ලාභදායී සහ බහුල වශයෙන් ලබා ගත හැකි ඖෂධයක් කොරෝනාවයිරසයෙන් බරපතළ ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට

උපකාරී වන බව තහවුරු වී තිබේ.

ඩෙක්සාමෙතසෝන් (dexamethasone) අඩු මාත්‍රාවක් ලබා දීමෙන් මෙම මාරාන්තික කොරෝනාවෛරසයට එරෙහිව සටන් කිරීමට හැකි වීම අතිශය වැදගත් සොයා ගැනීමක් බව එක්සත් රාජධානියේ වෛද්‍ය විශේෂඥයෝ පවසති.

මෙම ඖෂධය, දැනට පවතින ප්‍රතිකාර කොරෝනාවෛරස් සඳහා ද ලබා දිය හැකි දැයි පරීක්ෂා කරන ලොව විශාලතම අත්හදාබැලීම්වල කොටසකි.

මෙම ඖෂධය මගින් වෙන්ටිලේටර් යන්ත්‍රවල සහය ලබා ගන්නා රෝගීන් තුනෙන් එකකට ඇති මරණ අවදානම ඉවත් කරයි. ඊට අමතරව, ඔක්සිජන් ලබා දෙන රෝගීන්ගෙන් පහෙන් එකක ප්‍රමාණයක මරණ අවදානම ඉන් ඉවත් වේ.

කොරෝනාවෛරස් වසංගතය ආරම්භයේ සිට එක්සත් රාජධානියේ රෝගීන්ට මෙම ඖෂධය ලබා දුන්නේ නම්, ජීවිත 5000ක් පමණ රැක ගැනීමට හැකියාව පැවති බව පර්යේෂකයෝ පවසති.

එමෙන් ම, එය කොවිඩ් - 19 රෝගීන් විශාල වශයෙන් සිටින දිළිඳු රටවලට ද විශාල ප්‍රතිලාභයක් වන්නට ඉඩ තිබිණි.

සිය තොග ගබඩාවල ඩෙක්සාමෙතසෝන් ඖෂධය ඇසුරුම් 200000ක් පමණ පවතින අතර ඒවා ජාතික සෞඛ්‍ය සේවාව හරහා රෝගීන්ට ලබා දීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.

Prime Minister Boris Johnson''මේක බ්‍රිතාන්‍යයේ වැදගත් විද්‍යාත්මක ජයග්‍රහණයක්, මෙය සැමරිය යුතු අවස්ථාවක්'' - අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්

"මේක බ්‍රිතාන්‍යයේ වැදගත් විද්‍යාත්මක ජයග්‍රහණයක්," බව හැඳින්වූ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ, මෙය සැමරිය යුතු අවස්ථාවක් බවය. "අපි සතුව ප්‍රමාණවත් තොග පවතින බවට තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා, දෙවන රැල්ලක් ආවත් ඒකටත් මුහුණ දෙන්න පුළුවන් ආකාරයට."

එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය ක්‍රිස් විටී පැවසුවේ, මෙම ඖෂධය මගින් ලෝකය පුරා ජීවිත ගණනාවක් බේරාගත හැකි වනු ඇති බවය.

කොරෝනාවෛරසය ආසාදිත සෑම රෝගීන් 20 දෙනෙකු අතරින් 19 දෙනෙකු රෝහලකට ඇතුළත් නොවී සුවය ලබා තිබේ.

රෝහල්වලට ඇතුළත් කර ඇති රෝගීන්ගෙන් බොහෝ දෙනෙකු සුවය ලබන නමුත් ඇතැමුන්ට ඔක්සිජන් හෝ වෙන්ටිලේටර්වල සහය අවශ්‍ය වේ.

ඉහළ අවදානමක් සහිත රෝගීන්ට ඩෙක්සාමෙතසෝන් උපකාරී වන බව පෙනෙන්නට තිබේ.

මේ වන විටත් මෙම ඖෂධය ආතරයිටිස්, ඇදුම සහ ඇතැම් සම ආශ්‍රිත රෝගීන්ට සහනයක් සැලසීම සඳහා භාවිත කෙරේ.

''ඉහළ අවදානමක් සහිත රෝගීන්ට ඩෙක්සාමෙතසෝන් උපකාරී වන බව පෙනෙන්නට තිබේ. මේ වන විටත් මෙම ඖෂධය ආතරයිටිස්, ඇදුම සහ ඇතැම් සම ආශ්‍රිත රෝගීන්ට සහනයක් සැලසීම සඳහා භාවිත කෙරේ.''

කොරෝනාවෛරසයට එරෙහිව සටන් කිරීමට උත්සහ කිරීමේදී ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික වේගයෙන් ක්‍රියාත්මක වන විට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට එය උපකාරී වන බව පෙනේ.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික ලෙස ප්‍රතික්‍රියා දැක්වීම මාරාන්තික විය හැකිය.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායමක් සිදු කළ අත්හදාබැලීමේදී රෝහල්ගත රෝගීන් 2000කට ඩෙක්සාමෙතසෝන් ඖෂධය ලබා දී, එම ඖෂධය ලබා නොදුන් තවත් රෝගීන් 4000ක් පමණ රෝගීන් සමග සන්සන්දනය කෙරිණි.

එහිදී වෙන්ටිලේටර් යන්ත්‍ර භාවිත කළ රෝගීන්ගෙන් 40% සිට 28%ක් දක්වා පිරිසකගේ මරණ අවදානම ඉවත් විය.

ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගෙන් 25% සිට 20%ක් දක්වා පිරිසකගේ මරණ අවදානම ඉවත් විය.

ප්‍රධාන පර්යේෂක මහාචාර්ය පීටර් හෝර්බි පැවසුවේ, "මෙතෙක් හමුවූ මරණ අවදානම අඩු කළ හැකි එක ම ඖෂධයයි. ඒක වැදගත් සොයා ගැනීමක්," බවය.

පර්යේෂක නියමු මහාචාර්ය මාර්ටින් ලැන්ඩ්‍රේ පැවසුවේ, පර්යේෂණය මගින් පහත කරුණු අනාවරණය වූ බවය.

    #  වෙන්ටිලේටර්වල සිටින සෑම රෝගීන් 8 දෙනෙකුගෙන් එක් අයෙකුගේ ජීවිතය බේරා ගත හැකි බව,

    #  ඔක්සිජන් ලබා දෙන සෑම රෝගීන් 20-25 දෙනෙකුගෙන් එක් අයෙකුගේ ජීවිතය බේරා ගත හැකි බව

"මේකෙන් පැහැදිලි ප්‍රතිලාභයක් ලැබෙනවා," ඔහු පැවසීය.

"දින 10ක ඩෙක්සාමෙතසෝන් ප්‍රතිකාරය සඳහා වැය වෙන්නෙ පවුම් 5ක පමණ මුදලක්."

"ඒ නිසා අනිවාර්යයෙන් ම ජීවිතයක් බේරා ගන්න වැය වෙන්නේ පවුම් 35ක් පමණයි."

"මේක ලෝකයේ ඕන ම තැනක තියෙන ඖෂධයක්."

අවශ්‍ය වේලාවට, ප්‍රමාදයකින් තොරව රෝහල්ගත රෝගීන්ට මේ ඖෂධය ලබා දිය යුතුයි, මහාචාර්ය ලැන්ඩ්‍රේ පවසයි.

කෙසේ වෙතත්, සාමාන්‍ය වැසියන් පිටතට ගොස් එම ඖෂධය මිල දී ගෙන නිවසේදී එය භාවිත කිරීම සුදුසු නොවේ.

කොරෝනාවෛරසයේ සුළු රෝග ලක්ෂණ ඇති ශ්වසන අපහසුතා නොමැති පුද්ගලයින්ට මෙම ඖෂධය මගින් සහනයක සැලසෙන හැඩක් දක්නට නොලැබේ.

corona twite

(බීබීසී සිංහල සේවය - බීබීසී සෞඛ්‍ය පුවත් සංස්කාරක මිෂෙල් රොබර්ට්ස්ගේ ලිපියක් ඇසුරෙනි.)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්