මාස දෙකකට වැඩි කලක්  “කිසිදු නිශ්චිත සාක්ෂියක් සැපයීමෙන් තොරව” සිරගත කොට සිටින නිදහස් මතධාරී මුස්ලිම් ලේඛකයකු

කොන්දේසි විරහිතව වහාම මුදා හරින ලෙස රජයට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) සහ සයිබර් අපරාධ අණපනත් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් අප්‍රේල් 9 දා අත් අඩංගුවට ගෙන තිබෙන රම්සි රසීක්ට වෛද්‍ය පහසුකම් හා නීති ආධාර ලබාගැනීමට ඇති ඉඩකඩ අහුරා ඇති බවද සිංහල, දෙමළ සහ මුස්ලිම් සිවිල් ක්‍රියාධාරීන් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ලියා ඇති ලිපියක සඳහන් වෙයි.

“ඔහුට වෛද්‍ය පහසුකම් සලසන ලෙස මහේස්ත්‍රාත් විසින් නියෝග කර තිබියදීත්, ඔහුට අත්‍යාවශ්‍ය වී තිබෙන විශේෂිත ඖෂධ නොලැබී යාම නිසා ඔහුගේ සෛඛ්‍ය තත්වය පිරිහෙමින් පවතී.

මේ සතියේ රසීක් හමුවීමට උත්සාහ කළ නීතිඥවරයකුට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් එම අවසරය නොලැබුණේ කෝවිඩ් 19 වෛරසය හේතු ලෙස දක්වමිනි,” යි කොමිසමේ ප්‍රධානී ආචාර්ය දීපිකා උඩගමට යොමු කරන ලද ලිපියේ දැක්වේ.

jUSTICE

විශ්‍රාමික රජයේ නිලධාරියකු වන රම්සි රසීක් අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව පීඩාවට පත් කරන සකලාකාරයේ ජාතිවාදය පිටු දැකීමට “මතවාදී ජිහාඩයක් (අරගලයක්)” කළ යුතු බවට ඔහු විසින්  අප්‍රේල් මුලදී පල කරන ලද සටහනක් පදනම් කොටගෙනය.

එම සටහනින් දෙදිනකට පසු ඔහු නැවත පල කළ සටහනකින් කියැවුනේ ගිනිය නොහැකි තරමේ මරණ තර්ජන ලැබුණු අතර කලින් ලියවුනු ප්‍රකාශය වැරදි ලෙස අර්ථ නිරූපනය කළ බොහෝ දෙනා ජාතිවාදී අදහස් වපුරන බවට චෝදනා නගමින් ඔහු බන්ධනාගාර ගත කරන ලෙස උද්ඝෝෂණය කළ බවයි.

ක්‍රියාධාරීන් කණ්ඩායම තම ලිපියෙන් පෙන්වා දෙන පරිදි රම්සි රසීක් යනු ශ්‍රී ලංකාවේ මුස්ලිම් මූලධර්ම වාදය සහ ජාතිවාදය විවේචනය කිරීමේ ඉතිහාසයක් ඇත්තෙකි. සිය සටහනින් ඔහු නිශ්චිතවම යෝජනා කරන්නේ ප්‍රගතිශීලී මුස්ලිම් වරුන්ට එරෙහිව පිටතින් මෙන්ම මුස්ලිම් සමාජය ඇතුලතින්ද එල්ල වන ප්‍රහාර ප්‍රශ්න කිරීම හා ඊට ප්‍රතිප්‍රහාර දීම සඳහා වන මතවාදී සහ බුද්ධිමය අරගලයක් බව එම ලිපියෙන් අවධාරණය කෙරේ.

නෛතික පැහැදිලි කමක් නොමැතිව, වෙනස්කම් පාමින් ICCPR පනත යොදාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට ලිපියක් ලියන මගින් ඉකුත් සැප්තැම්බරයේ මානව හිමිකම් කොමිසම විසින් පෙන්වා දී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානද ශ්‍රී ලංකාව විසින් ICCPR පනත අනිසි ලෙස යොදාගැනීම ගැන මීට ඉහත කිහිප වාරයක් අනතුරු අඟවා තිබේ.

 

ICCPR පනත :  ප්‍රතිපත්ති විවේචනය කරන්නන්ට එරෙහි ආයුධයක් ලෙස..

කොමිසමේ සභාපතිනියට ලියන ලිපියෙන් ක්‍රියාධාරීන් පිරිස චෝදනා කරන පරිදි ප්‍රචණ්ඩතා අවුළුවන්නන් වගඋත්තරකාරිත්වයෙන් බැඳ තැබීම අරමුණු කොටගත් ICCPR පනත මෑතක සිට යොදා ගැනෙන්නේ රාජ්‍යය සහ/ හෝ එහි ප්‍රතිපත්ති විවේචනය කරන්නන්ට එරෙහි ආයුධයක් වශයෙනි.

සිවිල් සමාජයේ ආශිර්වාදයෙන් බලයේ සිටි පසුගිය ආණ්ඩුව සමයේද සම්මානලාභී ලේඛක ශක්තික සත්කුමාර හාරමාසයකට වැඩි කලක් සිරගත කොට තබන්නටද ICCPR පනත යොදා ගෙන තිබුනි.

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ සිටි දේශපාලන නායකයන්ට මෙන්ම රට තුලත්, ඉන් පිටතත් සිටින මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයන්ටත් රමසි රසීක්ට නිදහස ඉල්ලා බලකරන ලිපියේ පිටපත් යවා තිබේ.

Just Razeek

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්