වැඩිම ප්‍රේක්ෂක පිරිසක් වැඩ සටහන් නරඹන අවස්ථා වලදී නොමිලේ දැන්වීම් ප්‍රචාරය කර අලුතින් භට පිරිස් බඳවා ගැනීම සඳහා සහාය වන ලෙස

ශ්‍රී ලංකා යුද හමුදාව රුපවාහිනී නාලිකා වලින් ඉල්ලා තිබේ.

යුද හමුදාවේ නිත්‍ය බලසේනාව වෙත 2020 වර්ෂය වෙනුවෙන් වෘත්තීය හා වෘත්තීය නොවන ආධුනික සෙබළුන් හා සෙබලියන් බඳවා ගැනීම මේ වසර අග දක්වා සිදුවන බව පවසන හමුදා මුලස්ථානය, ඒ සඳහා තරුණ තරුණියන් අද්දවා ගැනීම වෙනුවෙන් සකස් කරන ලද වීඩියෝ දැන්වීමක්ද රූපවාහිනී ආයතන වෙත යවා තිබේ.

“ඒ අනුව සම්මුඛ පරීක්ෂණ වෙත වැඩි තරුණ පිරිසක් සහභාගී කරවා ගැනීම සඳහා ප්‍රචාරයක් ලබා ගැනීමේ අරමුණින් සකස් කරන ලද කෙටි වීඩියෝ පටයක් මේ සමග ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන අතර එම දැන්වීම ප්‍රමුඛත්වයක් මත ඔබ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති, ටෙලිනාට්‍ය සහ ජනප්‍රිය වැඩසටහන් අතරතුර මුදල් අයකිරීමකින් තොරව ප්‍රචාරය කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ,” යි අධ්‍යක්ෂ ජනමාධ්‍ය වෙනුවෙන් කර්නල් වී එම් එන් හෙට්ටිආරච්චි විසින් ජුලි 2 දා වැඩසටහන් අධ්‍යක්ෂ වරුන් වෙත යවන ලද ලිපියක දැක්වේ.

යුද්ධය අවසන් වීමෙන් පසුවත් ලක්ෂ දෙකහමාරකට අධික හමුදා බලකායක් පවත්වාගෙන යන ශ්‍රී ලංකා යුද හමුදාව තව කී දෙනෙක් බඳවා ගැනීමට සූදානම් දැයි පැහැදිලි නැත.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්