දකුනු පලාත් සභාවෙන් පාලනය වන රජයේ රෝහල්වල සේවකයන්ගේ අප්‍රේල් අතිකාල දීමනා නො ගෙවීමට එරෙහිව බලපිටිය මූලික රෝහලේ

සේවකයින් පසුගිය 11 දා සිට අඛන්ඩ වර්ජනයක් දියත් කර ඇත. එහි සේවයේ නිරත සෞඛ්‍ය සහායක කාර්ය මණ්ඩලයේ 197 ක් ඇතුලු එම ශ්‍රේනියේ සියලු ම සේවකයින් මෙම අරගලයට සහභාගි වී සිටිති.

ඇල්පිටිය සහ තිස්සමහාරාම මූලික රෝහල්වල සේවකයින් ද ඊයේ (15)  උදෑසන පිකට් කිරීමක් සිදු කරමින් එම වැඩ වර්ජනයට එක් වූහ.

මැයි 22 දා බලපිටිය සහ වලස්මුල්ල මූලික රෝහල්වල සේවකයින් අතිකාල දීමනා නොගෙවීමට එරෙහිව සිය   උද්ඝෝෂනය ආරම්භ කල අතර එම සේවකයින් ගෙන් වැඩි දෙනෙකු සාමාජිකත්වය ලබා සිටින ජනරජ සේවා සංගමය එම අරගලය සෙසු සේවකයින් ගෙන් හුදකලා කොට පැය දෙකක පිකට් කිරීමකට සීමා කර තිබිණ.

 

අප්‍රේල් හිඟ වැටුප් ගෙවීමට මුදල් නැති ලු !

ලැබෙන තොරතුරුවලට අනුව දකුනු පලාත් සභාවට සෞඛ්‍යය සේවකයන්ගේ අප්‍රේල් මාසයේ හිඟ වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය වන මුදල දල වශයෙන් රුපියල් මිලියන 230කි.

රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජිතයෙකු වන ගාලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජුනි පලවෙනිදාට පෙර රෝහල් සේවකයින්ගේ ඉල්ලීම් ලබා දීමට කටයුතු කරන බවට පොරොන්දු දී තිබිනි.

ජන රජ සේවා සංගමයේ බලපිටිය ශාඛාවේ ලේකම් ගයානි කන්ඩම්බි පවසන්නේ, ඒ සම්බන්ධයෙන් චන්දිම වීරක්කොඩි ගෙන් විමසීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ බව ය.

Balapitiya Hospital

සෞඛ්‍ය සේවකයින් යලි අරගලයට පිවිසීමත් සමග බාරකාර ආණ්ඩුවේ ඇමතියකු වන රමේෂ් පතිරන හා එම පක්ෂයේ තවත් නියෝජිතයකු වූ වන මොහාන් ද සිල්වා විසඳුමක් රැගෙන සෞඛ්‍ය සේවකයින් හමුවීමට පොරොන්දු වී සිටි නමුත්, ඔවුන් දෙදෙනාගෙන් කවරෙකු හෝ මෙතෙක් පැමින නැති අතර ඉදිරි දිනක විසඳුම් ලබා දෙන බව ඔවුන්ගේ නියෝජිතයකු හරහා සේවකයින්ට දැනුම් දී ඇත.

දකුනු පලාත් සෞඛ්‍ය ලේකම් සමන් කොඩිතුවක්කු සහ පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් ද  ඉදිරි දිනක විසඳුම් ලබා දීම නිවේදනය කර ඇත.

දකුණේ සෞඛ්‍ය සේවකයින් මෙම ප්‍රෝඩාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් කියා සිටින්නේ හිඟ වැටුප් ගෙවන තෙක් අරගලය අත් නො හරින බව ය.

 

''රුපියල් දහදාහ අපට ලොකුයි...''

බලපිටිය රෝහලේ සෞඛ්‍ය සහායක සේවිකාවක් වන මාදම්පේ දයානි, ධීවරයකු වන තම සැමියාට මාස එක හමාරක පමන කාලයක් නිසි රැකියාවක් නො ලැබුනු බවත් දරු දෙදෙනාත් තම මවත් සමග ඉතා අරපිරිමැස්මෙන් ගෙන ගිය ජීවිතය දැන් ණයතුරුස් නිසා හිර වී ඇති බවත් කෝපයෙන් කීවාය.  “අපේ රුපියල් දහදාහ අපට ලොකුයි. අපේ සල්ලි ලැබෙන කම් සටන් කිරීම හැර වෙන මාවතක් නෑ” යැයි ඇය තවදුරටත් පැවසුවාය.

තවත් සේවකයකු වන ප්‍රේමරත්න ප්‍රතිචාර දැක්වුයේ මෙසේය. “මාධ්‍ය වලින් අපේ ප්‍රශ්නය සම්පූර්නයෙන් යටගහගෙන ඉන්නේ. වෘත්තීය සමිති වලිනුත් වැඩේ කෙරෙන්නෙ නැති බව මම පිලිගන්නව. අපි පටන් ගත්තා. අනිත් කම්කරුවෝ අපිව අනුගමනය කරයි කියා හිතනවා.”

Balapitiya Hospital. 1

ජන රජ සේවා සංගම් නායකත්වය විසින් කම්කරුවන්ගේ විරෝධය දියකර හැරීමේ අරමුනෙන් වර්ජනය කල් දැමීමට යත්න දැරූබවත්, බලපිටිය කම්කරුවන් නායකත්වයට පිටින් වර්ජනයට පැමින ඇති බවත්,  සමිතියේ ශාඛා ලේකම් කන්ඩම්බි, ලෝක  සමාජවාදී වෙබි අඩවියේ වාර්තාකරුවන්ට ප්‍රකාශකර ඇත.  “අනික් පලාත් වලින් ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. ඉදිරි දිනයක උද්ඝෝෂනයකට යන්න මව් සමිතිය පොරොන්දු වුනා. නමුත් අපේ කට්ටියට ඕන වුනා අද ම පටන් ගන්න.”

මෙය බලපිටියට හෝ දකුනු පලාතට සීමා වූ තත්වයක් නොවේ. බස්නාහිර පලාත් සභාවද මැයි මස වැටුප් පිලියෙල කිරීමේ දී අතිකාල දීමනා නිල ඇඳුම් දීමනා සහ හිඟ වැටුප් ඇතුලත් නො කරන ලෙස අදාල බලධාරින්ට දැනුම් දී තිබිනි. එය දැඩි ආර්ථික අර්බුදයක වෙලී සිටින ආණ්ඩුව පොදුවේ ගෙනයන වියදම් කප්පාදු වැඩපිලිවෙලෙහි කොටසකි.

(උපුටා ගැනීම : wsws.org  - එල්. පී.උදය සහ නන්දන නන්නෙත්ති)

සබැඳි පුවත් :

අප්‍රේල් අතිකාල වැටුප් ඉල්ලා බලපිටිය මූලික රෝහලේ උද්ඝෝෂනයක්! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්