මෙවර අ.පො.ස උ/පෙළ විභාගයට අගෝස්තු මස පෙනී සිටීමට නියමිතව සිටි සිසු දරුවන්ට, කොරෝනා වසංගතය හා පසුගිය වසරේ සිදු වු පාස්කු ප්‍රහාරය නිසා අහිමි වු මාස 05 ක පමණ අධ්‍යයන කාල සීමාව නැවත

සැලසුම් කර ගැනීම සඳහා වන සාධාරණ කාලයක් ලබා දී විභාගයට දින නියම කරන ලෙස අවස්ථා ගණනාවකදී අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කල ද, ඒ සම්බන්ධව කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොදක්වා කටයුතු කිරීම පිලිබඳව "ලංකා ගුරු සේවා සංගමය" විරෝධය පල කර සිටියි.

ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්, මහින්ද ජයසිංහ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එබව දැනුම් දී ඇත.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත විභාග දෙපාර්තමේන්තුව අවස්ථා කීපයකදී කල් දැමු මෙම විභාගය අවසානයේ පාසල් ආරම්භ කිරීමෙන් පසු ගුරුවරුන් හා සිසු දරුවන් සමඟ සාකච්ඡා කර දැනුම් දෙන බව ප්‍රකාශ කර තිබිණ.  

විභාග කොමසාරිස් ඇතුළු නිලධාරීන් හෑල්ලුවට ලක්කරමින් !

නමුත් මෙම ප්‍රකාශය සිදුකර නොබෝදිනකින් අන්තර්ජාලය හරහා අදාල නොවන පාර්ශව ද, සම්බන්ධ විය හැකි පරිදි පදනම් විරහිත සමීක්ෂණ පවත්වමින් තවදුරටත් විභාගයට දින නියම කිරීම කල්මරමින් සිටියි.

''එවැනි තත්වයක් තුල ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා වෘත්තිය සමිති පසෙකලා, බලයට පැමිණීමට ඔබට සහය දැක්වු උපකාරක පන්ති ගුරුවරුන් කීප දෙනෙකු සමඟ විභාග පැවැත්වීම, පාසල් විවෘත කිරීම පිලිබඳව සාකච්ඡා පැවැත්වුයේ අධ්‍යාපන ලේකම්, විභාග කොමසාරිස් ඇතුලූ අමාත්‍යංශ නිලධාරීන් බොහෝමයක් ද, හැල්ලූවට ලක් කරමින් බව'' ලංකා ගුරු සේවා සංගමය ජනාධිපතිවරයාට යොමුකර ඇති ලිපියේ සඳහන් කර ඇත.

එහෙයින් අ.පො.ස උ/පෙළ විභාගයට දින නියම නොකොට එම අවස්ථාව තවදුරටත් පටු දේශපාලන වාසි වෙනුවෙන් යොදා නොගෙන ලක්‍ෂ හතරක් පමණ වන සිසු දරුවන්ට අහිමි වු මාස 05 ක අධ්‍යයන කාලය සම්පුර්ණ කර ගනිමින් සැලසුම් සහිතව විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පසුබිම සැකසීම මේ වන විට අත්‍යවශ්‍ය කරුණක් බවද එම සංගමය පවසයි.


සබැඳි පුවත් :
ටියුෂන් කරුවන් සහ ජනපති සමග කතා දැමූ අධ්‍යාපන ලොක්කන්ට දොස්


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්