තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබු

මහේස්ත්‍රාත්වරියන් දෙදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් පසුගියදා සහනදායි තීන්දුවක් ලැබී ඇත.

පෙත්සම්කාර මහේස්ත්‍රාත් වරියන් දෙදෙනා සිය පෙත්සම මගින් කියා සිටියේ, පළමු වසරට ළමුන් ඇතුලත් කර ගන්නා පටිපාටිය ඇතුලත් චක්‍රලේඛ මගින්, තමන්ට මෙන්ම අධිකරණ සේවාවේ නිලධාරීන්ට අගතියක් සිදුව ඇති බවයි.

එය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, මෙම මහේස්ත්‍රාත් වරියන්ගේ දියණියන් දෙදෙනාව, විශාඛා විද්‍යාලයේ අදාළ වසරවලට වහාම ඇතුලත් කර ගන්නා ලෙසට, විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනියට හා වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබු අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින්ට නියෝග කර ඇත.

2018 වසරේදී පවරන ලද මෙම මූලික අයිතිවාසිකම් නඩු 2019 ජූනි 17 වන දින, විභාග කෙරුණු අතර, එහි තීන්දුව 2020 ජූනි 18 ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මෙම නඩුව පවරා තිබුනේ අලංකාරගේ දොන චතුරිකා සිල්වා හා වෙල්ලවලාගේ ධක්ෂිකා චහීමා විජේබණ්ඩාර යන මහේස්ත්‍රාත් වරියන් දෙදෙනා විසිනි.

SC/FR/222/2018 හා C/FR/223/2018 යටතේ වූ මෙම නඩු දෙකේ, වග උත්තරකරුවන් ලෙසට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරුන්, අධ්‍යාපන ඇමතිවරුන්, ජාතික පාසැල් අධ්‍යක්ෂ, අධිකරණ සේවා සංගමයේ නිලධාරීන් සහා නීතිපති නම්කර තිබිණ.

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත ජයවර්ධන, ජනාධිපති නීතිඥ විජිත් කේ.මලල්ගොඩ හා ඊ.ඒ.පී.ආර්.අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ විභාගයට ගන්නා ලද මෙම නඩුවේ තීන්දුව, සෙසු විනිසුරුවරුන්ගේ එකගතාවය සහිතව ප්‍රකාශයට පත්කරන ලද්දේ විනිසුරු ජනාධිපති නීතිඥ විජිත් කේ. මලල්ගොඩ විසිනි.

පෙත්සම්කාර, මහේස්ත්‍රාත් වරියන් දෙදෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දැක්විය.

 

නඩු කියන්නට වත්කමක් නැති දෙමාපියන්ට ?  

ගත වූ කාල පරීච්ජේදයන්හී, විශේෂයෙන් ජනප්‍රිය ජාතික පාසල්වලට පළමු වසරට සිසුන් ඇතුලත් කර ගැනීමේ සිදුවූ අක්‍රමිකතාවන්ට එරෙහිව අගතියටපත් දෙමාපියන් විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින්, තම දරුවන් අදාළ පාසල්වලට ඇතුලත් කර ගැනීමට හැකිවිය.

ඒ නඩු තීන්දුමගින්, නඩුකියන ලද දෙමාපියන්ට සාධාරණය හිමිවුවද, නඩු කියන්නට වත්කමක් නැති දෙමාපියන්ට මොකද වුනේ ?

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්