මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිතා නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබේ.

 

එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයින් කිසිවෙකුත් දේශපාලන වැඩ නොකළ යුතු බව ද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

මැතිවරණ ප්‍රචාරණයට ජනාධිපතිවරයාගේ ඡායාරූපය භාවිතා නොකරන ලෙසත් රාජ්‍ය සේවකයින්ට දේශපාලනය නොකරන ලෙසත් තරයේ උපදෙස් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති ලේකම්වරයාට නියෝග කර තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර විසින් සියලු ආණ්ඩුකාරවරුන් අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් සංස්ථා මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ සෙසු අංශ ප්‍රධානීන් වෙත ඊයේ (01) දිනයේ ඒ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

සියලු රාජ්‍ය සේවකයින් අදාළ උපදෙස් පිළිපදින බවට වග බලාගන්නා ලෙස ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්වේ.

 

'වියත්මඟටත් අදාලයි !

Vipathmaga

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) අපේක්ෂක ලැයිස්තුවෙන් තරග වදින 'වියත්මඟ' සංවිධානයේ නියෝජිතයන් එම සංවිධානය විසින් ‍ප්‍රසිද්ධියට පත් කර ඇති අතර එහිද ජනාධිපතිවරයාගේ ඡායාරූපය භාවිතා නොකරන ලෙසට උපදෙස් ලැබී ඇත.

එම සංවිධානයේ නිල ෆේස්බුක් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇති 'වියත්මඟ' අපේක්ෂකයින් ගණන එකොළොස් දෙනෙකි.

'වියත්මඟ' සංවිධානය ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමට පෙර ඔහුගේ සභාපතිත්වයෙන් දැනට වසර කිහිපයකට පෙර පිහිටවූවකි. ගෝඨාභය රාජපක්ෂ වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා ජනමතයක් ඇතිකරලීමට සුවිශාල වැඩකොටසක් ඉටුකරනු ලැබුවේ 'වියත්මඟ' සංවිධානයයි.

'පොහොට්ටුව' යටතේ තරඟ කරන 'වියත්මඟ' අපේක්ෂකයින් මෙසේය.

කොළඹ -සරත් වීරසේකර, අනුර ප්‍රනාන්දු

ගම්පහ - ආචාර්ය නාලක ගොඩහේවා

මාතලේ - නාලක කෝට්ටෙගොඩ

දිගාමඩුල්ල - තිලක් රාජපක්ෂ

හම්බන්තොට - උපුල් ගලප්පත්ති

අනුරාධපුර - චන්න ජයසුමන

කුරුණෑගල - ගුණපාල රතනසේකර

මහනුවර - උදයන කිරිදිගොඩ

ජාතික ලයිස්තුව – අජිත් නිවාඩ් කබ්රාල් සහ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්