කොවිඩ් 19 වයිරසය හේතුවෙන් මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන් අතරින් 20,000 කට ආසන්න පිරිසක් රැකියා අහිමිවීම්

ඇතුළු අර්බුදවලට මුහුණ දී සිටිතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මේ වනවිට සමහර ආයතන වැසී යාම නිසා සේවකයන් වැටුප් අහිමිවීම්වලට මුහුණ දී ඇති බවත් තවත් සමහරුන්ට අඩ වැටුප් ලැබීම හෝ වැටුප් අඩු කිරීම් සිදුව ඇති බවත් තවත් බොහෝ දෙනෙකුට අතිකාල සේවා අහිමි වී ඇති බවත් වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍යධිකාරි මංගල රන්දෙනිය පවසා තිබේ.

මේ අතර අප්‍රේල් මැයි හා ජුනි මාස තුනේ දී විදේශ රැකියාවන්ට යාමට බලාපොරොත්තුවෙන් සිටි 30,000 කට ආසන්න පිරිසකට කොවිඩ් 19 රෝගය පැතිරයාම හේතුවෙන් එම රැකියා අහිමිවී යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

එසේ යම් ප්‍රශ්නයකට මුහුණ දී සිටින අයෙක් වේ නම් අදාල රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වාර්තා කරන ලෙස සාමාන්‍යධිකාරිවරයා ඉල්ලා ඇතත් එම රටවල අසරණව සිටින පිරිස් තමන්ට තානාපති කාර්යාලවලින් කිසිදු පිළිසරණක් නොලැබෙන බව පවසයි.

එම රටවල අසරණව සිටින පිරිස් පවසන්නේ රැකියා අහිමිවීම නිසා තමන්ට ඉන්නට හිටින්නට තැනක් නොමැතිවීමට අමතරව කෑම බීම පවා නොමැති බවයි. එසේම එම ශ්‍රමිකයන්ට සහන සැලසීමට හෝ ඔවුන් නැවත ගෙන්වා ගැනීම වෙනුවෙන් වූ වැඩපිළිවෙලක් නොමැති බවද දක්නට ලැබෙන්නකි.

 

සබැඳි පුවත් :

මැදපෙරදිග සේවය කල ශ්‍රී ලාංකික කම්කරුවන් 23 ක් වසංගතයෙන් මියගිහින්!

සවුදියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සියදිවි නසාගන්න තත්වයක! 

කුවේට්හි සිටින ශ්‍රී ලාංකියින් පිරිසක් අන්ත අසරණවෙලා! - 'කන්න බොන්නවත් නැහැ' (වීඩියෝ) 

"අතේ සතේ නෑ. උදේට කෑවොත් දවල්ට නෑ" - කුවේට්හි ශ්‍රී ලාංකිකයෝ (වීඩියෝ) 

කොරෝනාසාදිතයන්ට “කුවේට් බෝම්බ” කී මහින්දානන්දට සඟරුවනේ විරෝධය 

'රට විරුවන්' කුවේටයේ අන්ත අසරණ වෙලා! - සජිත්, කුවේට් තානාපති හමුවෙයි (වීඩියෝ)  

නැවත මෙරටට පැමිණීම ගැන සිතා බලන්න - විදේශ ලේකම් එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ට කියයි  

රට තුලට වැඩියෙන්ම රට සල්ලි ගෙනාවේ රටට එපාවූ 'රට විරුවන්' 

ආණ්ඩුව 'රටවිරුවන්' ගෙන්වීම පමා කරමින් වසංගතයට ගොදුරුවීමට ඉඩහරියි!  

ආණ්ඩුව විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අත්හරී! - ජනපතිගේ 'නව යාන්ත්‍රනය' තවමත් නැහැ!! 

මැද පෙරදිග ශ්‍රමිකයන් වෙනුවෙන් යුතුකම් ඉටු නොකරන ආණ්ඩුවට විරෝධය 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්