ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් (MCC) වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට ආධාර මුදලක් ලබාගැනීම සඳහා මුලින්ම අයදුම් කර ඇත්තේ 2005 වසරේදී මහින්ද රාජපක්ෂගේ පාලන සමය

තුළ බව 'ඩේලි මිරර්' පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ මහජන සම්බන්ධතා නිලධාරී ඩේවිඩ් මැක්වයර් ප්‍රකාශ කර තිබේ.

එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් MCC ගිවිසුම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත්කළ ‘ගුණරුවන් කමිටුව’ මෙරට MCC අධ්‍යක්ෂවරයා හමුවී ඇත්තේ එක්වරක් පමණක් බවත්, ගිවිසුම පිළිබඳව විමසීම සඳහා ඔවුන් ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් හමුවීමට ඉල්ලීමක් හෝ කර නොමැති බවත් ඩේවිඩ් මැක්වයර් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව විසින් අයදුම් කර ඇති ඇමරිකානු ඩොලර් මිලියන 480ක ආධාර මුදල පිළිබඳ දිගින් දිගටම දේශපාලනීකරණය කිරීම සහ සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම කලකිරීම්සහගත බවද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Screen Shot 2020 06 28 at 9.49.17 AM
MCC (මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන්) ගිවිසුම රටට අහිතකර බවට විද්වත් කමිටුව නිර්දේශ කිරීමෙන් පසුව එය අත්සන් නොකරන බවට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පළකරන ප්‍රකාශ මහමැතිවරණයට සම්බන්ධ බව දේශපාලන අංශවල අවධානයට ලක්ව තිබේ.

ගෝඨාභය ජනාධිපතිවරයා විසින් ගිවිසුම සම්බන්ධ අධ්‍යයනය කිරීමට පත්කළ ‘ගුණරුවන් කමිටුව’ පසුගියදා නිකුත් කළ අවසන් වාර්තාවෙන් ප්‍රකාශ වන්නේ, රාජපක්ෂ ආණ්ඩුවෙන් MCC වෙනුවෙන් අමෙරිකන් රජයට කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කළ බවට සාධක එම කොමිසම කළ ‘සොයාබැලීම්වලදී හමු නොවූ’ බවය.

කෙසේවතත් එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ඒ සම්බන්ධ සිය නිල ප්‍රතිචාරය පෙරේදා (26) පළ කරන ලදී. ඒ අනුව, MCC ප්‍රදානය සම්බන්ධ ආණ්ඩුව විසින් සහ වෙනත් පාර්ශ්ව විසින් සිදුකරන ප්‍රකාශ දේශපාලනිකකරණය වී ඇති බව පවසන තානාපති කාර්යාලය, මේ දක්වා කිසිදු මුදලක් MCC ප්‍රදාන යටතේ එක්සත් ජනපද පදනමෙන් නිකුත්කර නැති බවද ආණ්ඩුව කිසිදු මුදලක් වැයකර නැති බවද පෙන්වා දෙයි. 

''MCC ප්‍රදානය සම්බන්ධ ආණ්ඩුව විසින් සහ වෙනත් පාර්ශ්ව විසින් සිදුකරන ප්‍රකාශ දේශපාලනිකකරණය වී ඇති බව පවසන ඇමරිකානු තානාපති කාර්යාලය, මේ දක්වා කිසිදු මුදලක් MCC ප්‍රදාන යටතේ එක්සත් ජනපද පදනමෙන් නිකුත්කර නැති බවද ආණ්ඩුව කිසිදු මුදලක් වැයකර නැති බවද පෙන්වා දෙයි. ''

කෙසේවෙතත් ‘ගුණරුවන් කමිටුව’  පවසන කරුනට ප්‍රතිවිරුද්ධ තත්වයක් අනාවරණය කරමින්, ඩොලර් මිලියන 480 ප්‍රදානයට සම්බන්ධ MCC ප්‍රදානයක් ලංකාවට ලබාදෙන ලෙස මුල් වරට අයදුම් කළේ 2005 බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව බව ඒක්සත් ජනපද තානාපති කාර්යාලය අවධාරනය කරයි.

තානාපති කාර්යාල ප්‍රකාශයෙහි සඳහන් කරුණු අනුව, එක්සත් ජනපද රජයේ විශේෂ ආර්ථික ක්‍රමෝපාය ව්‍යාපෘතියක් ලෙස MCC පදනම නීතිගත කළ 2004 වසරේ පෙබරවාරි මසදී ලංකාවේ පිහිටි ඒක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් එවකට පැවති රනිල් වික්‍රමසිංහ පාලනයට මෙම ප්‍රදානය සම්බන්ධ මුලින්ම දන්වනු ලැබ තිබේ.

‘ගුණරුවන් කමිටුව’ කුමන්ත්‍රණයක !

කෙසේවෙතත් ‘ගුණරුවන් කමිටුව’  සිය වාර්තාවේ සඳහන්කරන සොයාබැලීම් අවසානයේ ඔවුන්ට හමුව ඇත්තේ 2004 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව වෙත ප්‍රදානය සම්බන්ධ කළ දැනුම්දීම පමණකි. එයින් පසුව නිල වශයෙන් ඒ ගැන හුවමාරු කළ ලේඛන ලෙස එම කොමිසම ගෙන හැර දක්වන්නේ 2015 රනිල් වික්‍රමසිංහ පාලනය විසින් ඉදිරිපත් කළ ලේඛනයකි.

රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු හරහා ඩොලර් මිලියන 480ක් ලබාගැනීම මෙරට ආර්ථික සංවර්ධනයෝ ක්‍රමෝපාය ඉලක්ක සඳහා සළකා බැලිය යුතුවන්නේ යම් රටක නිශ්චිත කාලයක පවත්නා පාලනය විසිනි. 

එවැනි ප්‍රදානයක් ලබාදිය හැකි බව එක්සත් ජනපද ආණ්ඩුව දන්වා ඇත්තේ 2004 වසරේ නම්, එය ඉල්ලා සිටීමට එවකට මහින්ද රාජපක්ෂ පාලනය කටයුතුකර ඇත්නම් ගිවිසුම හෝ එහි සමාජ-ආර්ථික-දේශපාලන ප්‍රතිපල සම්බන්ධ සොයාබැලීම කළ යුතු වන්නේ එසේ ඉල්ලීම් කරන්නට පෙරාතුවය. 

''මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පළමු මාස කිහිපය තුළම ප්‍රදානය ඉල්ලා සිටි බව සත්‍යයක් නම්, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව එය අත්සන් කිරීමට පියවර ගැනීම වැරදි වන්නා සේම රාජපක්ෂ ආණ්ඩුව ඒ ගැන මූලික ඉල්ලීම් සිදුකර තිබීමද බරපතළ වරදකි. එසේම එවැනි ඉල්ලීම් සිදු නොකළ බවට විද්වත් කමිටුවක් හරහා ප්‍රකාශ නිකුත්කර විරුද්ධ පාර්ශ්වයට වරද පැටවීමද කුමන්ත්‍රණකාරි තත්වයකි.''

එසේ රාජපක්ෂ ආණ්ඩුවේ පළමු මාස කිහිපය තුළම ප්‍රදානය ඉල්ලා සිටි බව සත්‍යයක් නම් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව එය අත්සන් කිරීමට පියවර ගැනීම වැරදි වන්නා සේම රාජපක්ෂ ආණ්ඩුව ඒ ගැන මූලික ඉල්ලීම් සිදුකර තිබීමද බරපතළ වරදකි. එසේම එවැනි ඉල්ලීම් සිදු නොකළ බවට විද්වත් කමිටුවක් හරහා ප්‍රකාශ නිකුත්කර විරුද්ධ පාර්ශ්වයට වරද පැටවීමද කුමන්ත්‍රණකාරි තත්වයකි.

මේ අනුව විද්වත් කමිටුවක් ලෙස හඳුන්වන මෙම කමිටුව රාජපක්ෂ පාලනය නිර්දෝෂී බව සනාථ කිරීමට කටයුතු කරන කුමන්ත්‍රණකාරි කමිටුවක්දැයි දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.

'රාජපක්ෂලා මෙදා පාරත් 'MCC භීතිකාවක්' වපුරා ගොඩයන්න හදනවා' -මංගල 

මේ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ, දිනෙන් දින දුර්වල වෙමින් පවතින තම ජන්ද ව්‍යාපාරය නැවත පණගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) විසින් ඔවුන් ජනාධිපතිවරණයේ දී භාවිතා කල ජයග්‍රාහී සුත්‍රය වන MCC භීතිකාව හා රිෂාඩ් බදුර්දීන් හා ඔහුගේ පවුලේ සාමාජිකයන් එල්ල කර ඇති මුස්ලිම් විරෝධී උමතුව නැවතත් පණගන්වා බොරු බේගල් සමාජගත කරමින් සිටින බවයි.

මංගල එබව සඳහන් කර ඇත්තේ 'ට්විටර්' පණිවිඩයක් නිකුත් කරමිනි.
MS Tweete

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්