මහබැංකුවේ නිලධාරින්ට අවමන් කිරීමේ ප්‍රචාරක මෙහෙයුමක් ආණ්ඩුවට හිතවත් ඇතැම් මාධ්‍ය විසින් ක්‍රියාත්මක කර ඇත්තේ,

මහ මැතිවරණය හමුවේ ආණ්ඩුව මුහුණදී සිටින ආර්ථික අර්බුදය හා සිය නොහැකියාව යට ගැසීම සඳහා යයි සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ලවෙමින් ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහබැංකුවේ ඉහල නිලධාරින්ට බැන වැදීම හා ඉන් අනතුරුව මුද්‍රිත මාධ්‍යවල මෙන්ම ඇතැම් සමාජ මාධ්‍යවල ද මහ බැංකු නිලධාරීන්ට එරෙහිව වෛරි චෝදනා ප්‍රචාරය කිරීම අතර සම්බන්ධයක් ඇතැයි ඇතැම් මහබැංකු නිලධාරින් අනුමාන කරයි.

ජනාධිපතිවරයා විසින් මහ බැංකුවේ ඉහල නිලධාරින්ට දොස් පවරමින් තමන්ට අවශ්‍ය ආර්ථික සැලසුම් ක්‍රියාවට නැඟීමට නොහැකි නම් ක්‍රියාත්මක කරන්නේ කුමක්ද යන්න පසු දින උදැසන වන විට දන්වන ලෙස තරවටු කළේය.

එයින් පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 50 දෙනකු මූල්‍ය කල්බදු හා ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් මුදල් හා වෙනත් ප්‍රතිලාභ ලබාගන්නා බව සඳහන් කරමින් ඇතැම් මුද්‍රිත හා සමාජ මාධ්‍යවල ප්‍රවෘත්තියක් පළ විය.

එම පුවත මුල් කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් විෂමාචාර ක්‍රියා කර ඇත්නම් එම නිලධාරීන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඉල්ලීමක් ද කර ඇත.

වත්මන් ආණ්ඩුව බලයට පත්ව මාස ගණනාවක් ගෙවී ගියද ජනතාව වෙත සාධනීය යමක් ලබාදීමේ ආර්ථික වැඩපිළිවෙළක් පවත්වාගෙන යාමට නොහැකිවීම නිසා ජනතා අප්‍රසාදය වැඩෙමින් පවතී.

කොරෝනා වසංගතය හේතුවෙන්ද ආර්ථික අර්බුදයක් වර්ධනය වන බැවින් මහමැතිවරණය තුළ පොදුජන පෙරමුණු බලය දුර්වලවීමේ අවදානමක් ද උද්ගතව ඇත.

 මේ නිසා මහබැංකුවේ නිලධාරින්ට ආර්ථික අර්බුදයේ දෝෂය පැවරීම පොදුජන පෙරමුණේ මහමැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ම කොටසක් බවට සාධාරණ සැකයක් මතුව ඇතැයි මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් පවසති.

 

බැංකු නිලධාරීන්ට බැනලා වැඩක් නැහැ - මංගල කියයි

මේ අතර හිටපු මුදල් ඇමති මංගල සමරවීර, වත්මන් මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ වෙත විවෘත ලිපියක් යවමින්, ජනාධිපතිවරයා මහ බැංකුවේ නිලධාරීන්ට එල්ල කළ චෝදනාවලට කිසිඳු පදනමක් නොමැති බවත්, ඇත්ත වශයෙන්ම, ජනාධිපතිවරයාට සිය රාජකාරියේ ඇති බලපෑම් සහ පීඩාවට මුහුණ දීමට නොහැකි බව ප්‍රදර්ශනය කරමින් සිටින බවත් සඳහන් කර තිබේ.

අපේ ජනරජයේ දශක හතක දීර්ඝ ඉතිහාසයේ කිසි දිනෙක රජය හෝ විපක්ෂය මහ බැංකුවට මෙවැනි ආකාරයකින් කතා කර නැතිබව සිය ලිපිය මගින් පෙන්වා දෙන මංගල සමරවීර, එහිදී ජනාධිපතිවරයාගේ කෝපය මහ බැංකුව සහ එහි නිලධාරීන් ඉතා නින්දිත ලෙස ප්‍රසිද්ධියේ අවමානයට ලක් කළ බව කියා සිටියි.

මංගල, අගමැති මහින්දට යවපු ලිපිය මෙන්න

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්