ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂක කණ්ඩායම මේවනවිට පැහැදිලිවම දෙපිලකට බෙදී

ඇති අතර ඒ අනුව ඩලස් -කාංචන පාර්ශවය හා නිපුන පාර්ශවය ලෙස මේ වනවිට ප්‍රසිද්ධියේම එකිනෙකාට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සිටිති.

ජනාධිපති ගෝඨාභයගේ බාල සොයුරිය වන ගාන්දිනිගේ පුත්‍රයා වන නිපුන රණවක මෙවර මහ මැතිවරණයෙදී 'පොහොට්ටු' පක්ෂයෙන් මාතර දිස්ත්‍රීක්කයට ඉදිරිපත්ව සිටින අතර මනාප වලින් ඔහුව අංක එකට ගෙන එමින් මියගිය ගන්දිනිට උපහාර දැක්වීමට රාජපක්ෂවරුන් ගෙන ඇති තීන්දුවත් සමග හටගෙන ඇති මනාප පොරය මෙසේ මාතර 'පොහොට්ටු' කණ්ඩායම දෙකඩවීමට හේතුවී ඇත.

මෙහිදී හිටපු අමාත්‍යවරුන් වන මහින්ද යාපා අබේවර්ධන හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ඉල්ලීම මත නිපුන රණවකට සහය දක්වන ස්ථාවරයකට එළඹ ඇති අතර අනෙකුත් සියලු අපේක්ෂකයින් 'ඩලස් - කාන්චන පාර්ශවයට' සහය දක්වමින් සිටිති.

 

කොටපොල දී ඇනකොටා ගනී !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් පිරිසකට සහාය දැක්වීම සදහා කොටපොල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ ඊයේ (21) උදෑසන පැවැත්වීමට සූදානම් කර තිබු රැස්වීමක් අතරතුරදී මෙම දෙපාර්ශවය අතර ඇතිවු ගුටි බැට හුවමාරුවක් ද සිදුවිය.

එහිදී කොටපොල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනෙකු පහර කෑමට ලක්ව රෝහල් ගත කර තිබිණ. ඒ අනුව දෙනියාය රජයේ රෝහල වෙත ඇතුලත් කර ඇත්තේ එම රැස්වීම සංවිධානය කල 'ඩලස් - කාංචන'  පාර්ශ්වය නියෝජනය කල කොටපොල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සංජීව අරුක්ගොඩ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී මානෙල් ආනන්ද හා නිපුන රණවකගේ ආධාරකරුවෙකු වු ජීවන් ලංකාතිලක යන තිදෙනායි.

එම දෙපාර්ශ්වයම මේ පිළිබඳව දෙනියාය පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

 

දෙනියායේ ආසන සංවිධායක කව්ද ?

ඊයේ සිදුවූ ගැටුමට හේතු වී ඇත්තේ දෙනියාය ආසනයේ පදිංචිකරුවකු වන නිපුන රණවකට නොදන්වා 'ඩලස්-කාංචන පාර්ශවය' විසින් දෙනියාය ආසනයේ පිහිටි කොටපොල ප්‍රාදේශීය සභාවේ රැස්වීමක් සංවිධානය කිරීමයි.  

ඩලස් අලහප්පෙරුම, කංචන විජේසේකර, වීරසුමන වීරසිංහ, කරුණාදාස කොඩිතුවක්කු, සරත් ද අල්විස්, නිරෝෂන් ප්‍රේමරත්න සහ මනෝජ් සිරිසේන යන පොහොට්ටු අපේක්ෂකයින්ට එම රැස්වීමට ආරාධනා කර තිබුන ද නිපුන රණවක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා මහින්ද යාපා අබේවර්ධනට හෝ ඔවුන් තිදෙනාගේ නියෝජිතයින්ට ආරාධනා කර නොමැති වීම නිපුනගේ ආධාරකරුවන්ගේ විරෝධයට හේතුවී තිබිණ.

එහිදී කාංචන විජේසේකර මාධ්‍ය වෙත කියා සිටියේ, ''දෙනියායට තවම ආසන සංවිධායකවරයෙකු පත් කර නැහැ. ජනාධිපතිවරයා විසින් දෙනියාය ආසනයේ බලයලත් නිලධාරියා ලෙස පත් කර තිබෙන්නේ වීරසුමන වීරසිංහ මහතායි. ඕනෑම කෙනෙකුට දේශපාලනය කිරිමේ අයිතියක් තිබෙනවා. මම මේ ගැන ජනාධිපතිතුමා දැනුවත් කිරීමටත් කටයුතු කලා. මොකද මෙවැනි සිදුවීම් ජනාධිපතිතුමාටත් හොද නැහැ.''  කියාය.

KW Post

 

''අවුල හැදුවේ ඒගොල්ලෝ ''- නිපුනගේ ලේකම් කියයි

ඒ සම්බන්ධයෙන් theleader.lk හි ඊයේ පළවූ පුවත් වාර්තාව පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ නිපුන රණවකගේ පුද්ගලික ලේකම් රමේෂ් ජයතුංග අද (ජුනි 22) උදැසන මෙසේ පැවසිය.

''පසුගිය ජනාධිපතිවරණය වෙලාවේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වීරසුමන වීරසිංහව දෙනියාය ආසනයේ බලයලත් නියෝජිතයා විදියට පත්කළ බව ඇත්ත. එත් ඔහු 'පොහොට්ටු' පක්ෂයේ දෙනියාය ආසනයේ සංවිධායක නෙමෙයි. තවම දෙනියායට ආසන සංවිධායකයෙක් පත්කරලා නැහැ. මෙවර මහ මැතිවරණයට 'පොහොට්ටු' පක්ෂයෙන් තරඟ කරන අපේ කණ්ඩායමේ ඉන්න දෙනියාය ආසනයේ එකම ස්ථිර පදිංචිකාරයා නිපුන මහත්තයා. අනික් සේරම අය දෙනියායෙන් පිට කට්ටිය.

එහෙම තියද්දි දෙනියාය ආසනයේ තියන පොහොට්ටු රැස්වීමකට නිපුන මහත්තයට අරාධනා නොකිරීම ගැන අපි ප්‍රශ්න කළා. අනෙක මේ රැස්වීමට මහින්ද යාපා මහත්තයාටවත්, ලක්ෂමන් යාපා මහත්තයාටවත් නිකමටවත් කියලා තිබුනේ නැහැ. එනිසා අපි පැහැදිලිව කියනවා මෙවැනි ගැටුමක් ඇති කලේ කන්චනලා.

ඩලස්, කාංචන, සරත් අල්විස් වැඩකරන්නේ එක කණ්ඩායමක් විදියට. එයාලා හත් දෙනෙක් ආසන බෙදා ගෙන එකට වැඩ කරනවා. එයාල නිපුන මහත්තයාට හොඳටම බයවෙලා. ඒ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ඥාතියෙක් නිසාමත් නෙමෙයි, නිපුන මහත්තයා කියන්නේ ගම නියම්ගම් වල බිම් මට්ටමටම ගිහින් වැඩ කරන කෙනෙක් නිසා.

''ඩලස්, කාංචන, සරත් අල්විස් වැඩකරන්නේ එක කණ්ඩායමක් විදියට. එයාලා හත් දෙනෙක් ආසන බෙදා ගෙන එකට වැඩ කරනවා. එයාල නිපුන මහත්තයාට හොඳටම බයවෙලා. ඒ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ඥාතියෙක් නිසාමත් නෙමෙයි, නිපුන මහත්තයා කියන්නේ ගම් නියම්ගම්වල බිම් මට්ටමටම ගිහින් වැඩ කරන කෙනෙක් නිසා.''

නිපුන මහත්තය දේශපාලනය ආරම්බ කලේ ගම්පහින්. ඒ බැසිල් රාජපක්ෂ මත්තයාගේ බිම් මට්ටමේ සමාජ ව්‍යාපෘති බාරව කටයුතු කරමින්. මාතර දිස්ත්‍රීක්කයේ සංවර්ධන වැඩවලට මැදිහත්වුනෙත් වසර ගණනාවක  ඉඳලා.

අපි දෙනියායට සිමා වෙන්නේ නැහැ. මාතර දිස්ත්‍රීක්කයේ ආසන හතේම වැඩ කරනවා. මේපාර මාතර දිස්ත්‍රීක්කයේ මන්ත්‍රී ආසන 07යි. අපේ උත්සාහය ජනාධිපතිවරණයට වඩා ඡන්ද 40,000ක් අරගෙන මාතර දිස්ත්‍රීක්කයෙන් මන්ත්‍රී ආසන 06 දිනා ගන්න එක.

ජනාධිපතිවරණයේදී අපට එරෙහිව සිටි මංගල සමරවීර, සාගල රත්නායක මෙදා මැතිවරණ සටනින් ඉවත්වෙලා තියන නිසා අපට ඒ ඉලක්කයට යන්න පුළුවන්. බැසිල් රාජපක්ෂ මහත්තයා, නිපුන රණවක මහත්තයාගේ මැතිවරණ සංවිධායක ලෙස සිරිපාල අමරසිංහ මහත්තයව මාතරට අනුයුක්ත කරලා තියන්නේ ඒ නිසාමයි.'' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

post 1

සබැඳි පුවත් :

කාංචනගේ හා නිපුනගේ ආධාරකරුවන් දෙනියායේ දී ගැටෙති: තුනක් රෝහලේ  

නිපුන මාතරින් අංක එකට ගන්න 'පොහොට්ටු' ලේකම් මාතර ගිහින් ! 

ලේ ඥාති නිපුන මාතරින් අංක එකට ගෙන්න රාජපක්ෂවරුන්ගෙන් දැවැන්ත මෙහෙයුමක් : ගම්පහ අමරේ මාතරට යවලා!  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්