ජයග්‍රහණ අහිමිව තිබෙන රටකට ජයග්‍රහණ ගෙන ආ ක්‍රිකට් ක්‍රීඩකයින් දේශපාලන බල සූදුව වෙනුවෙන් පීඩාවට පත් කිරීමට එරෙහිව අප සමාජයක් ලෙස විරෝධය පළ කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක

අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටියි.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු ආණ්ඩුවේ බලධාරීන් දෙස් විදෙස් හි ජනප්‍රිය ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයින් පසුපස හඹායමින් සිදුකරන බලපෑම් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ජවිපෙ නායකයා ඒ බව සඳහන් කර ඇත්තේ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

AKD Post

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර අද පස්වරුව වන තෙක් ක්‍රිඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය හමුවේ ප්‍රකාශ ලබාදුන්නේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර අද පෙරවරු 8.30ට පමණ මෙම ඒකකය වෙත පැමිණියේය.

ඔහු පැය 9 කට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයෙන් පිටව ගියේය.

මෙම විමර්ශනයට අදාලව හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ද පෙරේදා දිනයේ කැදවා පැය 06 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණ.

 ඊයේ දිනයේදී පැය දෙකක කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තේ 2011 ලෝක කුසලාන අවසන් මහ තරගයට ක්‍රීඩා  කළ උපුල් තරංගගෙනි.

ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශතකයක් වාර්තා කළ මහේල ජයවර්ධන ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත හෙට පෙරවරු 9.00 ට කැඳවා ඇත.

 

ක්‍රිකට් ක්‍රිඩක මර්ධනයට එරෙහිව උද්ඝෝෂණයක්.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ක්‍රිකට් ක්‍රීඩක දඩයමට විරෝධය පළකරමින්, සජිත් ප්‍රේමදස නායකත්වය දරණ 'සමගි ජන බලවේගය'ට අනුබද්ධ සමගි තරුණ බලවේගය විසින් අද (2) දිනයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිටදි සාමකාමී විරෝධතාවයක් පවත්වන ලදි.

SLCricket

SLGoverment 2020

SLCricket 1

මංගල කියපු කතාව

මේ අතර ආණ්ඩුවේ ක්‍රිකට් ක්‍රීඩක දඩයම සම්බන්ධයෙන්, ස්වර්ණවාහිනියේ ඊයේ රාත්‍රී පැවති දේශපාලන වැඩසටහනක දී අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙසේ පැවසිය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්