තනතුරෙන් ඉල්ලා අස් නොවී සිය දැනුම ආර්ථිකය ගොඩනැංවීමට ලබා දෙන ලෙසද මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා,
මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් ගෙන් ඉල්ලීමක් කර ඇත.
මහ බැංකු අධිපතිවරයා පසුගියදා විෂයබාර අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ හමු වූ අවස්ථාවේ දී මෙම ඉල්ලීම සිදු කර ඇත. මහ බැංකු අධිපතිවරයා මේ අවස්ථාවේදී ඉල්ලා අස්වුවහොත් එය රජයට බරපතල කැළලක් විය හැකි බැවින් තමාගේ ඉල්ලීම සලකා බලන ලෙස අගමැතිවරයා එහිදී කාරුණිකව දැනුම් දී තිබේ.
ආර්ථිකය ගොඩනැංවීමේ දී බාධා වන යල් පැන ගිය නීති රීති පිළිබඳව කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසත්, සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව ආර්ථිකය ගොඩනැංවීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත් අගමැතිවරයා මෙහිදී මහ බැංකු අධිපතිවරයා ගෙන් ඉල්ලා ඇත.
මහ බැංකුවේ අධිපති ප්රමුඛ ඉහළ නිළධාරීන් සහ ජනාධිපතිවරයා අතර පසුගිය 16දා පැවති සාකච්ඡාවේදී මහ බැංකුවේ වත්මන් ක්‍රියාකලාපය ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ අතර එම බැනවැදීම ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සියලුම මාධ්‍ය ආයතන වෙත මුදාහරිමින් රජයේ නිලධාරීන් බියගැන්වීමේ ප්රචාරක මෙහෙයුමක් සිදුකරනු ලැබිය.
එයින් බලවත් සේ කම්පනයට පත් වයෝවෘධ මහ බැංකු අධිපතිවරයාට වෛද්‍ය උපදෙස් ද ලබා ගැනීමට පවා සිදුව තිබු අතර ඔහුට වහාම තනතුරින් ඉල්ලා අස්වැන්නයි පවුලේ හිතවතුන් ගෙන්ද දැඩි බලපෑමක් එල්ල වී තිබු බව වාර්තාවේ.
කෙසේවුවද සිද්ධියෙන් අනතුරුව ජනාධිපතිවරයා, මහ බැංකු අධිපතිවරයා අමතා සමාව ඉල්ලා ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් එම රැස්වීමට සහභාගී වූ සියලු දෙනාවෙත තමාගේ කණගාටු දැනුම් දෙන ලෙසද දැනුම් දී ඇත.
මෙරට කීර්තිමත් ආර්ථික විද්‍යඥයෙකු වන ඩබ්.ඩී. ලක්ෂ්මන් පසුගිය වසරේ දෙසැම්බර් 24 වැනිදා, මෙරට 15 වැනි මහ බැංකු අධිපතිවරයා වශයෙන් වැඩබාර ගත්තේ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ගේ නිර්දේශය මතය.
මහ බැංකුවේ අධිපති ප්රමුඛ ඉහළ නිළධාරීන් සහ ජනාධිපතිවරයා අතර පසුගිය 16දා පැවති සාකච්ඡාවට විෂය බාර අමාත්‍ය මහින්ද රාජපක්ෂ කැඳවා නොතිබීම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අතරද කතාබහට ලක්ව තිබිණ.
සබැඳි පුවත් :