බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් හෙද කාර්ය මණ්ඩලයට අනියමින් බලපෑමක් සිදුකර ඇති බවට සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කර සිටියි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් හෙද නිලධාරී එස්. බී. මැදිවත්ත එවැනි චෝදනාවක් කරන්නේ, '#කොවිඩ්- 19  වෛසරයේ බලපෑම මත ඇතිවී තිබෙන මුල්‍ය අර්බුදයට දායකත්වය ලබාදීම'  යන මැයෙන් ජුනි 18 දා බස්නාහිර පලාතේ සියළු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හා පලාතේ සියළු රෝහල්  ප්‍රධානීන් වෙත පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් ඒවා ඇති දැනුම්දීමට විරෝධය පළකරමිනි. 

බස්නාහිර පලාත් සභාවේ රෝහල්වල සේවය කරනු ලබන සියළු හෙද නිලධාරීන්ගෙන් එක් දිනක වැටුප ලබාදීමට අකැමැති අයගෙන් ලිඛිත එකගතාව ලබා ගන්නා ලෙසත්, එකගතාව ලබානොදෙන නිලධාරින්ගෙන් ජූනි මස වැටුපෙන් දිනක වැටුප අය කරගැනීමට කටයුතු කරන ලෙසට බස්නාහිර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් 
දැනුම්දී ඇත.

සම්පුර්ණයෙන්ම නිති විරෝධී කටයුත්තක්:

මෙය සම්පුර්ණයෙන්ම නිති විරෝධී කටයුත්තක් බව සමස්ත ලංකා හෙද සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

මෙසේ මුදල් ලබා දීමට අකැමැති අයගෙන් ලිඛිත එකගතාව ලබාගන්නා ලෙස දැනුම් දීම වනාහී හෙද කාර්ය මණ්ඩලය අනියමින් බලපෑමකට ලක්කර ඔවුන්ගෙන් මුදල් ලබාගැනීමට තැත් කිරීමක් බව එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. 

#කොවිඩ්- 19 #Covid- 19 වසංගත තත්වය හමුවේ දැඩි අපහසුතා ගනනාවක් මැද රෝගී සත්කාරයේ නිරත වූ බස්නාහිර පලාතේ හෙද හෙදියන්ගේ දීමනා ගනනාවක් කප්පාදු කර තිබේ. එය ‘‘සුව විරුවන්’’ ලෙස නම් කල හෙද කාර්ය මණ්ඩලයට සිදුකල බලවත් අසාධාරණයකි. 

එවන් තත්වයක් තුල මුදල් ලබාදීමට ලිඛිත කැමැත්ත පල කල හෙද නිලධාරීන්ගෙන් හැර අන් අයගෙන් මුදල් අය කර ගැනීමට ගන්නා උත්සාහයට අප සංගමයේ බලවත් විරෝධය පල කර සිටින අතර යම් හෙයකින් එලෙස බලපෑම් කර මුදල් අය කිරීමට කටයුතු කලහොත් ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද දන්වා සිටිමු.''

                           බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා කාර්යාලය මගින් නිකුත් කර ඇති නිවේදනය

WhatsApp Image 2020 06 21 at 9.47.48 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්