ජාත්‍යන්තර බලපෑම් මත කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ප්‍රමාද කිරීමට එරෙහිව වෘත්තීය සමිති ඊයේ (ජුනි 25) විරෝධය පළ කළේ ය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ග්රැන්ටි දොඹකර ස්ථාපිත කර මෙහෙයුම් ආරම්භ කිරීම සදහා පසුගිය ජනවාරි 30 වැනිදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
ඒ අනුව, පසුගිය 20 වැනිදා ග්රැන්ටි දොඹකර 3 ක් මෙරටට රැගෙනවිත් තිබේ. නමුත් අදටත් ඒවා සවි කිරීම සදහා වරාය අධිකාරිය පියවර ගෙන නොමැති බව වෘත්තීය සමිති පවසයි.
පිවිසුම් මාර්ගය අවහිර කරමින් වෘත්තීය සමිති ඊයේ දිනයේ බලකලේ මේ දොඹකර සවිකර නැගෙනහිර පර්යන්තයයේ මෙහෙයුම් වරාය අධිකාරිය විසින් ආරම්භ කරන ලෙසයි.
ජවිපෙ වෘත්තීය සමිතිය ජනාධිපතිගේ මැදිහත්වීමක් ඉල්ලයි
මේ අතර ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් විමසා තිබුණේ, කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ මෙහෙයුම්වලට බාධා කරන්නේ කුමන රාජ්‍යයක්ද? කියාය.
එම ලිපිය සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරිගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත ද නිකුත් කර ඇත.
එම ලිපියේ මෙසේ සඳහන් වේ.
“පසුගිය යහපාලන රජය නැගෙනහිර පර්යන්තය සඳහා මෙහෙයුම් උපකරණ ගෙන ඒම වෙනුවට ජය බාහළු පර්යන්තයේ යෝජිත 5 වන අධියර සඳහා ගැන්ට්‍රි දොඹකර 03ක් ගෙන ඒමට පියවර ගනු ලැබිණි. එම දොඹකර 2020.06.20 දින ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබී ඇත.
ජය බාහළු පර්යන්තය සඳහා ගෙන්වන ලද දොඹකර වර්තමාන සේවා අවශ්‍යතාවයන්ට ප්‍රමාණවත් ඒවා නොවේ.
එහෙත් වරාය පාලන අධිකාරිය විසින් එම දොඹකර යොදා ගනිමින් නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ක්‍රියාවලිය ආරම්භකිරීමට සැලසුම්කර තිබිය දී ජාත්‍යන්තර බලපෑම් හමුවේ දොඹකර පර්යන්ත ගත කිරීමේ ක්‍රියාවලිය දින 04ක් පුරා ප්‍රමාද කර ඇත.
''තව දුරටත් දොඹකර පර්යන්ත ගත කිරීම ප්‍රමාද ගත කළ හොත් එමගින් වරාය අධිකාරියට විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇත. එය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ක්‍රියාවලිය ආරම්භ කිරීමට වරාය සේවකයා වසර 05ක් පුරා කරන ලද අරගලය තවදුරටත් ප්‍රමාද වීමකි.''
තව දුරටත් දොඹකර පර්යන්ත ගත කිරීම ප්‍රමාද ගත කළ හොත් එමගින් වරාය අධිකාරියට විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇත. එය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ක්‍රියාවලිය ආරම්භ කිරීමට වරාය සේවකයා වසර 05ක් පුරා කරන ලද අරගලය තවදුරටත් ප්‍රමාද වීමකි.
''වරායට බලපෑම් කරන විදෙස් රට හෙළිකරන්න''
අප ඔබ තුමාගෙන් ඉල්ලා සිටින්නේ එම විදෙස් බලපෑම් එල්ල කරන රාජ්‍ය කුමක්ද යන්න රටට හෙලි කරන ලෙසයි.
නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා කුමන රාජ්‍යක් බලපෑම් කළද එම විදෙස් බලපෑම් පරාජය කිරීම සඳහා සමස්ත වරාය සේවකයා පෙළ ගැස්වීමට අප සූදානම් බවත් මෙම තීරණාත්මක මොහොතේ ඔබතුමාගේ මැදිහත්වීම ලබා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.” යැයිද එම නිවේදනයේ සඳහන් වේ.