ඩයලොග් ටී.වී. චැනලය ඔස්සේ මෙතෙක් සජීවීව විකාශය කළ UTV විකාශය වහාම අත්හිටුවීමට ඩයලොග් පරිපාලනය තීරණය කර ඇතැයි වාර්තාවේ.
විශේෂයෙන් ශ්රී ලාංකීය මුස්ලිම් ජාතිකයින් අතර අතිශයෙන් ජනප්රිය UTV නාලිකාව 'රේටින්' අනුව දෙමල භාෂාවෙන් දෙවන ස්ථානයේ පසුවේ.
කෙසේවුවද ඩයලොග් ටී.වී. ආයතනය මේවනවිට සිය විකාශය හරහා දැනුම් දී ඇත්තේ UTV විකාශය අත්හිටුවන බවයි.
ඩයලොග් ටී.වී. ආයතනය මෙවැනි තීන්දුවක් ගෙන ඇත්තේ, මහ මැතිවරණයක් පැවැත්වෙන මෙම වකවානුවේ දී UTV නාලිකාව විසින් දේශපාලන වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට පියවර ගැනීමත් සමගය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලද සියලු රුපවාහිනී ආයතනවල රුපවාහිනී වැඩසටහන් ඩයලොග් ටී.වී. චැනලය ඔස්සේ අඛණ්ඩව විකාශය කෙරෙමින් තිබිය දී මෙසේ UTV නාලිකාවට බලපෑම් කිරීම ආණ්ඩුවේ ඉහල බලපෑමක් මත සිදුව ඇතැයි වාර්තාව ඇතත් ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ඩයලොග් ටී.වී. හි ප්රකාශකයකු එම චෝදනාව ප්රතික්ෂේප කර සිටියේය.