මුස්ලිම් ජාතික කාන්තාවක් දෙහිවල පිහිටි සම්පත් බැංකු ශාඛාව ඇතුළුවීමට යාමයේ දී ඇති වූ ගැටලුවක් සම්බන්ධයෙන් වූ වීඩියෝවක්

මේවනවිට සමාජ ජාලාවල ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.

අදාළ වීඩියෝවේ මුස්ලිම් ජාතික කාන්තාව හිස් ආවරණයක් පැළඳ බැංකුවට ඇතුළු වීමට සුදානම් වන අවස්ථාවේදී  බැංකු ආරක්‍ෂකයන් විසින් ඇයගේ හිස් ආවරණය ඉවත්කරන ලෙස බලපෑම් කරයි. ඇය එය ප්‍රතික්ෂේප කරන අතර අයගේ සහයට පැමිණියකු ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම විරෝධය පළකරනු අදාල වීඩියෝවේ දැක්වේ.

 

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව මෙන්න 

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා වේගයෙන් සංසරණය වෙමින් ඇත්තේ දැඩි විවේචනයන් ද සහිතවය.

ඒ අතර සම්පත් බැංකුව සමග සමීප ව්‍යාපාරික සබදකම් ඇති එමෙන්ම, දැඩි රාජපක්ෂ භක්තිකයකු වන ප්‍රකට ව්‍යාපාරිකයකු නිමල් පෙරේරා සිය සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත්තේ, සම්පත් බැංකුව පිහිටුවා ඇත්තේ සිංහල බෞද්ධයන්ට සේවය කිරීමට බවයි. සත්‍ය එය බවත් එමගින් තමන් ජාතිවාදියෙකු ලෙස නොසලකන ලෙසද ඔහු ඉල්ලා සිටියි.

sampath Bank Racist

 

මේ පිළිබඳ ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන්කර ඇත්තේ   සම්පත් බැංකුව සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා නොවන බව මා දැනුවත් කිරීම ගැන නිමල්පෙරෙරාට ස්තූති වන්ත වන අතර එම බැංකුවේ ඇති මගේ ගිණුම ජාති, කුල, ආගම් වලින් ඔබ්බට ගිය සියලුම ශ්‍රී ලාංකිකයන්ට සේවය කරන බැංකුවකට මාරු කරන ලෙස මගේ කාර්යාලයට උපදෙස් දී ඇති බවත් එමගින් ඔබගේ බැංකුවට විශාල පාඩුවක් නොවන නමුත් මාහට මුල ධර්ම වැදගත් වේ යන්නයි.

106532927 148075016856470 976514556190436950 o 

සම්පත් බැංකුව සමාව ගනී !

කෙසේවුවද ඊයේ සිදුවූ මෙම සිද්ධිය වාර්තාවීමෙන් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති සම්පත් බැංකුව,  එම සිද්ධිය සම්බන්ධයෙන් අදාල පාර්ශවයන්ට කණගාටුව පළකර සිටින බවත්, ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර නොපමාව ගන්න බවත් සඳහන් කර ඇත.

sampath bank

 

WhatsApp Image 2020 07 03 at 7.46.10 PM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්