කෝවිඩ්-19 වෛරස් රෝග වසංගතය රට පුරා පැතිර ගොස් තිබෙන අවස්ථාවක නිරෝධායන පනතට අදාළ නීති කඩකරමින්

මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී වෛරසය ආසාදිත වුවහොත් අපේක්ෂකයන්ට ඔවුන්ගේ ආධාරකරුවන්ට අනිවාර්යයෙන්ම සති තුනක් නිරෝධායනයට ලක්වීමට සිදුවන බවට මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම අනතුරු අඟවයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති රැස්වීමකදී වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා සියලු අපේක්ෂකයන්ට මැතිවරණ නීතිය හා නිරෝධායන නීතිය පොදු බවද සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී තිස්ස කරුණාරත්න ද පක්ෂ බලලත් නියෝජිතයෝ ද මෙම රැස්වීමට සහභාගී වූහ.

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, ජනමාධ්‍ය වල සහයෝගයද සහිතව,  කෝවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාව තුල මුලුමනින්ම පාහේ පාලනය කර ඇති බව පැවසුවද, ජාත්‍යන්තරව සිදුවන වර්ධනයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ අවදානම පහලගොස් නැතිබව පමනක් නොව, එය හිටිවනම දැවැන්ත පරිමානයකින් ඉහල යා හැකි බවයි.

අසල්වැසි ඉන්දියාවේ දිනක් තුල සිදුවූ ඉහලම කොරෝනා මරන සංඛ්‍යාව පෙරේදා වාර්තා කෙරුනි. දෛනික මරන සංඛ්‍යාවේ සාමාන්‍යය 500 කට අඩු අගයක පැවැතීගෙන අවුත් බදාදා දිනයේ එම අගය 2003 දක්වා හිටිවනම ඉහල නැගුනි.

සබැඳි පුවත් :

කෝවිඩ්-19 වසංගතයේ අවදානම යලිත් ඉහලයි!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්