මෙම කාන්තාව කුවේට් සිට මෙරටට පැමිණ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ බවට හෝමාගම රෝහලේදී සිදුකළ වෛද්‍ය පරික්ෂණයන් ගෙන් තහවුරු වීමෙන් අනතුරුව 36 හැවිරිදි එම කාන්තාව නිවෙස කරා පිටත්කර යැවීමට රෝහල් බලධාරින් පියවර ගෙන ඇත.

අනුරාධපුරයේ, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිය නිවසට පෙරේදා දිනයේදී ඇය යලි පැමිණීමෙන් පසු සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස වැනි රෝග ලක්ෂණ මතුවීම නිසා ඊයේ දිනයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කොට සිටින මෙත්සිරි සෙවණ වෙත ඇතුලත් වූ බව එහි අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර ප්‍රකාශ කළේය.

අනතුරුව ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයක් අනුව එම කාන්තාවගේ ශරීරයේ කොරෝනා වෛරසය ඇති බවට තහවුරු වූ බවත් ඒ අනුව ඇයව IDH රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්