එක රාත්‍රියකින් අලිමංකඩ යුද හමුදාවෙ දෙතුන් දාහක් මරා දමන්න පුළුවන් වු බවටත්, කිලිනොච්චියෙත් ඊටත් වඩා ගනනක්
එක රාත්‍රියකින් මරා දැමු බවටත් තමා ඉතාමත් දරුනු මිනිහෙක් බවත් පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන්, මඩකලපුව, කලවන්චිකුඩි ප්‍රදේශයේ පසුගියදා පැවැති ජන හමුවකදී තවත් බරපතල ප්‍රකාශයක් කර ඇත.
මේ ප්‍රකාශයෙන් ඔහු පවසන්නේ දෙමළ ජාතික සන්ධානය පිළිබඳව ය. TNA නායකයින් මරා නොදැමීම ගැන තමා අද පසුතැවෙන බව ඔහු එහිදී සඳහන් කර තිබේ.
ඔහු විසින් කල ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහත පළවේ.
''මේ දෙමළ ජාතික සන්ධානය හැදුවේ මම තමයි. සිවරාම් කියන පුවත්පත් මාධ්‍යවේදියෙක් ඇවිල්ලා මට යෝජනාවක් කෙරුවා අම්මාන් යුද්දේ සිදුවෙනවා යුද්ධය ගැන බාහිර ලෝකයට පෙන්වන්න ඕන කියලා. යුද්ධයේ සැබෑ තත්ත්වය, අහිමිවීම්, බලපෑම් පාර්ලිමේන්තුවේ ඇහෙන්න ඕනෑ.
එතකොට මම ගිහිල්ලා නායකයාට කිව්වා මෙහෙමයි කියලා. එතකොටම එයා කිව්වා මම වෙඩි තියන්න කියපු හැමෝවම ඔයා ගෙන්වන්න හදනවා ද කියලා. තේරෙනවා නේද? ඒක තමයි අපි කරපු වැරැද්ද. එයා කිව්ව දේ අද කරලා තියෙන්නයි තිබුණේ.
ඊට පස්සේ එකතුවෙලා මේක කරන්නම ඕනෑ කියලා කිව්වා. හරි කියලා කැඳෙව්වා වන්නියට. කැඳවලා කතාකරලා ඉවරවුණාම නායකයා කිව්වා සම්බන්දන් මහත්තයා තමයි මේ කණ්ඩායමට, සන්ධානයට නායකයා කියලා. එතකොට හැමෝම හරියි කිව්වා.
දැන් ටී.වී එකේ සම්බන්දන් මහත්තයා කොහොමද දෙන්නේ. කොටින්ටයි අපිටයි සම්බන්ධයක් නෑ. එයාගේ බුද්ධිය නරක්වෙලා. විශ්‍රාම යන වයසේ මොනවා කතා කරනවාද කියලාවත් දන්නෑ.දෙන්නෙක් අතින් අල්ලන් යන්න ඕනෑ ජන්දේ දාන්නත්. ඒ වගේ නායකයෙක් ඕනෑ ද අපිට.''
අලුත් තුරුම්පුව: 'කරුණා අම්මාන් ළදරුවෙකු නොවේ'
කාරුනාගේ වත්මන් දේශපාලන හැසිරීම සම්බන්ධයෙන් 'ලංකා' පුවත්පතෙහි විශේෂ වාර්තාවක් පළකර ඇති මාධ්‍යවේදී ශාලික විමලසේන පවසන්නේ, මහින්ද රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒන්නට කියන විට, මඩකලපුවෙන් ඡන්දය ඉල්ලා ඒමේ තනි හිතුවක්කාරී තීරණයක් ගන්නට තරම් කරුණා අම්මාන් ළදරුවෙකු නොවන බවයි.
මහින්ද රාජපක්ෂ පාර්ශ්වය, තමන්ට නොලැබෙතැයි අපේක්ෂිත නැගෙනහිර ඡන්ද දිනාගැනීමේ සටනට දැමූ අශ්වයා කරුණා අම්මාන් ය. ඒ ඡන්ද දිනාගැනීමට නම් ඔහු, ඒ ඡන්දදායකයන්ගේ හදවතට තට්ටු කළ යුතුය.
''මහින්ද රාජපක්ෂ පාර්ශ්වය, තමන්ට නොලැබෙතැයි අපේක්ෂිත නැගෙනහිර ඡන්ද දිනාගැනීමේ සටනට දැමූ අශ්වයා කරුණා අම්මාන් ය. ඒ ඡන්ද දිනාගැනීමට නම් ඔහු, ඒ ඡන්දදායකයන්ගේ හදවතට තට්ටු කළ යුතුය.''
අම්පාර දිස්ත්‍රික්කයේ, නවදින්වේලි ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී කරුණා අම්මාන් කරන්නට පටන්ගත්තේ ඒක ය. 'කාර්තිව් සභාපතිවරයා මං ගැන ප්‍රකාශයක් කරලා තිබුණා. මං කොරෝනාවටත් වඩා භයානකයි කියලා. ඔව්, ඒක ඇත්ත. කොරෝනාවෙන් මේ රටේ මැරිලා තියෙන්නෙ ඒකොළොස්දෙනෙක් විතරයි. මම අලිමංකඩදි ඒක රැයට දෙදාහක් - තුන්දාහක් විතර හමුදාව මරා දැම්මා. තේරෙනවනෙ, ඒයා කියපු ඒක හරි. කිලිනොච්චිවලත් කී දාහක්ද?'
සබැඳි පුවත් :
කරුණා අම්මාන් හෙවත් කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන කතා වස්තුව!
කරුණා අම්මාන්ගේ ප්‍රකාශයෙන් දේශපාලන වෙස්මුහුණු ගැලවේ !
කරුණා අම්මාන්ගේ 'රහස් රැසක්' එළියට: CID පරීක්ෂණ රැසක් යටගහලා!
ආණ්ඩුවට එක්වී කරුණා කළ අපරාධ ගැනත් හොයන ලෙස UN ඉල්ලයි
කරුණා අම්මාන්ගේ ප්‍රකාශය : යුධ ජයග්‍රහණයකින් වසා දමා තිබෙන 'කතාවක්' යළි කරලියට -Aruni Samarakoon
කරුණාගේ සමූලඝාතන කතාව සහ රාජපක්ෂලාගේ දෙමළ ඡන්ද මැෂිම -අනුරුද්ධ ලොකුහපුආරච්චි
කරුණා අම්මාන්ගේ ප්‍රකාශය: රහස් පොලිසිය විමර්ශනයක් අරඹයි
'කරුණා අම්මාන් අපේ කෙනෙක් නෙමෙයි' - පොහොට්ටුවෙන් ප්‍රකාශයක්
කාරුනා අම්මාන්ගේ 'පුරසාරම්' ගැන විමර්ශනයක්! -හියුමන් රයිට්ස් වොච් වාර්තාවක්