බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ

බ්‍රසීල ජනාධිපතිටත් කොරෝනා : වෛරස ලොව වටා තත්වය

උණ වැළඳීමෙන් පසු කෝවිඩ් 19 පරීක්ෂණය සිදු කළ බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

ඔහු කොරෝනාවෛරස පරීක්ෂණයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අතරවාරයේ, සියලු නිල කටයුතු අවලංගු කර තිබුණි.

ජනාධිපති බොල්සොනාරෝ මින් පෙර දිගින් දිගටම කොරෝනාවෛරසය සුළු කොට තකමින් එය "සාමාන්‍ය උණක්" ලෙස ප්‍රකාශ නිකුත් කළේය.

මේ වන විට, ලෝකයේ වැඩිම කොරෝනාවෛරස රෝගීන් හා මරණ සංඛ්‍යාවෙන් දෙවන ස්ථානයේ සිටින්නේ බ්‍රසීලයයි.

මේ අතර මේ වන විට ලෝකය පුරා කොරෝනාවෛරස රෝගීන් එක්කෝටි දාහත් ලක්ෂයක් වාර්තා වන අතර, මරණ පන් ලක්ෂ හතළිස් එක් දහස පසු කර ඇත.


Meghalaya doctor 759
     ''මේ වන විට ලෝකය පුරා කොරෝනාවෛරස රෝගීන් එක්කෝටි දාහත් ලක්ෂයක් වාර්තා වන අතර, මරණ පන් ලක්ෂ හතළිස් එක් දහස පසු කර ඇත.''  (Coronavirus Worldwide Update)
ඇමරිකා එක්සත් ජනපදය:


දිනෙන් දින ඉහළ යන කෝවිඩ් -19 රෝගීන් ගණන හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත ගණනාවක් නැවත විවෘත කිරීමේ සැලසුම් අත්හිටුවා තිබේ.

 113277596 epa2
නැවත විවෘත කිරීම ප්‍රමාද කර සාමාන්‍ය ජනජීවිතයට සීමාවන් පැනවූ නවතම ප්‍රාන්තය ෆ්ලොරිඩාව වන අතර, එහි අවන්හල් ඇතුළත ආහාර ගැනීම සහ සියලු ව්‍යායාම් මධ්‍යස්ථාන ඇතුළු බොහෝ ආයතන වසා දැමීමට පියවර ගෙන ඇත.

කැලිෆෝනියා, ටෙක්සාස් සහ ෆ්ලොරිඩා ප්‍රාන්තවලින් විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබෙන අතර, පසුගිය සති දෙක තුළ කොරෝනාවෛරසය හේතුවෙන් රෝහල්ගත කළ අයගේ සංඛ්‍යාව 50% කින් වැඩි විය. සමහර ප්‍රදේශවල රෝහල් ඇඳන් පිරී ගොස් ඇති බව ද නිලධාරීහු පවසති.

"මෙය අප වහාම පියවර ගත යුතු බරපතල තත්වයක්," යැයි ඇමරිකාවේ ප්‍රධාන බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි ඊයේ (ජුනි 6) පැවසීය.

මේ අතර, පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමේ සැලසුම් වෙනස් කර තිබේ. හාවඩ් විශ්වවිද්‍යාලය පැවසුවේ සරත් සමයේ සියලුම පාඨමාලා අන්තර්ජාලය හරහා සිදුකෙරෙනු ඇති අතර අනෙකුත් ආයතනද එය අනුගමනය කර ඇති බවය.

''එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමට අදහස් කරන විදේශීය සිසුන්ගේ විශ්වවිද්‍යාල පාඨමාලාව සම්පූර්ණයෙන්ම අන්තර්ජාල හරහා සිදු වන්නේ නම් විදේශීය සිසුන්ට රට තුළ රැඳී සිටීමට ඉඩ නොදෙන බව බලධාරීහු ප්‍රකාශ කළහ.''

එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමට අදහස් කරන විදේශීය සිසුන්ගේ විශ්වවිද්‍යාල පාඨමාලාව සම්පූර්ණයෙන්ම අන්තර්ජාල හරහා සිදු වන්නේ නම් විදේශීය සිසුන්ට රට තුළ රැඳී සිටීමට ඉඩ නොදෙන බව බලධාරීහු ප්‍රකාශ කළහ.

 113277598 afp                                                          ඡායාරූප මූලාශ්‍රය, AFP

වසංගතය හේතුවෙන් ලොව පුරා විශ්වවිද්‍යාල සිය පාඨමාලා අන්තර්ජාලය හරහා සිදු කරන අතර, මෙම වසර අගදී විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන්ට මෙය දැඩි ලෙස බලපානු ඇත.

මේ වන විට එක්සත් ජනපදයේ ලක්ෂ තිහකට ආසන්න පිරිසකට කොරෝනාවෛරසය වැළඳී ඇති අතර 132,000 කට වැඩි දෙනෙක් මිය ගොස් තිබේ.

එක්සත් රාජධානිය:


කොරෝනාවෛරසය ආසාදනය වූ බවට පරීක්ෂණ මගින් තහවුරු වූ හතරෙන් තුනක පිරිසකට (78% කට) කිසිදු රෝග ලක්ෂණයක් වාර්තා වී නොමැති බව එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය ඊයේ (ජුනි 7) නිකුත් කරන ලද දත්ත වාර්තාවේ සඳහන් වේ.

අහඹු ලෙස තෝරා ගත් පිරිසක් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු මෙම කරුණු හෙළි වී තිබේ.

''කොරෝනාවෛරසය ආසාදනය වූ බවට පරීක්ෂණ මගින් තහවුරු වූ හතරෙන් තුනක පිරිසකට (78% කට) කිසිදු රෝග ලක්ෂණයක් වාර්තා වී නොමැති බව එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය ඊයේ (ජුනි 7) නිකුත් කරන ලද දත්ත වාර්තාවේ සඳහන් වේ.''

කෙසේනමුත්, රෝග ලක්ෂණ නොපෙනීම නිසා වෛරසය ආසාදනය වී ඇති බව අදාළ පුද්ගලයන් නොදන්නා අතර ඔවුන්ගෙන් අන් අයට රෝගය බෝ වීමේ අවදානමක් ඇත.

සමහර කොරෝනාවෛරස රෝගීන්ට සති කීපයක් හෝ මාස ගණනක් ගත වුව ද අධික තෙහෙට්ටුව, ඔක්කාරය, පපුවේ තද ගතිය, දරුණු හිසරදය, අමතකවීම් සහ අත් පා වේදනාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවා පවසයි.

 113277600 gi                                                     ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එවැනි රෝගීන් "දිගු දුර ගමන් කරන්නන්" ලෙස හඳුන්වන අතර, ඔවුන්ගේ රෝග ලක්ෂණ දින 14කට පසුවත් දීර්ඝ කාලයක් ගතවන තුරු පවතී.

ඉන්දියාව:
ඉන්දියාවේ දිල්ලි අගනුවර ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. එරට සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව සඳුදා (ජුනි 6) නව රෝගීන් දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, නගරයේ මුළු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇත.

නමුත්, ආසාදිතයින්ගෙන් හතරෙන් තුනක් පමණ සුවය ලබා ඇති බව ද වාර්තා වේ.

සඳුදා (ජුනි 6) දින ඉන්දියාවේ රෝගීන් ගණන රුසියාව අභිබවා ගිය අතර ආසාදිතයන් ලක්ෂ හතකට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ තුන්වන රට බවට පත්විය. එරටින් මරණ විසිදහසකට වඩා වාර්තා වේ.

ජර්මනිය:

image
මස් ඇසුරුම් ස්ථානයක සේවකයන් අතර කොරෝනාවෛරසය පැතිරී යාමත් සමග එය වසා දමමින් අදාළ ප්‍රදේශයට සීමා පැනවීමට ජර්මානු අධිකරණය ලබා දුන් නියෝගයේ කාල සීමාව අවසන් වී තිබේ.

සීමාවන් නැවත වරක් එය දීර්ඝ කිරීමට විකල්පයක් තිබුණද, අධිකරණ නියෝගය අනුව එය බදාදා දිනෙන් අවසන් විය යුතුව ඇත.

කෙසේනමුත්, සීමා පැනවීම් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඊයේ (ජුනි 6) දින නැවත ජර්මානු රජයේ ඉහළ පෙළේ අධිකරණයක් නැවත සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ වෛරසය පැතිරීයාම ආරම්භයේ දී අදාළ ප්‍රදේශය වසා දැමීම "අසාධාරණ නොවන" නමුත් තත්වය පාලනය වී ඇත්තේ නම් නැවත එය මුළු ප්‍රදේශයටම බලපාන පරිදි දීර්ඝ කිරීම සිදු නොකළ යුතු බවය.

දකුණු අප්‍රිකාව:

දකුණු අප්‍රිකාවේ කොරෝනාවෛරස ආසාදිතයන් ගණන 200,000 පසු කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය ස්වේලි මඛයිස් කියා සිටින්නේ එරට පළාත් හතරක රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවය.

එරටින් දිනකට නව රෝගීන් දහස් ගණනක් වාර්තා වෙමින් පවතී.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ රට වසා දමා නොතිබුණේ නම් මීට වඩා විශාල ලෙස වෛරසය පැතිරී යාමක් සිදුවිය හැකි බවය.

කෙසේවෙතත්, දකුණු අප්‍රිකාව පැනවූ සීමාවන් අදියරෙන් අදියර ලිහිල් කරමින් සිටින අතර, මෙම සතියේ සමහර ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් නැවත විවෘත කිරීමට ද නියමිතය.

බෙල්ජියම:
යුරෝපා සංගමය නිවේදනය කළ "ආරක්ෂිත ලැයිස්තුවට" ඇතුළු වන යුරෝපීය නොවන රටවල් 15 සඳහා බෙල්ජියම තවමත් දේශසීමා විවෘත කිරීමට සූදානම් නොවන බව එරට රජය සඳුදා (ජුනි 6) තීරණය කළේය.
තවමත් දැඩි සීමා පැනවීම් ක්‍රියාත්මක වන රටවල සිට ආපසු පැමිණෙන සංචාරකයන්ට දින 14 ක් නිරෝධායනය වන ලෙස බෙල්ජියම දන්වා තිබේ.

යුරෝපා සංගමය නිවේදනය කළ "ආරක්ෂිත ලැයිස්තුවට" ඇතුළු වන යුරෝපීය නොවන රටවල් 15 සඳහා බෙල්ජියම තවමත් දේශසීමා විවෘත කිරීමට සූදානම් නොවන බව එරට රජය සඳුදා (ජුනි 6) තීරණය කළේය.

ඔස්ට්‍රේලියාව:

pa 51311704 webකොරෝනාවෛරස රෝගීන් සීඝ්‍රයෙන් වැඩිවීමත් සමග ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචිකරුවන් මිලියන පහකට සති හයක් නිවසේ රැඳී සිටින ලෙස එරට රජය දැනුම් දී තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව ආසාදිතයන් 191ක් වාර්තා වීමත් සමග මෙම තීරණයට එළැඹ ඇත.

අසල්වැසි නිව් සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියා දේශසීමා ද එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රියේදී වසා දැමුණි.

ඔස්ට්‍රේලියාවෙන් මේ වන විට කොරෝනාවෛරස රෝගීන් 9,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ 106 ක් වාර්තා වී තිබේ.


(BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්