කෝවිඩ් 19 පරීක්ෂණ සිදු කෙරෙන වෛද්‍ය රසායනාගාර, අණුක ජීවී වෛද්‍ය රසායනාගාර ලෙස පවත්වා ගැනීමට හැකි වන පරිදි

නව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ගේ පත්වීම් සිදු කිරීම වැලැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ඉහල නිළධාරීන් තවදුරටත් උත්සහ කරමින් තිබෙන බව වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය පවසයි.

 වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති, රවී කුමුදේශ් විසින් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත.

කෝවිඩි 19 රසායනාගාර ස්ථාපිත කිරීමට රජය විසින් යෙදවූ මුදල් නාස්තියකින් තොරව තිරසාර ලෙස එම රසායනාගාර පවත්වා ගැනීම සඳහා සිදු කරන ලද එම ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහලම නිළධාරීන් බාධා කිරීම මඟින් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල එම රසායනාගාර සේවාව පවත්වා ගැනීමට ඇති අකමැත්ත පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියයි එම නිවේදනයේ සඳහන් වේ.

''එම උත්සහයේ යටි අරමුණ වී ඇත්තේ එම රසායනාගාර සේවාව අකර්මණ්‍ය කොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත රසායනාගාර වෙත එකී නිදර්ශක යොමු කරවීමයි.''

එම උත්සහයේ යටි අරමුණ වී ඇත්තේ එම රසායනාගාර සේවාව අකර්මණ්‍ය කොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත රසායනාගාර වෙත එකී නිදර්ශක යොමු කරවීම බව පෙන්වා දෙන වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය, මීට පෙර අවස්ථා කීපයකදීම කෝවිඩ් 19 රසායනාගාර සේවාවට එරෙහිව පවතින විවිධ බාධා කිරීම් හා අධෛර්යමත් කිරීම් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර ඇති නමුත් මාසයකට අධික කාලයක් තිස්සේ අදාල පත්වීම් සිදු කිරීමට හැකි වන ආකාරයේ විසඳුමක් ලැබී නොමැති බවත් අවම වශයෙන් ඒ පිළිබඳව සාකච්ඡාමය අවස්ථාවක් හෝ අදාල පාර්ශ්වයන් විසින් ලබා දී නොමැති බවත් කියා සිටියි.

තවදුරටත් මෙවන් අත්තනෝමතික ක්‍රියාවන් වෙනුවෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ නොහැකි බැවින් කඩිනමින් අදාල පාර්ශ්වයන් වෙත අදාල පත්වීම් සිදු කිරීමට බල කරමින් නියෝග නිකුත් කරන ලෙස එම සංගමය ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.

''ජුනි 25 දිනට පෙර මේ පිළිබඳව තිරසාර විසඳුමක් ලබා නොදෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම හැර වෙනත් විකල්පයක් නොමැත.''

මේ වන විටත් පත්වීම් ලබා දීමට හැකි වන ලෙස සියළුම අවශ්‍යතා සම්පූර්ණ කර ඇති බැවින් ජුනි 25 දිනට පෙර මේ පිළිබඳව තිරසාර විසඳුමක් ලබා නොදෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව තම සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කොට ඇති බව  වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය, ජනාධිපතිවරයා වෙත දැනුම් දී සිටියි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්