පසුගිය රජය විසින් MCC ගිවිසුමට අදාලව ඇමරිකානු ඩොලර් මිලියන දහයක මුදලක් ලබාගෙන ඇති බවට චෝදනාවක් එල්ල කරමින්

කටයුතු කරන කණ්ඩායම වහාම එලෙස මුදල් ලබා ගත් පුද්ගලයන් පිළිබද රටට හෙළිකල යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන එබව කියා සිටියේ, හිටපු අමාත්‍ය ජෝන් අමරතුංගගේ කදාන නිවසේ පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවකට අද පෙරවරුවේ එක්වෙමිනි.

විපක්ෂයට බොරු චෝදනා එල්ල නොකොට MCC ගිවිසුම පිළිබද රජයේ පැහැදිලි ස්ථාවරය ජනතාවට දැනුම්දීමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු බවද රුවන් විජයවර්ධන මෙහිදී පැවසිය.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන්ම මෙවරත් MCC ගිවිසුම පිළිබද කරුණු ඇදා ගනිමින් පටු දේශපාලන වාසි ලබා ගැනීම සදහා කටයුතු කරන තැනට ජනාධිපතිවරයාද පත් වීම කණගාටුදායක තත්වයක් බවයි විජේවර්ධන මෙහිදී සඳහන් කර සිටියේ.

MCC ගිවිසුමට අදාලව කිසිදු මුදලක් පසුගිය රජයට ලබා නොදුන් බවට ඇමෙරිකානු තානාපති කාර්යාලයද නිල වශයෙන් ප්‍රකාශයක් ද සිදුකර ඇති මොහොතක රාජපක්ෂ පාලනය විසින් අභූත චෝදනා එල්ල කරමින් සිටීම කණගාටුදායක තත්වයක් බව පෙන්වාදුන් හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා, MCC ය හරහා මෙම ආධාර ප්‍රදානය ලබා ගැනීමට මුල්ම ඉල්ලීම කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව හෙළිවී ඇතැයි ද සදහන් කළේය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ 'සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය' (MCC) සමාලෝචන කමිටුවේ සභාපති ලලිතසිරි ගුණරුවන් අන්තර්ජාල 'යූ ටියුබ්' නාලිකාවකට අදහස් දක්වමින් පවසන්නේ, විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසුව කමිටු වාර්තාව සම්පාදනය කළ බවත්, පසුගිය රජය 2017  සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බවත්ය.

ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැතැයි ද ඔහු කීය.

 

'MCC ප්‍රදානය මුලින්ම ඉල්ලුවේ මහින්ද' - ඇමරිකාව කියයි  

ඇමරිකානු MCC ප්‍රදානය ලබා දෙන ලෙස මුලින්ම ඉල්ලීම් කරනු ලැබුවේ 2005 වසරේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ දී බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.

මෙරට පිහිටි ඇමරිකා තානාපති කාර්යාලයේ මහජන කටයුතු නිලධාරියා වන ඩේවිඩ් මැක්ගුවර් විසින් 'ඩේලි මිරර්' පුවත්පතට මේ බව සඳහන් කර තිබේ.

ඇමරිකානු MCC ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම දේශපාලනකරණය වීම සහ නිවැරදි නොවන තොරතුරු හුවමාරු වීම කණගාටුවට කරුණක් යැයි ද ඔහු පවසා ඇත.

රටවල් 30කට ආසන්න ප්‍රමාණයක මෙම ක්‍රියාත්මක වන බවත් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

සබැඳි පුවත් :

MCC : ගුණරුවන්ගේ කතාව අසත්‍යක් - ශ්‍රී ලංකාවට මෙතෙක් කිසිඳු මුදලක් මුදාහැර නැහැ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්