යුද හමුදාපතිගේ නිර්දේශය මත පසුගිය මාස හයක කාලය තුළ යුද හමුදාවේ දාහත් දහසකට ආසන්න පිරිසකට උසස්වීම් ලබා දී ඇති බව

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රසිද්ධියට පත් කර ඇති නිල තොරතුරු වලින් හෙළිවේ.

ඒ අතර යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උසස් කරනු ලැබු  යුද හමුදා නිලධාරීන් ගණන තුන්සිය දහතුනක් වේ.

එම කාලය තුළ උසස් වීම් කර ඇති සෙසුනිලයන් ප්‍රමාණය දාසයදහස් හාරසිය දෙකක් බව යුද හමුදාව පවසයි.

 උසස් වීම් ලද යුද හමුදා නිලධාරීන් 313 දෙනා අතර බ්‍රිගේඩියර්වරුන් 29 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, කර්නල්වරුන් 51 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිනන් කර්නල්වරුන් 95 දෙනෙකු කර්නල් නිලයටත්, මේජර්වරුන් 138 දෙනෙකු ලුතිනන් කර්නල් නිලයටත් උසස් කර තිබේ.

 “ප්‍රශංසනීය සේවයට දිරීගැන්වීමක්” ලෙසින් එම උසස්වීම් ලබා දී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව වැඩි දුරටත් සදහන් කරයි.

 

චිත්ත ධෛර්යය දිරීගන්වනු පිණිස...

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ පවසන්නේ මෙලෙස උසස්වීම් ලබාදීම මගින් චිත්ත ධෛර්යය සහ රාජකාරි සඳහා ඇති කැපවීම දිරීගන්වනු ඇති බවයි.

 එසේම, නිත්‍ය බලසේනාවේ සෙසුනිලයන් 14,617 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සෙසුනිලයන් 1785 ක් පසුගිය මාස කිහිපය තුළ ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර ඇත.

 "ජාතික රණවිරු අනුස්මරණ දිනයට" සමගාමීව සිදුකළ යුද්ධ හමුදාවේ සෙසුනිලයන් 14,617 කගේ නිල උසස් කිරීමට හේතු ලෙස දක්වා තිබුනේ, රටේ භෞමික අඛණ්ඩතාවය සහ ඒකීයභාවය ආරක්‍ෂා කිරීමේදී මෙන්ම ජන ජීවිතයට තර්ජනයක් එල්ලවන ස්වාභාවික විපත්, ත්‍රස්තවාදී තර්ජන, ගෝලීය වසංගත වැනි ව්‍යසනයන් හිදී යුද්ධ හමුදා සාමාජිකයින් සිදුකරනු ලැබූ පරාර්ථකාමී සහ නොයෙකුත් කැපකිරීම් සඳහා වටිනාකමක් ලබාදෙමින්  යුද්ධ හමුදාවේ සෙසුනිලයන් දිරීගන්වමින් මෙලෙස උසස්වීම් සිදුකරනු ලබන බවයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්