මහ බැංකුවේ හැසිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පෙරේදා (16) සිදුකළ ප්‍රකාශය සමග තමන් සම්පූර්ණයෙන් එකඟ වන බවත් අර්බුදයක් මතුනොවන ආකාරයට මැදිහත්වීමට අවස්ථාව තිබුණද ශ්‍රී ලංකා මහ බැංකුව

එය ඉටු නොකළ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර සිටියි.

රටේ පැරණිතම මූල්‍ය ආයතනය වන 'ද ෆිනෑන්ස්' ආයතනය වසා දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙම කරුණු හෙළි කර සිටියේය.

"විශේෂයෙන්ම මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක්, එතුමා කියා හිටියේ මේක වහන්න ඕනෑමයි කියන මතයේ. ඒ අනුව වැහුවා. ලොකු හපන්කමක් කළා වගේ තමයි, ඒ අය මේක කියන්න හදන්නේ. මේ නිසා තැන්පත්කරුවන් 10,072කට මුදල් ලැබෙන්නේ නැහැ. මට පේන විදිහට රු.බිලියන 22.6ක් ඒ තැන්පත්කරුවන්ට  අහිමි වෙනවා. මේක සාධාරණ නැහැ. මහ බැංකුවේ ඉන්න නිලධාරීන් මේ සඳහා වගකියන්න ඕනෑ. ඇයි මෙහෙම වෙන්න දුන්නේ. 

පෙන්ෂන් අරගන්න 2300ක් මහ බැංකුවේ ඉන්නවා. ඒ වගේ හතර ගුණයකට මේ 'ද ෆිනෑන්ස්' එක හරහා තමන්ගේ ආදායම අහිමි වෙනවා. එය කිසිසේත්ම සාධාරණ නැහැ. ඒ සම්බන්ධයෙන් මැදිහත්වීමට හැකියාව තියෙද්දීත්, මහ බැංකුව එය නොකිරීම කිසිවිටෙකත් අනුමත කිරීමට බැහැ."

2008 සහ 2009 වසරේදී සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සෙලාන් බැංකුව ඇතුළුව ආයතන 12ක් බරපතල ප්‍රශ්නවලට මුහුණ දුන් අතර ඒ සියල්ලක්ම විසඳූ අතර වසා දමන තැනට නොගිය බව හිටපු මහ බංකු අධිපතිවරයා කියා සිටියේය.

සිදුව  තිබෙන වැරැද්ද නිවැරදි කරමින් එම ආයතනය නැවත ස්ථාපනය කර රටේ ආර්ථිකය මෙහෙයවීමේ ක්‍රියාවලියට අනුගත කළ යුතු බවත් එහෙත් දැනට ඉන්නා කණ්ඩායම සමඟ නම් එය කළ නොහැකි බවද හිටපු මහ බැංකු අධිපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කළේය.

 ''මුදල් මණ්ඩලය ගෙන තිබෙන තීන්දු කණපිට ගැසිය යුතුයි''

ජනතාවගේ පාර්ශවයෙන් සිතා මුදල් මණ්ඩලය ගෙන තිබෙන තීන්දු නැවත හැරවීමට සිදුව තිබෙන අතර එය කළ හැකි බව ඔහු සඳහන් කර සිටියේය.

"මහින්ද රාජපක්ෂ මහතා මට දුන්න මූලික උපදෙසක් තමයි යුද්ධය කාලයේදී මේ ආයතන එකක්වත් වැටෙන්නට දෙන්නේ නැතිව කටයුතු කිරීම. අපි ඒක පිළිපැද්දා. අද වුණත් මම මැදිහත්වෙලා ආරම්භ කරපු Deposit Insurance Fund එකෙන් තමයි  දැන් මේ උජාරුවට ගෙවන්න යන්නේ."

මෙවැනි හිතුවක්කාර ක්‍රියා නැවත්වීමට නම් අදාළ වගකීම් නිවරැදි පුද්ගලයන්ට භාර දිය යුතු බව හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

ප්‍රතිපත්ති තීරණවලට වගකිව යුතු මුදල් මණ්ඩලයේ ඉන්නේ කව්ද ? 


S R Attygalle 2020.06.17
''දැන්, මේ අවුලට වරද, ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් හා එස්.ආර්. ආටිගල නම් ඔවුන් දෙදෙනා ඉවත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට මේ  මොහොතේම පවතී.  රජයට ඉතා හිතවත් සංජීව ජයවර්ධනට වුව ද, ඉවත් කිරීම දුෂ්කර නැත.'' 

මේ අතර මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් දකුණු පළාත් හිටපු  ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසන්නේ, 
‘‘මහ බැංකුවේ කළමණාකරණයට, මෙහෙයුමට සහ පරිපාලනයට සම්බන්ධ සියලු ම ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා වගකිව යුතු මුදල් මණ්ඩලය‘‘  පසෙක තබා මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට චෝදනා කිරීම යහපත් නැතැ යි‘‘ කියාය.

මහ බැංකුවේ කළමනාකරණය, මෙහෙයුම් හා පරිපාලනය සම්බන්ධ තීරණ ගන්නේ ‘මුදල් මණ්ඩලය‘ යි.  හැබැයි, අද එහි සාමාජිකයින් පහෙන් ඉන්නේ තුනයි.  ඉතින් මහ බැංකුව රටක ආර්ථික හසුරුවන්ට  රජයට උපදෙස් දෙන්නේ කොහොමදැයි?යි, රජිත් කීර්ති තෙන්නකෝන් විමසයි. ඔහුගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.


මහ බැංකුවේ තීරණ ගන්නේ කවුද? 

මුදල් කටයුතු පිළිබද රජයට උපදෙස් දීමේ වගකීම ඇත්තේ මහ බැංකුවට නොව ‘මුදල් මණ්ඩලය‘ (Monetary Board) ට ය.  එය මහ බැංකුවේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙසේය.  

 ''ශ්‍රී ලංකා මහ බැංකුව සංස්ථාපිත ආයතනයක් නො වන නිසා එයට ම ආවේණික වූ නීතිමය ව්‍යුහයක් මහ බැංකුවට ඇත. මුදල් නීති පනතට අනුව සියලු ම බලතල සහ කාර්යයන් හිමි මුදල් මණ්ඩලයට සංස්ථාපිත වගකීම පැවරී ඇත. පාලන අධිකාරිය ලෙස මහ බැංකුවේ කළමණාකරණයට, මෙහෙයුමට සහ පරිපාලනයට සම්බන්ධ සියලු ම ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මුදල් මණ්ඩලය වගකිව යුතු ය. '' 

 ''ශ්‍රී ලංකා මහ බැංකුව සංස්ථාපිත ආයතනයක් නො වන නිසා එයට ම ආවේණික වූ නීතිමය ව්‍යුහයක් මහ බැංකුවට ඇත. මුදල් නීති පනතට අනුව සියලු ම බලතල සහ කාර්යයන් හිමි මුදල් මණ්ඩලයට සංස්ථාපිත වගකීම පැවරී ඇත. පාලන අධිකාරිය ලෙස මහ බැංකුවේ කළමණාකරණයට, මෙහෙයුමට සහ පරිපාලනයට සම්බන්ධ සියලු ම ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මුදල් මණ්ඩලය වගකිව යුතු ය. '' 

පෙරේදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේ පුටුවල වාඩිවී  සිට මහ බැංකුවේ නිලධාරීන් සිදු කරන්නේ, මුදල් මණ්ඩලය විසින් ලබා දෙන උපදෙස් හා නියෝග ක්‍රියාත්මක කිරීම යි.  1949 අංක 58 දරණ මුදල් නීති පනත නැත්තම්, ලංකාවේ නීතියට අනුව නම් විය යුත්තේ ද එයයි. 

නීතිය හා ප්‍රායෝගිකව ධනාත්මක ප්‍රතිඑලයක් ලබා ගැනීමට නම්, ජනාධිපතිවරයා ‘මුදල් මණ්ඩලයේ‘ සාමාජිකයින් සමග සාකච්ඡා කිරීම වඩා යහපත් විය හැකිව තිබුණි.  මුදල් කටයුතු පිළිබද රජයට උපදෙස් ලබාදීමේ නෛතික බලය ඇත්තේ ඔවුන්ට බැවිනි.  උපදේශකයා  (මුදල් මණ්ඩලය) ප්‍රසිද්ධියේ අපහසුතාවට පත් කළ පසුව, තවදුරටත් රජයට (හෝ රාජ්‍ය නායකයාට) උපදෙස් දීමට හැකියාවක් පැවතිය නොහැකිය.    

මුදල් මණ්ඩලයේ පුරවන්නේ නැති පුරප්පාඩු:


Nihal Dushni                                                             ඉල්ලා අස්වූ නිහාල් ෆොන්සේකා සහ දුෂ්නි වීරකෝන්

සමාන්‍ය තත්තවය යටතේ මුදල් මණ්ඩලයේ සාමාජිකයින් 5 දෙනෙකි.  නමුත්, දැන් ඉන්නේ තිදෙනෙකි. ඒ, මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල (නිල බලයෙන්)  හා පත් කළ සාමාජික ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යි.  

පසුගිය දා, ඉල්ලා අස්වූ නිහාල් ෆොන්සේකා සහ දුෂ්නි වීරකෝන් වෙනුවෙන් නව සාමාජිකයින් පත් කර නොමැත. එම පත්වීම් සිදු කල යුත්තේ මුදල් අමාත්‍යවරයා (මහින්ද රාජපක්ෂ) විසින් ජනාධිපති වෙත නිර්දේශකරන නම්, ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ලබා දෙන පත්වීම් ලිපියකිනි.  

දැන්, මේ අවුලට වරද, ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් හා එස්.ආර්. ආටිගල නම් ඔවුන් දෙදෙනා ඉවත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට මේ  මොහොතේම පවතී.  රජයට ඉතා හිතවත් සංජීව ජයවර්ධනට වුව ද, ඉවත් කිරීම දුෂ්කර නැත. ''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image