ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි අටදහස් පන්සීයක් පමණ පසුගිය වසරේ ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීය  පවසයි.

ඒ අතරින් දරුවන් වැඩට යොදාගැනීම පිළිබදව පැමිණිලි දක්නට ලැබුනේ 235 ක ප්‍රමාණයක් බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසන්නේ.

"ඔබ දන්නවා 1929 ළමා උපකාරක සේවයට අපට විශාල වශයෙන් පැමිණිලි ලැබෙනවා ළමා අපයෝජනයන් පිළිබදව 2019 වර්ෂයේදී අපට ලැබී තිබෙනවා 8500 ක් පමණ ළමා අපයෝජන පිළිබද පැමිණිලි."  

සභාපතිවරයා ඒ බව සදහන් කළේ පසුගිය සතියේ යෙදී තිබු ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් නිකුත් කළ වීඩියෝ  නිවේදනයකය.

මේ වසරේ ජුනි 12 වන දින වන විට ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 3500 ක පමණ ප්‍රමාණයක් ලැබී තිබෙන බව සදහන් කරන මහාචාර්ය මුදිත විදානපතිරණ අවධාරණය කරන්නේ, ඒ අතරින් ළමයින් ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීම පිළිබදව පැමිණිලි සංඛ්‍යාව 87 ක් පමණක් වු  බවයි.

කොරෝනා වසංගතය   හමුවේ රට පුරා නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක වු සමයේ ළමා ශ්‍රමිකයන් පිළිබදව පැමිනිලි වල අඩුවක් දක්නට ලැබුණු බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

child labor in sri lankaවයස අවුරුදු 16 දක්වා වන ළමයෙකු ළමා ශ්‍රමිකයකු ලෙස යොදා ගැනීම තහනම් කිරීමට
2020 වසරේ ජුනි 11 වන දින කැබිනට් අනුමැතිය හිමිවිය.

වයස අවුරුදු 16 දක්වා වන  ළමයෙකු ළමා ශ්‍රමිකයකු ලෙස යොදා ගැනීම තහනම් කිරීමට 2020 වසරේ ජුනි 11 වන දින කැබිනට් අනුමැතිය හිමිවු බව පවසන  සභාපතිවරයා පෙන්වා දෙන්නේ  එයට පෙර පැවැති වයස් සීමාව අවුරුදු 14 ක් බවයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරීය වෙත මේ දක්වා  ලැබී ඇති සියලුම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කර අදාල නීති ක්‍රියාමාර්ග ගෙන ඇති බව පවසන මහාචාර්ය මුදිත විදානපතිරණ අවධාරණය කරන්නේ, ළමා ආරක්ෂාව තහවුරු කිරීම හා ළමයින්ගේ උපරිම යහපත සැලසිම සඳහා සියලු පුද්ගලයන් හා පාර්ශවයන් වගකීමෙන් යුතුව, එක්ව කටයුතු සිදු කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අපේක්ෂා කරන බවයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් ළමයින් ශාරීරික, මානසික, ලිංගික හා නොසලකා හැරීම් යන සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීය අවධාරණය කරයි.

ළමා ආරක්ෂක අධිකාරිය සතු බලතල ක්‍රියාත්මක කිරීමේදී ඊට බාධා කරන හෝ ප්‍රතිරෝධය පාන සෑම තැනැත්තෙක්ම වරදක් සිදු කරන අතර, එම තැනැත්තන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදු කරන බව එහි සභාපතිවරයා වැඩි දුරටත්  දැනුම් දෙයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්