බරපතල ලෙස කඩා වැටී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා තමන් යෝජනා කරන පියවර නොගෙන නිදා වැටී සිටින බවට රටේ ඉහලම බැංකු නිලධාරීන්ට ජනාධිපතිවරයා දැඩි ලෙස දෝෂාරෝපනය කළ දිනම

මහ බැංකුව විසින් කෝටි 115,000 ක් මුදා හැරීමට ගත් තීරණය රුපියල අවප්‍රමාණ වීම ඇතුළු අනිටු පල විපාක ගෙන දෙනු ඇති බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.

වාණිජ බැංකු විසින් මහ බැංකුවේ අනිවාර්යයෙන් තැන්පත් කර තිබිය යුතු මුදල සියයට හතරේ සිට සියයට දෙක දක්වා වන ලෙස ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) පහත හෙලීම තුළින් ණය දීම පහසු කරනු පිණිස රුපියල් බිලියන 115 ක් මුදා හැරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූනි මස 16 දා තීරණය කර තිබේ.

“එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙයි,” යනුවෙන් මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රීය ස්ථානය විසින් මෙම තීන්දුව ගනු ලැබුවේ ණය ලබාගෙන ආර්ථිකය නගා සිටුවීම සඳහා රුපියල් කෝටි 150,000 ක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම ඉටු නොකරන බව පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් ඇතුළු ඉහල නිලධාරීන් කැඳවා කෝපයෙන් යුතුව බැන වැදීමෙන් අනතුරුවය.

“ඉතාමත් කෙටි කාල සීමාවක් තුල” මහබැංකුව විසින් ගන්නා ලද පියවර අගය කරමින් නිවේදනයක් නිකුත් කරන ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ මුදල් ව්‍යාපාරිකයන් අතට පත් කිරීම සඳහා අලුතින් ණය ලබාදීමේ වැඩසටහන් සකස් කරන බවයි.

නරක ප්‍රතිපල උදා කරනු ඇති බවට අනාවැකියක් !

ජනාධිපති වරයාගේ වාග් ප්‍රහාරයෙන් බිය වැදී මහ බැංකුව මෙලෙස ආර්ථිකය සම්බන්ධ තීරණ ගැනීමෙන්  නරක ප්‍රතිපල උදා කරනු ඇති බවට මුල් පෙලේ ආර්ථික විශේෂඥයෙක් අනතුරු අඟවා තිබේ.

“තැන්පතුකරුවන්ට අඩුවෙන් ප්‍රතිලාභ ලැබීම, භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර රේට්ටු කඩා වැටීම, එම වෙළෙඳපොළට විදේශීය මුදල් ගලා ඒම අඩු වීම සහ අවප්‍රමාණ වීමෙන් රුපියල තවත් පීඩාවට පත්වීම ආදී ප්‍රතිවිපාක එමගින් වෙනත් ක්ෂේත්‍ර වලට උදා කරනු ඇත,” යි මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර ඇත.

wijewardhana txt17මහබැංකුවේ අලුත් තීරණය සමග ව්‍යාපාරිකයන්ට ණය දීම සඳහා තමන් ඉල්ලා සිටි කෝටි එක්ලක්ෂ පනස් දහසම ලැබුණු ජනාධිපතිවරයා බවට ජනාධිපතිවරයා සතුට පල කර තිබේ.

“ඒ අනුව, 2020 මාර්තු මස 27 වැනි දින හඳුන්වා දුන් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රමය යටතේ දැනටමත් ලබා දී ඇති රුපියල් බිලියන 27.5ට අමතර ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට 1%ක සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබා දෙනු ඇති අතර, එම පහසුකම දේශීය ව්‍යාපාර බොහොමයක් සඳහා ‌බෙදී යෑම සහතික කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එම අරමුදල් 4%ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට ලබා දෙනු ඇත. 

මෙම යෝජනා ක්‍රමය සහ දැනට පවතින ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය මගින් කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 150ක් සැපයෙනු ඇත,” යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ.
 
කොන්ත්‍රාත් ව්‍යාපෘති සඳහා 
 


“මීට අමතරව, ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර විසින් අතීතයේ සිදු කරන ලද කොන්ත්‍රාත් ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදලට සමානව රජය විසින් නිකුත් කෙරෙන ඇපකරයක් මත ඉහත සඳහන් සහනදායී පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අරමුදල් සම්පාදනය කෙරෙමින් එම ව්‍යාපාර සඳහාම වෙන් වූ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනු ඇත.”

මෙම නව ණය යෝජනා ක්‍රම පිළිබඳ මෙහෙයුම් උපදෙස් හැකි ඉක්මනින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි කාලයේ දී නිකුත් කරනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සහතික වී තිබේ.

WhatsApp Image 2020 06 17 at 10.08.59 PM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image