ශ්‍රී ලංකාව හිංසනයෙන් තොර ශිෂ්ට සම්පන්න රටක් බවට පත් කිරීමේ වගකීම ආණ්ඩු විසින් පැහැර ඇති බවට වධහිංසාවට එරෙහි සංවිධාන

වෙතින් චෝදනා එල්ල වී තිබේ.

ශ්‍රී ලංකාව වධහිංසාවට හා කෲර අමානුෂික අවමන් සහගත සැලකීම්වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකරුවකු වුයේ 1994 වසරේ සිට වුවත්, වධහිංසා පිටුදැකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇත්තේ යහපත් ඉතිහාසයක් නොවන බවයි "වධහිංසාවට එරෙහි ශ්‍රි ලංකා එකමුතුව" පවසන්නේ.

 ජූනි 26 දිනට යෙදී තිබෙන වධහිංසාවට හා කෲර, අමානුෂික, අවමන් සහගත සැලකීම්වලට ලක්වූ වින්දිතයන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්  නිවේදනයක් නිකුත් කරමින් එම එකමුතුව ඒ බව සදහන් කර තිබේ.

 වධහිංසාවෙන් තොරව ජීවත්වීමට ඇති අයිතිය මූලික අයිතියක් බවට පත් වුයේ 1978 තරම් ඈත අතීතයේ වුවද, අදටත් රාජ්‍ය අංශයන්ගෙන් සිදුවන වධහිංසනය තීරණාත්මක අගයකින් අඩුවී නොමැති වීම  කණගාටුදායක බව  එම නිවේදනයේ සදහන්ව තිබේ.

 ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදුන් 2017-2021 දක්වා වූ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ වධහිංසාවෙන් තොරවීම සම්බන්ධ බොහෝ කරුණු මේ වන තෙක් ඉටුවී නොමැති බවට චෝදනා කරන වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව රජයෙන් ඉල්ලා සිටින්නේ  එහි ඇතුළත් කරුණු නොපමාව ඉටු කිරීමට කටයුතු කරන ලෙසයි.

 

නිරෝධායන ඇදිරිනීතිය සමයේ ප්‍රසිද්ධියේම හිංසනය මුදා හැරි බව...

rashmi V

''කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රටපුරා නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක වු සමයේ පොලිස් නිලධාරීන් විසින් සාමාන්‍ය පුරවැසියන් කෙරෙහි ප්‍රසිද්ධියේම හිංසනය මුදා හැරි බවටත් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව චෝදනා එල්ල කර තිබේ.''

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රටපුරා නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක වු සමයේ පොලිස් නිලධාරීන් විසින් සාමාන්‍ය පුරවැසියන් කෙරෙහි ප්‍රසිද්ධියේම හිංසනය මුදා හැරි බවටත් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව චෝදනා එල්ල කර තිබේ.

 ඒ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ විනය පරීක්ෂණ පවා නවතා දැමීමෙන් හිංසනයට රාජ්‍ය අනුග්‍රහය ලැබීම කියාපාන බව අවධාරණය කරන එම එකමුතුව වැඩි දුරටත් පවසන්නේ, පොලීසියේ හා මිලිටරියේ නිලධාරීන්ගෙන් මෙම කාල සීමාව තුළ සාමාන්‍ය පුද්ගලයන් කෙරෙහි සිදුවු හිංසනයන් පිළිබඳ පැමිණිලි ගනණාවක් ලැබී ඇති බවයි.

 වර්ධනය වන එම තත්ත්වය පිළිබඳව තම සංවිධානය දැඩි අවධානයෙන් පසුවෙන බව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

 

අනුරාධපුර හා මහර බන්ධනාගාරවල මිනිස් ඝාතන !

 කොරෝනා වසංගත සමය තුළ අනුරාධපුර හා මහර බන්ධනාගාරයන් දෙක  තුළ සිදුවුණු මිනිස් ජීවිත බිලිගැනීම්  ඝාතනයන් බවට මේ වන විට ඇස දුටු සාක්ෂිකරුවන් ඉදිරිපත්වී සාක්ෂි ලබාදී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කඩිනම් මෙන්ම අපක්ෂපාතී විනිවිදභාවයෙන් යුතු විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව සිය නිවේදනයෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

 එමෙන්ම මෙම සිදුවීම්වලට අදාලව ඇස දුටු සාක්ෂිකරුවන්ගෙන් දිව්රුම් ප්‍රකාශ ලබා ගැනීමට නිසි ක්‍රමවේදය අනුව කටයුතු කළ නීතිඥවරයාට බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරන ලද අවහිරතා සම්බන්ධයෙන් එම එකමුතුව සිය පිළිකුලද පළ කර තිබේ.

 වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව වැඩි දුරටත් රජයෙන් ඉල්ලා ඇත්තේ නෛතික කටයුතුවලදී නීතිඥවරුන්ට බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාමේ අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමක්  බවයි.

Sri Lanka Democracy. 2020

එමෙන්ම  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් විසින් පසුගියදා  සිදු කරන ලද උද්ඝෝෂණයන්ට අමානුෂික ලෙස  පොලිසිය  පහරදීමත්   වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකික එකමුතුව දැඩි ලෙස හෙළා දැක තිබේ.

 මේවනතෙක් කිසිදු අධිකරණයකට නොපමුණුවමින් රඳවා තබාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන්ද "වධහිංසාවට එරෙහි ශ්‍රි ලංකා එකමුතුව" සිය අවධානය යොමු කර තිබේ.

 

හිජාස් හිස්බුල්ලා:

"මේ වනතෙක් කිසිදු අධිකරණයකට නොපමුණුවමින් රඳවා තබාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ තත්වය පිළිබඳවත් අපේ අවධානය යොමු කරමින් කියා ඇත්තේ ඔහුගේ වෘත්තීය අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසද, ඔහුට නීතිඥවරයකුගේ සහය ලබාගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසත්, වහාම ඔහුව අධිකරණයක් වෙත ඉදිරිපත් කරන ලෙසත් රජයට බලකර සිටියි."  වධහිංසාවට ඒරෙහි ශ්‍රි ලංකා එකමුතුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

 මේ දක්වා සිය ජීවිත අවදානමද නොතකමින්, විවිධ අවහිරතා මධ්‍යයේ වධහිංසනයට එරෙහිව යුක්තිය වෙනුවෙන් කැපවී කටයුතු කළ වධහිංසනයේ වින්දිතයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්, විවිධ බලපෑම්වලට යට නොවී, නිවාරදි වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු වෛද්‍යවරුන්, හිංසනයට එරෙහිව හඩ නැගු මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් ක්‍රියාධරයන් වෙතත් වධහිංසාවට ඒරෙහි ශ්‍රි ලංකා එකමුතුව සිය ගෞරවය පිරිනමා තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්