ජනතාව විසින් තමාට ලබාදී ඇති අතිවිශාල ජනවරමට අනුව ඉතිරි වසර හතරක කාලය තුළ රට යලි ගොඩනැගීමට තමා කටයුතු යුතු කරන බවත් මහ මැතිවරණයෙන් පසු ද ඊට අනවශ්‍ය බලපෑම් නොකරන ලෙස ජනාධිපතිවරයා තම පවුලේ සමීපතම හිතවතකු මාර්ගයෙන් පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂට දැනුම් දී ඇත. 

මධ්‍යම අධිවේගී මාර්ගය නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු අලවුවේදී පැවති ජනහමුවක් අමතමින් අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් කියා සිටියේ, ''මහින්ද අයියා දේශපාලනය කරන්න. මම රට හදන්නම්, වැඩ කරන්නම්’ කියා තම සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට පවසා ඇති බවයි.

එම කාර්ය තමන්ට ද ඉතා පහසු බව ද අගමැතිවරයා එහිදී සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා උදෑසන ආරම්භ වූ තැන් පටන් මධ්‍යම රාත්‍රී 11-12 පමණ වන තෙක් රට වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවද අගමැතිවරයා පැවසීය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්