මෙරට පොල්තෙල් පිරිපහදු කර්මාන්ත ආශ්රිත ඍජු හා වක්‍ර රැකියා කළ සේවකයන් දහස් ගණනකගේ රැකියා අහිමි වී තිබේ.
රජය විසින් පිරිපහදු නොකළ පොල්තෙල් මෙරටට ආනයනය තහනම් කිරීම මීට හේතු වී තිබේ. මේ නිසා එම ක්ෂේත්රයේ කර්මාන්ත ශාලා ගණනාවක් වසා දමන්නට සිදුව තිබේ.
මේ වනවිට රජය මෙරටට පිරිපහදු කළ පොල්තෙල් පමණක් ගෙනඒමට ඉඩදී ඒ සඳහා බද්ද කිලෝවකට රුපියල් 125 දක්වා අඩු කර තිබේ.
මේ හේතුවෙන් පිටකොටුවේ තොග වෙළෙන්දෝ කීප දෙනෙක් මෙරට පොල්තෙල් වෙළෙඳපොළ සියතට ගෙන විශාල ලාභ උපයමින් පොල්තෙල් ඒකාධිකාරයක් පවත්වාගෙන යති.
එම තත්වය තුළ වෙළෙඳපොළේ පොල්තෙල් මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත. මේ වනවිට සාමාන්‍ය පොල්තෙල් බෝතලයක මිල රුපියල් 400 ත් 450 ත් අතර වේ.
(lankaleadnews.com)