තම සොයුරාට එරෙහිව බොරුවට චෝදනා නගමින් දේශපාලකයින් මෙන් ඡන්දේ කරන්න යන්න එපා යයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී ඊයේ (ජුනි 20) පස්වරුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ඉල්ලා සිටියේය.
ලංකා සතොස ආයතනය සදහා සහල් ආනයනය කිරීමේදී සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු එම ඉල්ලීම කළේය.
එහිදී මාධ්‍යවේදීන් කල විමසීම් වලදී ඔහු මෙසේද සඳහන් කළේය.
''හාල් සතොස ගබඩාවල තිබුණා. දවස් 52 කාලයේදී එම අමාත්‍යංශයෙන්ම මාව අයින් කරලා වෙන අමාත්‍යවරයෙක් පත්කරලා තිබුණා. මම පත්කරපු සභාපතිවරයාවත් අයින් කරලා වෙන සභාපතිවරයෙක් පත් කරලා තිබුණා.
ආපහු එම අමාත්‍යංශයට දෙසැම්බර් මාසයේ 20 වෙනිදා මම පත්වුණාම මම පත් කරපු සභාපතිතුමා ඇවිල්ලා මට කිව්වා ගබඩාවල තිබුණ හාල් හොරකම් වෙලා තියෙනවා යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා කියලා. ඒ වෙලාවෙදී මම උපදෙස් දුන්නා ඒවා පරීක්ෂණය කරන්න කියලා ඉන්ටර්නල් ඔඩිට් එකට බාර දෙන්න කියලා. ඒ ඔඩිට් රිපෝට් වාර්තාව ලැබුණ ගමන් ජෙනරල් ඔඩිට් එකට එවන්න කිව්වා. ඒ වගේම වාර්තාවේ කොපියල් CID එකට දීල පැමිණිල්ලක් දාන්න කියලා මම සභාපතිවරයාට උපදෙස් දුන්නා.
ඒ අනුව එතුමා CID එකට දාපු පැමිණිල්ල අනුව ඒකට සාක්ෂි දෙන්න කියලා මට අද එන්න කියලා තිබුණා. මම ගිහිල්ලා සාක්ෂි දීල එන ගමන්.
''ඇත්තෙන්ම මල්ලී නිර්දෝෂී මල්ලි වැරැද්දක් කරලා නැහැ''
ඒ ගමන්ම මල්ලිවත් බැලුවා. ඇත්තෙන්ම මල්ලී නිර්දෝෂී මල්ලි වැරැද්දක් කරලා නැහැ. අර ඉන්සාඩ් අහමඩ්, ඉම්රාන්ගේ පුතා කෝල් 6 ක් දීල තිබුණා කියලා තමයි අත් අඩංගුවට ගත්තේ. දැන් එක එක කතා හදලා කියනවා. කොහොම නමුත් මට CIDය ගැනත් පොලිසිය ගැනත් විශ්වාසයක් තියෙනවා සාධාරණය ඉටු කරයි කියලා. සත්‍ය ජයගන්නවා. මල්ලිගේ නිර්දෝෂීභාවය ඔප්පු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
ඊයේ වෙනකොට පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියලා තිබුණා මගේ සහෝදරයා ත්‍රස්ථවාදී කටයුතුවලට වාහන ලබා දුන්නා කියලා, සල්ලි ලබා දුන්නා කියලා කිව්වා. සම්පූර්ණ අසත්‍ය චෝදනාවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කිව්වා.
මම එතුමාගෙන් අහනවා මගෙ සහෝදරයා වාහන ලබා දීල තියෙනවා නම්, වාහන අංක මොනවාද කවදද වාහන දුන්නේ කාටද, ඒ වගේම මුදල් ලබා දීල තියෙනවා නම් කීයක්ද දුන්නේ කාටද දුන්නේ කියලා උසාවියට ඔබතුමා ඉදිරිපත් කරන්න.
''මම එතුමාගෙන් අහනවා මගෙ සහෝදරයා ත්රස්තවාදීන්ට වාහන ලබා දීල තියෙනවා නම්, වාහන අංක මොනවාද කවදද වාහන දුන්නේ කාටද, ඒ වගේම මුදල් ලබා දීල තියෙනවා නම් කීයක්ද දුන්නේ කාටද දුන්නේ කියලා උසාවියට ඔබතුමා ඉදිරිපත් කරන්න.''
''මාස දෙකක් තාම ඩීඕ ගහලා ඇතුලේ තියාගෙන... වරදක් කරලා තියනවා නම් උසාවියට කියන්න''
ඔබතුමා දේශපාලකයෝ වගේ ඡන්දේ කරන්න යන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. වරදක් කරලා තියෙනවා නම් වාහන ලබා දීල තියෙනවා නම් සල්ලි ලබා දීල තියෙනවා නම් උසාවියට තමයි ඉදිරිපත් කරන්න ඕනේ.
මාස දෙකක් තාම ඩීඕ ගහලා ඇතුලේ තියාගෙන මේ මාධ්‍ය ප්‍රකාශ ඔක්කොම දේශපාලකයෝ වගේ ඇවිත් මාධ්‍යයට බොරු කියනවා. ඒක සම්පූර්ණ අසත්‍ය චෝදනාවක්. මම නැවතත් කියනවා මගේ සහෝදරයා නිර්දෝෂී කිසිම වැරැද්දක් කරලා නැහැ.
ඉන්සාඩ් අහමඩ් කියන ව්‍යාපාරිකයා කෝල් 6 ක් දීල තියෙනවා. කෝල් 6 ක් දුන්නේ මොකටද? එයා ව්‍යාපාර කරේ. මගේ සහෝදරයත් ව්‍යාපාරිකයෙක්. ඒ වගේ කෝල් 6 ආවා කියලා තමයි අත්අඩංගුවට ගත්තේ.
මගේ සහෝදරයාවත් එක්ක අත්අඩංගුවට ගත්ත කෝල් 600 ක් ගත්ත මනුස්සයාව නිදහස් කරලා ඉවරයි. කෝල් 250 ක් ගත්ත මනුස්සයාව එදාම නිදහස් කරලා ඉවරයි. නමුත් කෝල් 6 කට තාම මගේ සහෝදරයාව තියාගෙන මේ කරන බොරුව ගැන මට වේදනාවයි.''
''මගේ සහෝදරයාවත් එක්ක අත්අඩංගුවට ගත්ත, ඉන්ෂාෆ් අහමඩ්ට කෝල් 600 ක් ගත්ත මනුස්සයාව නිදහස් කරලා ඉවරයි. කෝල් 250 ක් ගත්ත මනුස්සයාව එදාම නිදහස් කරලා ඉවරයි. නමුත් කෝල් 6 කට තාම මගේ සහෝදරයාව තියාගෙන මේ කරන බොරුව ගැන මට වේදනාවයි.''
පැහැදිලිවම දේශපාලන පලිගැනීමක් :
සිය සොයුරා අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටීම සම්බන්ධයෙන් theleader.lk වැඩිදුරටත් කළ විමසීමක දී හිටපු අමාත්‍ය රිෂාඩ් බද්දුර්දින් මෙසේ සඳහන් කළේය.
''මීට වසර කිහිපයකට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡාවක් සදහා මට ලැබුණු ආරාධනාවක් අනුව මම ඊට සහභාගී වුනා. එම සාකච්ඡාව සඳහා තවත් මුස්ලිම් ඇමතිවරුන් කිහිප දෙනෙකු සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක්ද සහභාගී වී සිටියා.
එම සාකච්ඡාවේ දී අගමැතිතුමා විසින් අප වෙත පවසා සිටියේ, ISIS සංවිධානය සමග ලාංකික අයෙකු සම්බන්ධ වී මිය ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, සමාජ මාධ්‍යය ඔස්සේ එම සංවිධානයට පාක්ෂිකව යම් යම් අදහස් හුවමාරු වන බවටත් තොරතුරු ලැබී ඇති බවයි.
ඒ අනුව මෙය වැළැක්වීම සඳහා කුමන ආකාරයකින් හෝ ආරක්ෂක අංශ වෙත සහය ලබා දෙන ලෙස අගමැතිවරයා මුස්ලිම් මන්ත්‍රීන් හා ඇමතිවරු ගෙන් ඉල්ලීමක් කර සිටියා.
ආරක්ෂක ලේකම්ගේ සාකච්ඡා :
ඉන් අනතුරුව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් කරුණාරත්න මහතා විසින් තවත් රැස්වීමක් කැඳවා තිබුණා. එම රැස්වීම සඳහා බුද්ධි අංශ නිලධාරීන්, හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඇතුළු තවත් ආරක්ෂක අංශ නිලධාරීන්ද, ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයින්ද, තවත් මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයින්ද සහභාගී වී සිටියා.
එහිදී ආරක්ෂක අංශ අපව දැනුවත් කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ ISIS සංවිධානයට පාක්ෂිකව අදහස් දක්වන පුද්ගලයින් 30 දෙනෙකු පමණ ඒ වන විටදී හදුනාගෙන ඇති බවත් ඔවුන් වෙනුවෙන් යම් ක්‍රියාදාමයක් ආරක්ෂක හරහා කරගෙන යන බවත් මුස්ලිම් නියෝජිතයින් වශයෙන් අපට කුමන අයුරින් සහයෝගය දැක්විය හැකි දැයි විමසා සිටියා.
ඒ අවස්තාවේදී අප පවසා සිටියේ, ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් හට ඉස්ලාම් ආගමේ හරි මග කියා දෙන මුලික සංවිධානයක් වන ජමියතුල් උලමා සංවිධානයට ඒ අයගේ තොරතුරු ලබා දෙන්නේ නම් එම සංවිධානය මගින් එම කණ්ඩායම පුනරුත්තාපනය කිරීම සඳහා කටයුතු කල හැකි බවයි.
''ඒ අවස්තාවේදී අප පවසා සිටියේ, ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් හට ඉස්ලාම් ආගමේ හරි මග කියා දෙන මුලික සංවිධානයක් වන ජමියතුල් උලමා සංවිධානයට ඒ අයගේ තොරතුරු ලබා දෙන්නේ නම් එම සංවිධානය මගින් එම කණ්ඩායම පුනරුත්තාපනය කිරීම සඳහා කටයුතු කල හැකි බවයි.''
එවැනි රැස්වීම් 2කට පමණ අපව කැඳවා තිබුණත් ඒ අයගේ විස්තර අප වෙත හෝ ජමියතුල් උලමා සංවිධානය වෙත ලබා දී තිබුණේ නැහැ.
ඉන් පසුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවනතෙක් ඒ සම්බන්ධව කිසිදු රැස්වීමකට මා කැඳවා තිබුණේ නැහැ.
එහෙත් ජමියතුල් උලමා සංවිධානය විසින් සියලුම පල්ලි හරහා ගම් මට්ටමට ගොස් මෙම ISIS සංවිධානය ඉස්ලාම් සංවිධානයක් නොවන බවටත් ඔවුන්ගේ ක්‍රියාවන් ඉස්ලාම් ආගමට පටහැනි බවත් දැනුවත් කිරීම් කර තිබුණා.
''සහරාන්ව මම කිසිඳු දිනක දැකලවත් නැහැ. දුරකතනයෙන් හෝ කතාකර නැහැ.''
සහරාන් නැමති පුද්ගලයා සමග මම ජීවිතයටවත් දුරකතනයෙන් කතා කර නැහැ. ඔහු හමුවී හෝ ඔහුව දැක තිබුනේද නැහැ. ඔහු පිළිබඳව මට පළමු වරට දැනගන්නට ලැබුනේ මාවනැල්ල සිදුවීමෙන් පසුවයි. ඒ, ඔහු විසින් මුදාහැර තිබු වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබු අවස්ථාවේ දීයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී දෙමටගොඩ පිපිරවීම සිදුවීමෙන් පසුව හිටපු අමාත්‍ය ෆවුසි මැතිතුමා විසින් දුරකථනයෙන් මාව දැනුවත් කර තිබුණා ඒ පිපිරවීම සිදු වුයේ ඉබ්රාහිම් මහතාගේ නිවසේ දී බවට.
අලව්දීන්ගේ බෑනා ඉන්ෂාෆ් ඊබ්‍රාහීම් :
ඉන් දින 2කට පසුව මාගේ පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික, ප්‍රකට ව්‍යාපාරිකයෙකු වු මන්නාරම ප්‍රදේශයේ පදිංචි අලව්දීන් මහතා විසින් මා අමතා කියා සිටියා, ඔහුගේ බෑනා කෙන්යාවට යාම සඳහා ගුවන්තොටුපලට ඇරලවා, ඔහුගේ දියණිය මන්නාරමට නිවසට කැඳවා ගිය බව.
ඒ අතරදී රූපවාහිනි විකාශය තුලින් පාස්කු ඉරිදා බොම්බකරුවන්ගේ ඡායාරූප නිරීක්ෂණය කල ඔහුගේ දියණිය, සිනමන් ග්‍රාන්ඩ් හෝටලය තුලදී පුපුරවාගත් බෝම්බකරු ඇයගේ ස්වාමි පුරුෂයා බවට හඳුනාගෙන ඇති බව අලව්දීන් මහතා මා වෙත කියා සිටියා.
අලවුදීන් මහතාගේ බෑනා වූ ඉන්ෂාෆ් ඊබ්‍රාහීම් නැමැති මරාගෙන මැරුණ බෝම්බකරු ලංකාවේ ප්රමුඛ පෙළේ කුළුබඩු ව්‍යාපාරිකයෙක් වන අතර ඔහුගේ පියා කොළඹ ආනයනිකයන්ගේ වෙළඳ සංගමයේ සභාපතිවරයා වේ.
''අලවුදීන් මහතාගේ බෑනා වූ ඉන්ෂාෆ් ඊබ්‍රාහීම් නැමැති මරාගෙන මැරුණ බෝම්බකරු ලංකාවේ ප්රමුඛ පෙළේ කුළුබඩු ව්‍යාපාරිකයෙක් වන අතර ඔහුගේ පියා කොළඹ ආනයනිකයන්ගේ වෙළඳ සංගමයේ සභාපතිවරයා වේ.''
ඒ අනුව මා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා වී සිටියදී, අවුරුදු කිහිපයකට පෙර කොළඹ ආනයනිකයන්ගේ වෙළඳ සංගමයේ සාමාජිකයින් හා අමාත්‍යංශ නිලධාරීන් සමග මාගේ අමාත්‍යංශයේ පැවැත්වු සාකච්ඡාවක දී එම සංගමයේ සභාපති හා නිලධාරී මණ්ඩලය සිටි ඡායාරූපයක් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වී තිබුනා.
මට විරුද්ධ දේශපාලන මතධාරීන් විසින් එම ඡායාරූපය ප්‍රදර්ශනය කරමින්, මම එම බෝම්බකරුවන් සමග සම්බන්ධ යැයි පදනම් විරහිත මුළුමනින්ම අසත්‍ය කරුණක් මාධ්‍ය තුලින් ප්‍රසිද්ධියට පත්කලා. මා හට ඔහු සමග කිසිදු පුද්ගලික සම්බන්ධතාවයක් තිබුනේ නැහැ.
තවද ඔහුගේ පුතා වන ඉන්ෂාෆ් ඊබ්‍රාහිම්ව මම පළමුව හදුනාගත්තේ අපගේ පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික ප්‍රකට ව්‍යාපාරිකයකු වන මන්නරම ප්‍රදේශයේ පදිංචි අලව්දීන් මහතාගේ බෑණා ලෙසයි. ඔවුන්ගේ මංගල්යා උත්සවය සදහාද බොහෝ මැති ඇමතිවරුද සහභාගී වී සිටියා. තවද මම අලවුදීන් මහතාගේ නිවසට යන සමහර අවස්තාවලදී ඔහුව දැක තිබුනත්, ඔහු තරමක් නිහඬ චරිතයක් බව මට වැටහී තිබුනා.
ඊට අමතරව ඔහු මෙරට ප්රමුඛ පෙළේ කුළුබඩු ව්‍යාපාරිකයෙක් බැවින් යම් යම් ව්‍යාපාරික හා නිෂ්පාදන ප්‍රදර්ශන වලදී හමු වී ඇති බවට යම් මතකයක් තියනවා.
තවද මාගේ මතකය පරිදි අවුරුදු ගණනකට පෙර දී යම් විදේශීය කුළුබඩු ව්‍යාපාරිකයින් පිරිසක් සමග මා හමුවීම සදහා දුරකතනයෙන් අමතා මාගෙන් අවස්තාව ඉල්ලා සිටියත්, කාර්ය බහුලතාවය නිසා මා හට ඔවුන් හමු වීමට නොහැකි වුනා. ඉන් අනතුරුව මට කිසිම විටෙක ඔහුව හමු වී තිබුනේ නැහැ.
බලපත්‍රයක් ලබාගැනීමට සහෝදරයව අමතලා තිබුනා :
තඹ හා පිත්තල අගය වැඩිකල නිෂ්පාදන අපනයන කිරීම සදහා අප අමාත්‍යංශය හරහා ලබා දෙමින් තිබු අවසර පත්රයන් නිකුත් කිරීම හිටපු ජනාධිපතිතුමාගේ නියෝගයක් මත 2018/2019 කාලයේදී නවත්වා තිබුනා.
ඒ කාලයේදී ඉන්ෂාෆ් අහමඩ්ගේ තවත් ව්‍යාපාරිකයෙක් වන 'කොලෝසස්' කර්මාන්ත ශාලාවට එම අවසර පත්‍රයක් ලබා ගැනීමට උදව් කරන ලෙස මාගේ සහෝදරයා අමතා ඉල්ලා සිටි බව මාගේ සහෝදරයා මා හට කියා තිබුණා.
එම අවස්ථාවේදී මම මගේ සහෝදරයාට පවසා සිටියේ, කිසිඳු ලෙසකින් එවැනි බලපත්‍රයක් ලබා දීමට නොහැකි බව ඔහුට දැනුම් දෙන ලෙසයි.
''ඉන් කෝපයට පත් ඉන්ෂෆ් ඊබ්‍රාහීම්, මට හා මාගේ අමාත්‍යංශයට විරුද්ධව නඩුමගට යන බව මාගේ සහෝදරයා හරහා මට දැනගන්නට ලැබුනා. ඉන් දින කිහිපයකට පසුව මට හා මාගේ අමාත්‍යංශයට එරෙහිව ඔහුගේ නීතිඥයෙකු විසින් එවන ලද එන්තර වාසි පත්‍රයක් අප වෙත ලැබී තිබුණා.''
ඉන් කෝපයට පත් ඉන්ෂෆ් ඊබ්‍රාහීම්, මට හා මාගේ අමාත්‍යංශයට විරුද්ධව නඩුමගට යන බව මාගේ සහෝදරයා හරහා මට දැනගන්නට ලැබුනා. ඉන් දින කිහිපයකට පසුව මට හා මාගේ අමාත්‍යංශයට එරෙහිව ඔහුගේ නීතිඥයෙකු විසින් එවන ලද එන්තර වාසි පත්‍රයක් අප වෙත ලැබී තිබුණා.
මෙම සිද්ධියට අදාලව ඉන්ෂාෆ් අහමඩ් විසින් මාගේ සහෝදරයාට ලබාදී ඇති දුරකථන ඇමතුම් 06ක් මත මේවනවිට මාගේ සහෝදරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා ගෙන සිටිනවා.
සැබෑ තත්වය එසේ තිබිය දී මා එම ත්‍රස්තවාදී ප්‍රහාරයට හා එම බෝම්බකරුවන්ට සම්බන්ධ යැයි අභූත චෝදනා නගමින්, මේ රටේ ජනතාවගේ සිත් තුල මා කෙරෙහි දැඩි ද්වේශයක් ගොඩනැගමින් මා හට විශාල අසාධාරණයක් සිදු කරමින් පවතිනවා. ''
සබැඳි පුවත් :
''සොයුරා අත්අඩංගුවට ගැනීම දේශපාලන පලිගැනීමක් දැයි සැකයි'' - හිටපු ඇමති රිෂාඩ් කියයි (VIDEO)