'අද දෙරණ' ඇතුළු මාධ්‍ය ඔස්සේ තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් තමා දන්නා සාක්ෂි ඉදිරිපත් කිරීමට
අවස්ථාවක් ලබා දෙන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බතියුදීන්ගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බතියුදීන් (Rifkhan Bathiudeen) පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
උතුරු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන (former Northern Provincial Councilor) රිෆ්කාන් බතියුදීන් විසින් අද (ජුනි 23) එවැනි ඉල්ලීමක් සිදුකර ඇත්තේ, 'අද දෙරණ' නාලිකාවේ සහ වෙනත් මාධ්‍ය නාලිකාවල විකාශය කරන ලද ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.
2017 වර්ෂයේ මාර්තු මස කාන්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ ඇතිවු ගැටුමකින් අනතුරුව සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදි, 2018 දෙසැම්බර් මාසයට පෙර දිනයක ඔහුට බෝට්ටුවකින් ඉන්දියාවට පළා යාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් සොහොයුරු රිෆ්කාන් බදියුදින් උපකාර කර ඇති බව, හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු ඊයේ (22) ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කර ඇතැයි අද (ජුනි 23) උදෑසන 6.55 ට දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වූ "දෙරණ අරුණ" වැඩසටහනේදී ප්‍රකාශ කර ඇති බව රිෆ්කාන් බතියුදීන් සිය ලිපිය මගින් ජනාධිපති පරීක්ෂණ කොමිසමට දැනුම් දී ඇත.
එසේම මෙම පුවත ඉන් අනතුරුව වෙනත් මාධ්‍ය නාලිකා සහ වෙබ් අඩවි රැසක ද පලවී තිබිණ.
''කිසිදිනක සහරාන් හෂීම්ව හමුවී නැහැ'' -රිෆ්කාන් බතියුදීන්
මෙම පුවත මුළුමනින්ම අසත්‍ය මෙන්ම පදනම් විරහිත පුවතක් බව අවධාරණය කර සිටින රිෆ්කාන් බතියුදීන්, මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින්නේ තම බාල සොහොයුරු රියාජ් බතියුදීන් (Riyaj Bathiudeen) හෝ තමා පෞද්ගලිකව සහරාන් හෂීම්ව අවම වශයෙන් එක් වරක්වත් හමු වී නැති බව අවධාරණය කර සිටියි.
''එල්ටීටීඊය විසින් 1990 දී උතුරෙන් බලහත්කාරයෙන් නෙරපා හරින ලද මුස්ලිම් පවුලක් ලෙස අපි සෑම විටම ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ක්‍රියා කර ඇත්තෙමු.'' රිෆ්කාන් බතියුදීන් සිය ලිපියේ සඳහන් කර ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වැරදිකරුවන් සහ ඊට තුඩු දුන් නිශ්චිත කරුණු හඳුනා ගැනීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විශාල සේවාවක් කරමින් සිටින බව පවසන රිෆ්කාන් බතියුදීන්, කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැතිව මාධ්‍ය ප්‍රචාරය කරනු ලබන මෙවැනි අසත්‍ය ප්රවෘත්ති මගින් මහජනයා නිසැකවම නොමඟ යන අතර කොමිෂන් සභාව විසින් කෙරෙන අව්‍යාජ විමර්ශනවලටද බාධාවක් වනු ඇතැයි සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.
මෙවැනි පසුබිමක් තුල, මේ සම්බන්ධයෙන් තමා සතු සාක්ෂි ජනාධිපති කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දුන් හොත් බෙහෙවින් කෘතඥ වන බවද ඔහු කියා සිටියි.
වගකිවයුතු මාධ්‍ය ආයතන මෙවැනි ව්‍යාජ ප්රවෘත්ති ප්‍රකාශයට පත් කිරීම පිළිගත් මාධ්‍ය ආචාර ධර්මවලට අතිශයින්ම පටහැනි වන අතර මහජනතාවට සත්‍ය දැනගැනීමට ඇති අයිතියට ද බාධා කිරීමක් බවද රිෆ්කාන් බතියුදීන් සිය ලිපියේ සඳහන් කර ඇත.
පසුගිය සමයේ මෙරට ප්රමුඛ පෙළේ බුද්ධි ප්‍රධානියෙක් ලෙස කටයුතු කළ සාක්ෂිකරුවෙක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දී තිබු බව 'අද දෙරණ' වෙබ් අඩවිය වාර්තා කර තිබිණ.
ෆ්කාන් බතියුදීන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත කරන ලද ලිඛිත ඉල්ලීම.