ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් පිරිසකට සහාය දැක්වීම සදහා කොටපොල

ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ අද (21) උදෑසන පැවැත්වීමට සූදානම් කර තිබු රැස්වීමක් අතරතුරදී එම පක්ෂයේම ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවු ගුටි බැට හුවමාරුවක දී කොටපොල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනෙකු පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇතැයි දෙනියාය පොලීසිය පවසයි.

ඒ අනුව දෙනියාය රජයේ රෝහල වෙත ඇතුලත් කර ඇත්තේ එම රැස්වීම සංවිධානය කල 'ඩලස් - කාංචන'  පාර්ශ්වය නියෝජනය කල කොටපොල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සංජීව අරුක්ගොඩ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී මානෙල් ආනන්ද හා නිපුන රණවකගේ ආධාරකරුවෙකු වු ජීවන් ලංකාතිලක යන තිදෙනායි.

එම දෙපාර්ශ්වයම මේ පිළිබඳව දෙනියාය පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

 

කංචන කියන කතාව :

KanchanaW'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂක කංචන විජේසේකර සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැවසිය.

“අපේක්ෂකයින් හත් දෙනෙකු සහභාගී වන රැස්වීමක් තමයි කැදවා තිබුණේ. ඒකට නාදුනන පිරිසක් පිටබැද්දර ඉදන් ඇවිත් සංවිධානාත්මකව කුමක් හෝ කරන්න හදන බවට කල්තියාම දැන ගන්න ලැබුණා. පිටබැද්දරත් එවැනි රැස්වීමක් පවත්වන්න නියමිතව තිබියදියි ඔවුන් කොටපොලට ඇවිත් තිබුණේ.

එම අවස්ථාවේ එම පිරිස කොටපොල සභාපතිතුමාගේ බෙල්ලෙන් අල්ලා මරණ තර්ජනය කල අවස්ථාවෙදියි මේ සිද්ධිය ඇති වුනේ. අපේ සභාපතිවරුන්ට දිගින් දිගටම සිදු කරන මරණ තර්ජන ගැන මමත් පොලීසියට පැමිණිලි කලා.

දෙනියායට තවම ආසන සංවිධායකවරයෙකු පත් කර නැහැ. ජනාධිපතිවරයා විසින් දෙනියාය ආසනයේ බලයලත් නිලධාරියා ලෙස පත් කර තිබෙන්නේ වීරසුමන වීරසිංහ මහතායි. ඕනෑම කෙනෙකුට දේශපාලනය කිරිමේ අයිතියක් තිබෙනවා. මම මේ ගැන ජනාධිපතිතුමා දැනුවත් කිරීමටත් කටයුතු කලා. මොකද මෙවැනි සිදුවීම් ජනාධිපතිතුමාටත් හොද නැහැ.”

 

නිපුන රණවකගේ පුද්ගලික ලේකම් රමේෂ් ජයතුංග කියන කතාව :

මේ පිළිබඳව මහ මැතිවරණ අපේක්ෂක නිපුන රණවකගේ පුද්ගලික ලේකම් රමේෂ් ජයතුංග ගෙන් විමසූ විට මෙසේ කීය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙනියාය ආසනයේ ක්‍රියාකාරීව දේශපාලනය කරන්නේ නිපුන රණවක මහතායි. එහෙත් ඔහු දැනුවත් නොකර එම ආසනයේ ක්‍රියාකාරීන් කැදවා තවත් අපේක්ෂකයින් පිරිසක් රැස්වීමක් කැදවා තිබෙනවා. අඩුම තරමින් එම ආසනය නියෝජනය කරන නිපුන රණවක මහතාට ඒ සදහා ආරාධනාවත් කරලා නෑ.

එතැනට ගියපු ක්‍රියාකාරී සාමාජිකයින් විමසා තිබෙනවා “ඇයි නිපුන රණවක මහතා නැත්තේ” කියලා. ඒක ඇහුවා කියලා තමයි ඔවුන් අපේ ආධාරකරුවකු ඇතුළු පිරිසට පහර දී තිබෙන්නේ. ඒ හැර නිපුන රණවක මහතා මේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නෑ. කාටවත් ගහන්න කියලවත් නෑ. ඔහුගේ ජයග්‍රහණය දරා ගන්න බැරි පිරිසක් ඉන්නවා. ඔහු දික්වැල්ලේ රැස්වීම් වලයි සිටියේ. එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මේ ගැන ඉහල දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමට කටයුතු කරනවා.”

මෙම සිද්ධියෙන් පසු අදාල රැස්වීම පවත්වා තිබු අතර ඊට අපේක්ෂකයින් වන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, කංචන විජේසේකර, වීරසුමන වීරසිංහ, කරුණා කොඩිතුවක්කු, සරත් ද අල්විස්, නිරෝෂන් ප්‍රේමරත්න යන අපේක්ෂකයින් ඇතුළු පිරිසක් සහභාගි වී තිබුණි.

කෙසේ වෙතත් මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී සුසිල් විජේගුණවර්ධනගේ උපදෙස් මත දෙනියාය පොලීසිය මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.

 

නිපුන : ජනාධිපති ගෝඨාභයගේ බාල සොයුරිය වන ගාන්දිනිගේ පුත්‍රයා

ජනාධිපති ගෝඨාභයගේ බාල සොයුරිය වන ගාන්දිනි ගේ පුත්‍රයා වන නිපුන රණවක මෙවර මහ මැතිවරණයෙදී 'පොහොට්ටු' පක්ෂයෙන් මාතර දිස්ත්‍රීක්කයට ඉදිරිපත්ව සිටින අතර මනාප වලින් ඔහුව අංක එකට ගෙන එමින් මියගිය ගන්දිනිට උපහාර දැක්වීමට ජනාධිපතිවරයා හා අගමැති ප්‍රමුඛ රාජපක්ෂ පවුල ඒකමතික තීන්දුවක් ගෙන ඇත.

මෙම තත්වය තුල මාතර දිස්ත්‍රීක්කයේ පොහොට්ටු පක්ෂයේ හිටපු නායකයින්ගේ ආධාරකරුවන් හා නිපුනගේ ආධාරකරුවන් අතර දිගින් දිගටම ගැටුම් මතුවෙමින් තිබේ.

Pohottu 1ප්‍රහාරයෙන් පසු රෝහල්ගත කරසිටින පිරිස

Pohottu 2. deniyayaපෝස්ටරයේ නිපුන රණවකගේ වම්පසින් සිටින්නේ ජීවන් ලංකාතිලකයි.

සබැඳි පුවත් :

නිපුන මාතරින් අංක එකට ගන්න 'පොහොට්ටු' ලේකම් මාතර ගිහින් ! 

ලේ ඥාති නිපුන මාතරින් අංක එකට ගෙන්න රාජපක්ෂවරුන්ගෙන් දැවැන්ත මෙහෙයුමක් : ගම්පහ අමරේ මාතරට යවලා! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්