කොවිඞ් 19 රෝගය ආසාදනය වනුයේ මිනිසුන්ට වුවත් මෙරටෙහිදී විදුලි බිල්, ජල බිල්වලටත් කොවිඞ් ආසාදනය වී ඇතැයි පැවසුව හොත් සමහරකු පුදුමයට පත්වනු ඇත.

පුදුම වන්නට කාරණාවක් නැත. 2020 මැයි 14 සිට ජුනි 12 දක්වා කාලයට අදාලව විදුලිබල මණ්ඩලයෙන් ලියුම්කරුට නිකුත් කර ඇති විදුලි බිලට ‘‘කොවිඞ් පීරියඞ්’’ යන ශීර්ෂය යටතේ රුපියල් 281.05 ක් අමතරව එකතු කරමින් කොරෝනා වෛරසය ආසාදනය කරවා තිබේ.

විදුලිය ලබාගැනීම සදහා විදුලිබල මණ්ඩලය සමග පාරිභෝගිකයකු අත්සන් කරනු ලබන ගිවිසුමෙහි මෙවැනි අයකිරීම් සිදුකරන බව සදහනක් ඇතිදැයි විදුලිබල මණ්ඩලයෙන් විමසනු ලදුව එවැන්නක් නැති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවද බිලෙන් එවැනි අයකිරීමක් සිදුකළේ ඇයිද යන්න ගැන ඔහුට පිළිතුරක් තිබුණේ නැත.

උක්ත කාල සීමාව තුළ ලියුම්කරු පාවිච්චි කර ඇති විදුලි ඒකක ප්‍රමාණය 60 කි. ඒ සදහා මාසික අය කිරීම රුපියල් 565/30 කි. මෙම ඒකක ප්‍රමාණයම පාවිච්චි කළ අසල්වැසියකුගේ බිලෙහි ගාස්තුව සටහන්ව ඇත්තේ එයට වඩා රුපියලක් අඩුවෙනි.

කොරෝනා නිසා ඇදිරිනීතිය පනවා තිබු කාලය තුළ සෑම පාරිභෝගිකයකුම පාහේ තමන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන විදුලි ඒකක ප්‍රමාණය ඉක්මවා පාවිච්චි කර තිබීම අසාමාන්‍ය දෙයක් නොවේ. ඒ අනුව කෙනෙකු පාවිච්චි කළ විදුලි ඒකක ප්‍රමාණයට ගාස්තු අය කිරීමද ප්‍රශ්නයක් නොවේ. එහෙත් විදුලිබිලට කොරෝනා කාලය සදහා අමතර ගාස්තුවක් අය කිරීම අසාධාරණය.

lIGHT BILL

මෙහිදි විදුලිබල මණ්ඩලය සිය අයකිරීමේ ක්‍රමවේදය වෙනස් කරමින් සහ පැටලිලි සහිත ක්‍රමවේදයන් භාවිත කරන බවද දකින්නට තිබේ.

එයද ලියුම්කරුට ලද බිල්පත්වලින්ම තහවුරු කළ හැකිය. ජුනි මාසයට පෙර එනම් අප්‍රේල් 09 සිට මැයි 14 දක්වා කාලයට අයත්ව නිකුත් කරන ලද බිලෙහි 28.04.20 දිනට ගිණුම් ශේෂය රුපියල් 2271.98 කි. අනතුරුව මැයි 14 සිට ජූනි 12 දක්වා කාලයට අයත්ව නිකුත් කරන ලද බිලෙහි 29.05.20 දිනට ගිණුම් ශේෂය රුපියල් 2831.48 ක් ලෙස සඳහන් වෙයි.

ඒ අනුව පෙර මාසයේ තිබූ ගිණුම් ශේෂය 2831.48 ක් ලෙස සඳහන්ව ඇත. ඒ අනුව රුපියල් 559.50 ක මුදල එකතු වුයේ කෙසේද යන්න පැහැදිලි නැත.

විදුලිබිල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේනම් විදුලි ඉංජිනේරුවරයා මුණ ගැසෙන්න යැයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවද විදුලි ඉංජිනේරුවරුන්ද විදුලිබල මණ්ඩලය යැවූ බිල්පත වෙනස් කරන බවක් නොපෙනේ. ඔවුන් පවසන්නේ විදුලිය විසන්ධි කිරීමක් නොවන බැවින් විදුලි බිල්පත කොටස් වශයෙන් ගෙවාගෙන යන ලෙස උපදෙස් දීමය.

(නිමල් අබේසිංහ -රාවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්