රණසිංහ ප්‍රේමදාස දිවංගත ජනාධිපතිවරයාගේ ජන්ම දිනය අදට (ජුනි 23) යෙදී තිබිණි. ඒ වෙනුවෙන් වූ සමරු වැඩසටහනක් 'සමගි ජන බලවේගයේ' නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මැද

කොළඹ දී අද සංවිධානය කර තිබිණ.

එහිදී මෙවර කොළඹට 'දුරකථනය' ලකුණින් තරග වදින සජිත් ප්‍රේමදාස දේශපාලන ශබ්ද කෝෂයට ‘සද්-ජාතිකත්වය’ නම් අලුත් සංකල්පයක් හදුන්වා දෙන ලදි. 

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ සිහිනයට පණ දීමට තමා කැපවී සිටින බව එහිදී සදහන් කළ සජිත් ප්‍රේමදාස,  ‘සද්-ජාතිකත්වය’ පිළිබද වැඩි දුරටත් පැහැදිලි කරමින් මෙසේ පැවසිය.

 ‘දිවංගත ප්‍රේමදාස මැතිතුමන් මට කියා දුන් දහම මම ලොවට කියාදෙමි,  ශ්‍රී ලංකාව යනු බෞද්ධ රටකි, මම බෞද්ධයෙක් වීම ගැන ආඩම්බර වෙමි. එහෙත් මම මේ රටේ උපන් සෙසු අහිංසක ආගමිකයන්ට, සෙසු ජාතීන්ට වෛර කිරීම දේශප්‍රේමීත්වයක් ලෙස නොසලකමි. මම මගේ ආගමට, ජාතික උරුමයට, මව්බිමට, පරිසරයට සහ සියලු පුරවැසියන්ට බෞද්ධයෙකු ලෙස ආදරය කරමි, ආරක්ෂා කරමි. එයට මම ‘සද්-ජාතිකත්වය’ යැයි කියමි.’  

මහ මැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රීක්කයට ඉදිරිපත්ව සිටින සජිත් ප්‍රේමදාස එම මැතිවරණ සටන ආරම්භ කරමින් අද දිනයේ දී ‘සද්-ජාතිකත්ව’ සංකල්පීය එළිදැක්විය.

Sajith 2020

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්