එක්රැස්වීමේ සහ සමාගමයේ අයිතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලෙමො වුලේ 2019 ජූලි මාසයේදී කරන ලද ශ්‍රී ලංකා සංචාරයෙන් පසු

 ලංකාන්ඩුව වෙත නිර්දේශ කිහිපයක් ඉදිරිපත්කර ඇත.

මෙම නිර්දේශ ඇතුළත් වනනේ ජූලි 30දායින් ඇරඹෙන මානව හිමිකම් කවුන්සිලයේ 44වන සැසිවාරයට ඔහු විසින් කරනු ලබන දීර්ඝ වාර්තාවෙහිය.

එසේ ඉදිරිපත් කර ඇති නිර්දේශ මෙසේය.

(අ) ජාත්‍යන්තර මානව හිමිකම් සම්මතයන් හා ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම සඳහා සාමකාමී රැස්වීමේ නිදහසට අදාළ නීති හා රෙගුලාසි සංශෝධනය කිරීම සලකා බලන්න.

(ආ) සංවිධායකයින්ට සහ නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්ට නීතියට අනුව රැස්වීම් සංවිධානය කිරීම පහසු කිරීම සඳහා සාමකාමී එක්රැස්වීමේ නිදහස පිළිබඳ නීති සහ රෙගුලාසි මත පදනම්වූ පැහැදිලි හා විවෘත මඟ පෙන්වීම් වර්ධනය කිරීම සලකා බලන්න.

(ඇ) සාපරාධී අවදානමකින් තොරව ස්වයංසිද්ධ හෝ හදිසි රැස්වීම් පැවැත්වීමට ඉඩ දීම සඳහා දැනුම් දීමේ ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් නීතිය සංශෝධනය කිරීම සලකා බලන්න.

(ඈ)) සාමකාමී එක්රැස්වීමේ නිදහස සඳහා ඇති අයිතිය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කරන විරෝධතාකරුවන් අපරාධකරුවන්බවට පත්කැරෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු ජාතික ආරක්ෂක නීති භාවිතා කිරීමෙන් වළකින්න.

Social media'සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අන්තර්ජාලය වසා දැමීමෙන් වළකින්න.'

(ඉ) අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රමිතීන්ට සැමවිටම පටහැනි පියවරක් වන, සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අන්තර්ජාලය වසා දැමීමෙන් වළකින්න. අන්තර් ජාලයෙහි පළ කැරෙන ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයන් සහ ව්‍යාජ තොරතුරු සම්බන්ධයෙන් පලදායී හා සාක්ෂිමත පියවර ගැනීම සඳහා සිවිල් සමාජය, මාධ්‍ය, අන්තර්ජාල සේවා සපයන්නන් සහ සමාජ මාධ්‍ය සමාගම් සමඟ සහයෝගයෙන් වැඩ කරන්න. එය අන්තර් ජාතික මානව හිමිකම් නීතියට අනුකූල වන පරිදි සිදු කරන්න.

(ඊ) එක්රැස්වීම් විසුරුවා හැරීම සඳහා කිසියම් බලයක් භාවිතා කිරීමෙහිදී ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන බවත්, නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් විසින් බලය සහ ගිනි අවි භාවිතා කිරීම පිළිබඳ මූලික මූලධර්ම සහ නීතිය ද බලාත්මක කිරීමේ නිලධාරීන් සඳහා වන චර්යාධර්ම පද්ධතිය ද පුහුණුවෙහිදී ලද නියමයන්ද පිළිපදින බවත් සහතික කරන්න.

(උ) කවර හෝ එක්රැස්වීමක් වැළැක්වීම හෝ නැවැත්වීම සඳහා කිසියම් අධිකරණ නියෝගයක් ඉල්ලා සිටින විට සංවිධායකයින්ට එයට අභියෝග කිරීමට ප්‍රමාණවත් කාලයක් හා අවස්ථාවක් ලබා දෙන බවටත් එක්රැස්වීම අතරතුර අනෙක් අය විසින් කරන නීති විරෝධී ක්‍රියාවන්ට  විරෝධතා සංවිධායකයින් පෞද්ගලිකව වගකිව යුතු නැති බවත් සහතික කරන්න.

Rathupaswalaආරක්ෂක හමුදාවන්ගේ ක්‍රියාවන් හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්

(ඌ)  ජාතික හා ආගමික සුළුතරයන්, සමරිසි සහ සංක්‍රාන්ති කණ්ඩායම් යානාදීන්, ළමුන් සහ කාන්තාවන් වැනි කණ්ඩායම් වලට සාමකාමී එක්රැස්වීමේ අයිතිය සුරක්ෂිතව ක්‍රියාත්මක කළහැකි බව, තෙවන පාර්ශවයන්ගේ පහරදීම්, හිරිහැර කිරීම් සහ බිය ගැන්වීම් වලින් එම කන්ඩායමි කිරීම මගින් සහතික කරන්න.

(එ) ආරක්ෂක හමුදාවන්ගේ ක්‍රියාවන් හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, විශේෂයෙන් ඝාතනයන් හා තුවාල කිරීම්, රතුපස්වල, වැලිකඩ බන්ධනාගාර සහ රොෂාන් චානක නඩුද ඇතුළුව ක්ෂණිකව, ස්වාධීනව හා විනිවිදභාවයෙන් විමර්ශනය කර නඩු පැවරෙන බව සහතික කරන්න.

 (මෙය එජා සංවිධානය විසින් කරන ලද නිල පරිවර්ථනයක් නොවන බව සළකන්න)

(srilankabrief.org)

මෙම ලිපියට අදාළ පෙර ලිපිය :

රැස්වීමේ සහ සමාගමයේ අයිතිය පිළිබඳ එජා විශේෂ නියෝජිත ශ්‍රී ලංකා වාර්තාව (01): නිගමන සහ සිවිල් සමාජයට නිර්දේශ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්