කොරෝනා වසංගතය නිසා වසා දැමුණු පාසල් මාස හතරකට ආසන්න කාලයකට පසු හෙට (ජූලි 6 වැනිදා) ආරම්භ වන අතර

එදින ලක්ෂ 8ක් පමණ පාසල් සිසුන් පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.

මෙහිදී ප්‍රථමයෙන්ම පාසල්වලට පැමිණෙන්නේ 5, 11 හා 13 වසර සිසුන් වන අතර එම සිසුන්ගේ සංඛ්‍යාව 7,65,693කි. සමස්ත පාසල් සිසුන් සංඛ්‍යාව ලක්ෂ 42ක් වන අතර පියවරෙන් පියවර පාසල්වලට පැමිණෙනු ඇත.

පාසල් ආරම්භ කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර සඳහන් කළේ සියලු පාසල් සිසුන් වෙනුවෙන් විෂබීජහරණ කටයුතු හා පිරිසුදුකිරීම් මේ වන විටත් සිදු කර ඇති බවය.

ඔහු වැඩි දුරටත් පැවැසුවේ පාසල් සම්පූර්ණ වශයෙන් සක්‍රීය තත්ත්වයට පත්වෙන එළඹෙන අගෝස්තු 10 වැනිදා වන තෙක් ගුරුවරු පාසලට පැමිණිය යුත්තේ තමන්ට හිමි කාල පරිච්ඡේදයට ඉගැන්වීමට පමණක් බවත්ය.

 

උෂ්ණත්ව මාපක ලැබී නැති ලු !

පාසල් ආරම්භ කිරීමේ දී සනීපාරක්ෂාව තහවුරු කිරීම සඳහා උෂ්ණත්වමාන ලබාදීමට යයි කියා පාසලකින් රුපියල් 11,000 බැගින් කපා ගෙන ඇතත්, මේවනතෙක් පාසල්වලට උෂ්ණත්වමාන ලබාදී නැතැයි වාර්තාවේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උෂ්ණත්වමාන අවශ්‍ය නැති බවට කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් උෂ්ණත්වමාන මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩරය අවලංගු කළ බවට බලධාරීන් ප්‍රකාශ කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.

"2020.05.04 දින නිකුත් කරන ලද 15/2020 චක්‍රලේඛයෙන් 1 සිට 200 දක්වා ළමුන් සිටින පාසල්වලට උෂ්ණත්ව මාපක 1 ක් ද, 201 සිට 1000 දක්වා පාසල්වලට උෂ්ණත්ව මාපක 2 ක් ද, 1001 සිට 2000 දක්වා පාසල්වලට උෂ්ණත්ව මාපක 3 ක් ලෙස මිල දී ගැනීමට උපදෙස් දී තිබුණ ද මේ වන විට උෂ්ණත්ව මාපක අවශ්‍ය නොවන බවත්, පාසල තුළ මුඛ ආවරණ අවශ්‍ය නොවන බවත් සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි."

 මේ තත්වය තුළ ඉහත ද්‍රව්‍ය අවශ්‍ය බවට තීරණය කළේ කුමන පදනමකින් ද යන්න ගැටලූ සහගත වන අතර පාසල්වල සෞඛ්‍ය ආරක්ෂණය සම්බන්ධයෙන් මේ ආකාර පරස්පර ප්‍රකාශ නිකුත් වීම බරපතල ව්‍යාකූල තත්වයක් බව ලංකා ගුරු සංගමය සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

 එසේම පාසල්වල සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම ද මේ දක්වා සම්පූර්ණ කර නොමැති  බවට ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ට චෝදනා කරයි.

කෙසේවුවද, 'අනිද්දා' පුවත්පත කළ විමසීමක දී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.එච්. එම්. චිත්‍රානන්ද ප්‍රකාශකර ඇත්තේ, පාසල් ආරම්භයේ දී පාසල් තුල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 420 ක මුදලක් බෙදා දී අවසන් බවයි.

සබැඳි පුවත් :

උපදෙස් හරියාකාර නොලැබී පළාත් හතක ඉස්කෝල අවුලේ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්